The Art of petrol engines
The holy grail of engineering marvels is the internal combustion engines. The golden currency keeping this grail running is petroleum. In reality fuel is the name of the game. Most vehicles you find on the road strolling around these days use petroleum engines except with the use case of heavy vehicles. So what sets the petroleum engines apart and how exactly does it work?
What are the main parts of this petroleum wizardry?
– Cylinder Head
– Engine Block
– Crank
– Cams
– Suction Valve
– Spark plugs
– Cylinder
– Piston rod
– Piston
How exactly do these parts come together?
– A petrol engine works under 4 strokes.
– Suction stroke
– Compression stroke
– Power stroke
– Exhaust stroke
When the piston reaches the peak position it’s known as the top dead center and the other end of that is called the bottom dead center. The diameter of the piston matches up with the diameter of the cylinder ranging slightly smaller by the narrowest of margins allowing it to travel back and forth.
Suction Stroke
During the suction stroke the piston makes its way to the bottom dead center and along with that creates a vacuum within the top half of the chamber. With the exhaust valves closed the only valves that are open are the valves releasing the Air and gas mixture to the combustion chamber.
Compression stroke
As the piston hits bottom dead center it moves back into position to the top center position reaching maximum compression of the combustible gasses and fuel present within the top half of the cylinder. During this process, both the exhaust valves and the suction valves are closed up.
Power stroke
This is the showman out of the four strokes. At their peak with the air fuel mixture compressed a spark is introduced in order to create combustion, Which sends the piston right back to the bottom dead center.This is the main event which produces energy to run the vehicle. Literally speaking your combustible gas emits higher pressures that send the piston back into bottom center position.
Exhaust blow
This is where your end products are excreted. The piston travels back up into top dead center and during this process the burnt fuel and gasses are excreted to the exhaust valves which are open.
This is how things go about in your petrol engine,The smaller more aggressive brother to diesel engines.You’ve used this your entire life and now you’re beginning to wonder how things really worked out beneath the hood.So let your friends and fellow drivers be aware of what’s actually going on underneath their hood.
පෙට්‍රල් engine එකක් කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවද? පෙට්‍රල් මත ක්‍රියා කරන්න design කරලා තියෙන internal combustion engine එකක් තමයි, පෙට්‍රල් engine එකක් කියන්නේ. පෙට්‍රල් engine වලට ගොඩක් වෙලාවට පෙට්‍රෝලියම් වායුව සහ එතනෝල් මිශ්‍ර ඉන්ධන මත ක්‍රියා කරන්න adapt වෙන්න පුළුවන්. ඇත්තටම මොනවද පෙට්‍රල් engine එකක තියෙන්නේ. ඒකෙ ක්‍රියාකාරීත්වය මොන වගේද? අද ඔබට ඒ ගැන දැන ගන්න පුළුවන්. මොකද CarsGuide අපි අද ඔබට කියන්නේ, මේ පෙට්‍රල් engine එක ගැන.
පෙට්‍රල් engine එකේ ප්‍රධාන කොටස් මොනවද?
– Cylinder Head
– Engine Block
– Crank
– Cams
– Suction Valve
– Spark plugs
– Cylinder
– Piston rod
– Piston
පෙට්‍රල් engine එකක ක්‍රියාකාරීත්වය මොන වගේද?
පෙට්‍රල් engine එකක් stroke හතරකින් සමන්විත වෙනවා.
– Suction stroke (චූෂණ පහර)
– Compression stroke (සම්පීඩන පහර)
– Power stroke (බල පහර)
– Exhaust blow (පිටාර පහර)
Piston එකේ උඩු මුහුණත ඉහළට ගමන් කරන උපරිම පිහිටුමට කියන්නේ මුදුන් සීමාව (Top Dead Center) කියලා. එතකොට piston එකේ උඩු මුහුණත ගමන් කරන පහළම සීමාව යට සීමාව (Bottom Dead Center) කියලා හඳුන්වනවා. මුදුන් සීමාවට ඉහළින් cylinder එකේ සංවෘත මුහුණතින් සීමා වෙන පරිමාව, හඳුන්වන්නේ දහන කුටීර පරිමාව කියලා. ඊළඟට මුදුන් සීමාව සහ යටි සීමාව අතර තියෙන cylinder එකේ පරිමාව, පිසදමන පරිමාව කියලා හඳුන්වනවා.
Suction stroke (චූෂණ පහර)
Suction stroke එක ආරම්භයේදී suction valve එක විවෘත වන අතර exhaust valve එක වැහිලා තියෙනවා. මේ stroke එකේදී piston එක මුදුන් සීමාවේ ඉඳලා යටි සීමාව දක්වා move වෙනවා. එතනදි චූෂණ කවුළුව තුළින් suction valve එක හරහා gasoline air mixture එක cylinder එක තුළට ඇදිලා එනවා. Piston එක යටි සීමාවට එනකොට cylinder එක gasoline air mixture එකෙන් පිරිලා තමයි තියෙන්නේ. මේ විදිහට gasoline air mixture එක cylinder එක තුළට ඇද ගනිමින් piston එක මුදුන් සීමාවේ ඉඳලා යටි සීමාව දක්වා ගමන් කිරීම තමයි චූෂණ පහර කියන්නේ.
Compression stroke (සම්පීඩන පහර)
යටි සීමාවට එන piston එක දඟරකඳ rotate වීම හේතුවෙන් නැවතත් ඉහළට move වෙන්න පටන් ගන්නවා. මෙතනදි exhaust valve එක සහ suction valve කියන දෙකම වැහිලා තියෙන්නේ. Piston එක මඟින් cylinder එක තුළ තියෙන gasoline air mixture එක compress කරනවා. අන්න එතනදි දහන කුටීරය තුළ pressure එක ඉහළ යනවා. මේ විදිහට gasoline air mixture එක compress කරමින් piston එක යටි සීමාවේ ඉඳලා මුදුන් සීමාව වෙනකන් ගමන් කිරීම තමයි, compression stroke නැත්නම් සම්පීඩන පහර වෙන්නේ.
Power stroke (බල පහර)
Power stroke එකේදිත්, compression stroke එකේ වගේම exhaust valve එක සහ suction valve දෙකම වැහිලා තියෙන්නේ. Compression stroke එක අවසාන වෙන්න මොහොතකට කලින් cylinder එක තුළට යොමු වන විදිහට සවි කරලා තියෙන spark plug එක මඟින් spark එකක් නිකුත් කරනවා. මේ මඟින් combustion chamber නැත්නම් දහන කුටීරය තුළ තියෙන අධික උෂ්ණත්වයකින් යුත් සම්පීඩිත පෙට්‍රල් වායු මිශ්‍රණය burn වෙනවා. එතනදි ඇති වෙන high air pressure එක මඟින් piston එක මත තෙරපුමක් ඇති කරලා piston එක මුදුන් සීමාවේ ඉඳලා යටි සීමාව දක්වා ගමන් කරවනවා. මේක තමයි power stroke නැත්නම් බල පහර ලෙස හඳුන්වන්නේ. මේ power stroke එක මඟින් අනිත් stroke තුන සඳහා අවශ්‍ය කරන energy එක දඟරකඳ හරහා ජව රෝදය වෙත ලබා දෙනවා.
Exhaust blow (පිටාර පහර)
Power stroke එක අවසානයේ යටි සීමාව වෙත පැමිණෙන piston එක නැවත ඉහළට ගමන් කරන්න පටන් ගන්නවා. මෙතනදි කලින් වගේ නෙවෙයි, suction එක විතරයි වැහිලා තියෙන්නේ. හැබැයි exhaust valve එක විවෘත වෙලා, piston එක ඉහළට move වීම මඟින් cylinder එක තුළ තියෙන burn වුණු gasoline air mixture එක exhaust valves හරහා බාහිර පරිසරයට මුදා හරිනවා. ඒ විදිහට burn වුණු air එක පිටතට තල්ලු කරමින් piston එක යටි සීමාවේ ඉඳලා මුදුන් සීමාව දක්වා ගමන් කරනවා. ඒකට කියන්නේ, exhaust blow නැත්නම් පිටාර පහර කියලා.
මෙන්න මේ විදිහට තමයි පෙට්‍රල් engine එකේ වැඩ සිද්ධ වෙන්නේ. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් engine එකක් ගැන දැන ගන්න එක ඒ තරම්ම වැදගත් නෑනෙ කියලා. හැබැයි එහෙම නැහැ. මොකද වාහනයක් drive කරනකොට, වාහනයට අවශ්‍යම වෙන engine එක ගැනත් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.
Man hithanawa meka hoda deyakkiyala mewage dewal aperatatami godak wahinawai