නිවැරදිව මාර්ගය හරහා යන්න ඉගෙනගමු

06 Mar, 2024   
නිවැරදිව මාර්ගය හරහා යන්න ඉගෙනගමු

වාහනයක් නිවැරදිව drive කරන්න දන්නේ නැති අයත් මේ කාලේ වාහන drive කරනවා. මේ හේතුව නිසා දිනපතා මාර්ග අනතුරු සුලභ වශයෙන් සිදු වෙනවා. ඔයා නිවැරදිව මාර්ගය හරහා වාහනයක් drive කරන්න දන්නවද? අද CarsGuide තුළින් අපි කියන්නේ නිවැරදිව මාර්ගය හරහා වාහනයක් drive කරන්නේ කොහොමද කියලා.

වාහනයක් පාරට දාන්න කලින් දැනගන්න ඕනේ දේවල්

අපි වාහනයක් පාරට දාන්න කලින් වාහනය පරික්ෂා කරන්න ඕනේ. වාහනය ගැන සැළකිලිමත් වෙන්නේ නැතුව වාහනයක් drive කළොත් මාර්ග අනතුරු වැඩි වශයෙන් සිදු වෙනවා. එහෙම නැතුව වාහනය පරික්ෂා කරලා වාහනය drive කළොත් මාර්ග අනතුරු අඩු කරගන්න අපිට පුළුවන්.
ඒ අනුව ඔයා වාහනය පාරට දාන්න කළින්,
– වාහනයේ ටයර් පරීක්ෂා කරන්න
– වාහනයේ oil පරික්ෂා කරන්න
– වාහනයේ සියලුම ආලෝකයන් සහ සංඥා ක්‍රියා කරන බව පරික්ෂා කරන්න
– වාහනයේ බැටරිය පරීක්ෂා කරන්න
අමතක කරන්න එපා.

අතුරු මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට

ඔයත් අතුරු මාර්ගයක වාහනය drive කරලා ප්‍රධාන මාර්ගයට වාහනය එකපාරටම දානවද?
මේ දේ නම් කරන්න එපා. මොකද වාහනයක් අතුරු මාර්ගයේ ඉදලා ප්‍රධාන මාර්ගයට දාද්දී අනුගමනය කරන්න ඕනේ පියවරක් තියෙනවා. අපි දැන් බලමු ඒ මොනවද කියලා.

අතුරු මාර්ගයක සිට දකුණු පැත්තට

අතුරු මාර්ගය ආරම්භක ස්ථානයේ ඇති “නවතිනු රේඛාව” ළඟින් අපි වාහනය නවතා ගන්න ඕනේ. දකුණු පැත්ත signal light දාලා ඔයා වාහනය දකුණු පැත්තට හරවන බව අනෙක් රියදුරන්ට දන්වන්න ඕනේ. ඊට පස්සේ අපි දකුණු පැත්ත, වම් පැත්ත වගේම side mirror වලින් බලලා වාහන නැති වෙලාවට වාහනය පාරට දාන්න ඕනේ. අපි වාහනය වම් මංතීරුවට දාන්නේ නැහැ. අපි දකුණු පැත්තටයි වාහනය දාන්න ඕනේ. අපි එහෙම කරන්න ඕනේ පාරේ එන වාහන වලට ඉඩ ලබා දෙන්න ඕනේ නිසයි.

අතුරු මාර්ගයක සිට වම් පැත්තට

අපි දැන් බලමු අතුරු මාර්ගයක සිට වාහනයක් ප්‍රධාන මාර්ගයට දාන්නේ කොහොමද කියලා. මුලින්ම කරන්න ඕනේ වම් පැත්තේ signal light දාන එක. ඊට පස්සේ වාහනය නවතිනු රේඛාව ළඟ නවත්වන්න ඕනේ. ප්‍රධාන මාර්ගයේ වාහන නැති නම් අපි ක්‍රමානුකුලව වාහනය ප්‍රධාන මාර්ගයට දාන්න ඕනේ. ඔයා අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට වාහනය දානවා නම් මුලින්ම දාන්න ඕනේ පාරේ වම් පැත්තටයි.

මේ දේවල් කරන්න එපා

ඔයා වාහනයක් drive කරද්දී කරන්න හොද නැති වැරදි තියෙනවා. අපි දැන් බලමු සමහරු drive කරද්දී සිදු කරන වැරදි මොනවාද කියලා.
– බීමතින් රිය පැදවීම
– Drive කරන විට ජංගම දුරකථන භාවිතය
– වේග සිමා වලට අවනත නොවීම
– වාහනයේ signal light නිසි පරිදි භාවිතා නොකිරීම
– මාර්ග නීති වලට අවනත නොවීම
මේ වැරදි සිදු කිරීම මගින් ඔයාගේ ජීවිතය වගේම පාරේ ගමන් කරන අනෙක් අයගෙත් ජිවිත අනතුරට පත් වෙනවා.

මේ විදිහට තමයි, නිවැරදිව මාර්ගය හරහා වාහනයක් drive කරන්න ඕනේ. දැන් ඔබටත් පුළුවන් CarsGuide අපි අද කියපු දේවල් හොඳින් වටහාගෙන නිවැරදිව මාර්ගය හරහා වාහනයක් drive කරන්න. ඉතින් මතක ඇතුව අපි අද කියපු steps අනිවාර්යයෙන්ම follow කරන්න. එහෙම වුණොත් ඔයාට රිය අනතුරු අඩු කරගන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Daihatsu Taft G Dark Chrome 2024 for Sale

Daihatsu Taft G Dark Chrome 2024

1,800 km, Gampaha
verified MEMBER
verified
Rs 8,950,000
2 days ago
Land Rover Range P400e 2018 for Sale

Land Rover Range P400e 2018

63,000 km, Anuradhapura
verified MEMBER
Rs 59,550,000
1 minute ago
BMW 740i M Sport 2014 for Sale

BMW 740i M Sport 2014

41,000 km, Gampaha
MEMBER
Rs 29,500,000
2 days ago
Mercedes Benz CLA 180 Convertable 2018 for Sale

Mercedes Benz CLA 180 Convertable 2018

55,000 km, Colombo
verified MEMBER
verified
Rs 26,900,000
4 minutes ago
Suzuki Alto 2017 for Sale

Suzuki Alto 2017

46,000 km, Colombo
MEMBER
Rs 5,650,000
3 days ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
2 weeks ago
Fit GP2 Head lamps for Sale

Fit GP2 Head lamps

verified MEMBER
Rs 35,000
27 minutes ago
Honda Fit Shuttle GP2 Bonnet for Sale

Honda Fit Shuttle GP2 Bonnet

verified MEMBER
Rs 40,000
27 minutes ago
Nissan Leaf AZEO-Bonnet for Sale

Nissan Leaf AZEO-Bonnet

verified MEMBER
Rs 45,000
27 minutes ago
Vezel RS Bonnet for Sale

Vezel RS Bonnet

verified MEMBER
Rs 75,000
28 minutes ago
+ Post an ad on ikman