වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

15 May, 2024   
වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

වාහනයකට යතුර කියන්නේ, හරියට engine එකට engine oil වගේ තමයි. ඉතින් එහෙම තියෙනකොට වාහනයේ යතුර නැති වෙලාවකත් වාහනය lock කරන්න ඕන නම් කොහොමද ඒක කරන්නේ. අනිවාර්යයෙන්ම ඒකටත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ යතුර ළඟ නැතුව වුණත් වාහනය lock කරන්න පුළුවන්. සමහර විට මේක කරන්නේ කොහොමද කියලා ඔබ දන්නවා ඇති. හැබැයි මේ ගැන නොදන්න අයට නම් මේ Article එක ගොඩක් වැදගත්. මොකද CarsGuide තුළින් අපි අද ඔබට කියන්නේ, වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරන්නෙ කොහොමද කියලා.

Car keys වර්ග මොනවද?

Car keys ගැන කතා කරනකොට, අපිට විවිධ වර්ගයේ keys බලා ගන්න පුළුවන්. ඒ අතර key fob, mechanical car key, remote car key, transponder car key, switchblade car key සහ valet car key තියෙනවා. මේ keys ගැන කතා කරනවා නම් ඉතින් වෙන වෙනම ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්.

Lock කරන විට යතුර වාහනය ඇතුළෙ නම්?

අපි අද කියන්න යන විදිහට වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරන්න පුළුවන්ද කියලා ඔබට try කරලා බලන්න පුළුවන්. හැබැයි ඉතින් බැරි වෙලා හරි යතුර වාහනය ඇතුළෙ තියලා lock කළොත් නම් වාහනය unlock කරන එක වෙනම කතන්දරයක්. ඒ නිසා කිසිම වෙලාවක යතුර වාහනය ඇතුළෙ තියලා lock කරන්න යන්න එපා. එතකොට වාහනය lock වෙනවද කියලා බලන්න කලින් යතුර තියෙන්නේ වෙන තැනක කියලා confirm කර ගන්න ඕනේ. හදිස්සියේ හරි යතුර තියෙන්නේ වාහනය ඇතුළෙ නම්, shutter එක open කරලා තියන්න වෙනවා.

යතුර ළඟ නැතුව වාහනය lock කරන්නේ කොහොමද?

Smart entry වාහනයක සහ mechanical key එකක් තියෙන වාහනයක යතුර ළඟ නැතුව වුණත් වාහනය lock කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට බලමු, smart entry facility එක තියෙන වාහනයක යතුර ළඟ නැතුව වාහනය lock කරන්නේ කොහොමද කියලා.

Smart entry facility එක තියෙන වාහනයක නම් යතුර වාහනය ඇතුළෙ තියෙන වෙලාවක අපිට වාහනය lock කරන්න බැහැ. ඒකට හේතුව තමයි ඒ වාහන වල තියෙන smart entry system එක. ඒ කියන්නේ යතුර වාහනය ඇතුළෙම තියලා door handle එකේ තියෙන button එක press කරලා lock කරන්න බැහැ. ඒ වෙලාවට යම් ශබ්දයකුත් එනවා.

හිතන්නකෝ ඔබ යතුර වාහනය ඇතුළෙ නැතුව වෙන තැනක තියලා කලින් විදිහටම door handle එකේ තියෙන button එක press කරනවා කියලා. ඒත් වාහනය lock වෙන්නේ නම් නැහැ. එතකොට ඔබට කරන්න තියෙන්නේ, driver side එකේ තියෙන central lock button එක press කරන එක. එහෙම කළාම වාහනයේ doors හතරම lock වෙනවා. එතනදි side mirrors fold වෙනවත් ඔබට දැක ගන්න පුළුවන්. දැන් ඔබ වාහනයේ door එක වහපු ගමන් නැවත වාහනයේ driver side එකේ දොර unlock වෙනවා. හැබැයි අනිත් doors තුනම lock වෙලා තමයි තියෙන්නේ.

Mechanical key එකක් තියෙන සමහර වාහන වල central lock button එක විතරක් press කරන අවස්ථා වල doors හතරම lock වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි යතුර වාහනය ඇතුළෙ තියලා මේ විදිහට lock කරන්න එපා කියන්නේ.

හැබැයි smart entry facility එක තියෙන වාහන වලත් අපිට doors හතරම lock කරන්නත් පුළුවන්. මුලින්ම central lock button එක press කරන්න. එතකොට doors හතරම lock වෙනවා. ඊට පස්සේ door එක වහනකොට door handle එක ඇරලා door එක වහන්න. අන්න එතකොට නම් doors හතරම lock වෙනවා. ඒක ඔබට confirm කර ගන්න පුළුවන්, side mirrors fold වෙලා තියෙනවා නම්. දැන් ඔබට වාහනය unlock කරන්න නම් යතුර වාහනය ඇතුළෙ නැතුව ළඟ තියෙන්න ඕනේ.

අපි අද කියපු විදිහට තමයි වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරන්නේ. මේ කතාව නොදැන හිටපු අයට නම් අද Article එක වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් ඔබත් අපි අද කියපු විදිහට යතුර ළඟ නැතුව වාහනය lock කරන්න try කරලා බලන්න. හැබැයි අමතක නොකර යතුර වාහනයේ නැතුව වෙන තැනක තියන්න. එහෙම නැති වුණොත් ඉතින් තවත් ප්‍රශ්නයක්. එහෙනම් තවත් මේ වගේ වැදගත් Article එකකින් හම්බ වෙමු.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Discovery 5 HSE 2017 for Sale

Land Rover Discovery 5 HSE 2017

83,000 km, Colombo
MEMBER
Rs 32,500,000
1 week ago
Toyota Premio 2013 for Sale

Toyota Premio 2013

220,000 km, Colombo
MEMBER
Rs 11,500,000
1 minute ago
Toyota Vitz KSP130 2018 for Sale

Toyota Vitz KSP130 2018

52,000 km, Colombo
MEMBER
Rs 8,190,000
1 month ago
Suzuki Alto 2015 for Sale

Suzuki Alto 2015

150,000 km, Colombo
MEMBER
Rs 3,850,000
3 weeks ago
Toyota Yaris X Grade Brand New 2025 for Sale

Toyota Yaris X Grade Brand New 2025

0 km, Gampaha
verified MEMBER
Rs 11,000,000
2 weeks ago
Auto Parts for saleikman logo
Toyota 0w20 engine oil 4l for Sale

Toyota 0w20 engine oil 4l

verified MEMBER
verified
Rs 13,900
1 week ago
Axio 161 Bonnet for Sale

Axio 161 Bonnet

verified MEMBER
verified
Rs 15,000
32 minutes ago
Honda CRV Door Pannel for Sale

Honda CRV Door Pannel

verified MEMBER
verified
Rs 25,000
35 minutes ago
Honda N Wagon Head Light for Sale

Honda N Wagon Head Light

verified MEMBER
verified
Rs 40,000
37 minutes ago
+ Post an ad on ikman