AC පද්ධතියේ කොටස්

28 Jun, 2023   
AC පද්ධතියේ කොටස්

AC එක දාගෙන වාහනේ සැප පහසුවට යන එක කාගෙත් හීනයක්. ඔබට ඕනෙ වෙලාවට මුළු වාහනේම cool කර ගන්න පුළුවන්. හිතන්නකො වාහනේම cool කරන්න, මේ AC පද්ධතිය ඇතුළෙ මොන මොනවා තියෙනවා ඇත්ද, ඒවා කොහොම වැඩ කරනවා ඇත්ද? ඔබට අද Carsguide.lk තුළින් දැන ගන්න පුළුවන්, AC එක පිටුපස වෙන, ඔබ නොදුටු ක්‍රියාවලිය ගැන.

“AC” vehicle එකට නැගපු ගමන් ඔබට මතක් වෙන්නෙ, මේක. හරියට family එකේ කෙනෙක් වගේ. හැබැයි ඔබ දන්නවද, AC එක කොහොමද ඔබට අවශ්‍ය cool එක දෙන්නෙ කියලා? උත්තරේ “නෑ” මොකද ඒ දේවල් තමන්ට වැදගත් නෑ කියලා තමයි ඔබ හිතන් ඉන්නෙ. හැබැයි ඉතින් නිතර දෙවේලෙ පාවිච්චි කරන AC එක ගැනත් ටිකක් දැනගත්තොත් හොඳයි නේද? ඒ නිසා අපි හිතුවා, අද CarsGuide තුළින් AC පද්ධතියේ කොටස් ගැන ඔබට කියන්න.

AC පද්ධතියේ ප්‍රධාන අරමුණු මොනවද?

වාහනය තුළට ඇතුළු වන වාතයේ තෙතමනය ඉවත් කර, වාතය cool කරන එක තමයි, AC පද්ධතියක ප්‍රධාන අරමුණ. AC පද්ධතියේ ප්‍රධාන කොටස් තුනක් තිබෙනවා.
ඒ තමයි, ශීතකරණ පද්ධතිය, වායු සංසරණ පද්ධතිය සහ බෙදාහැරීමේ පද්ධතිය. ශීතකරණ පද්ධතිය මඟින් වාතය cool කරන අතර වායු සංසරණ පද්ධතිය මඟින් මෙම cool වුණු වාතය වාහනය තුළ සංසරණය කරනවා. සංසරණ පද්ධතියට blower, air duct ආදිය ඇතුළත් වෙනවා.

AC පද්ධතියේ පොදු කොටස්

  • Compressor (සම්පීඩකය)
  • Condenser
  • Thermal Expansion Valve (තාප විස්තාරණ කපාටය) සහ Orifice Tube
  • Evaporator (වාෂ්පකාරකය)
  • Receiver / Dryer (ග්‍රාහකය / වියලනය) සහ Accumulator (සමුච්චකය)
  • Refrigerant (ශීතකාරක)
  • Pressure Regulating Devices (පීඩන නියාමක උපාංග)

Compressor (සම්පීඩකය)

AC පද්ධතියේ හදවත තමයි, compressor එක. මේ Compressor එක මත තමයි cool එක රඳා පවතින්නෙ.
compressor එකේ ප්‍රධාන කාර්යයන්:

  • වාතය cool කිරීමට ශීතකරණයට පීඩනය යෙදීම.
  • Vehicle එක තුළ සහ පිටත උෂ්ණත්ව වෙනස්වීම් දැනීම.
  • උෂ්ණත්ව නිමැවුම් අධීක්ෂණය සහ control කිරීම.
  • Condenser වෙත වාතය ගමන් කරවීම.

Condenser

වාහනයේ AC Condenser එක, සාමාන්‍යයෙන් radiator එකේ ඉදිරිපස පිහිටා තිබෙන අතර කුඩා radiator එක ලෙසත් මෙය හඳුන්වනවා. ඝනීභවනය සපයන බැවින් compressor එකට පසුව භාවිතා කරනවා. Refrigerant මත පීඩනය යෙදෙන විට සිසිලනකාරකය මඟින් එයින් එන උණුසුම් වායුවල උෂ්ණත්වය සහ පීඩනය අඩු කිරීමට ක්‍රියා කරන්නෙ condenser එක. මීට අමතරව සිසිලන දියර ශීතකාරක receiver / dryer හෝ accumulator වෙත ගෙන යන්නත් condenser එක වග කියන්න ඕනෙ.

Thermal Expansion Valve සහ Orifice Tube

Orifice tube එක condenser සහ evaporator අතර පිහිටා තිබෙනවා. ඔවුන් එක්ව AC පද්ධතියේ පීඩනය සහ උෂ්ණත්වය නිරීක්ෂණය කරන අතර ආරක්ෂිතව evaporator තුළට යා හැකි ශීතකාරක නියම ප්‍රමාණය ගණනය කරනවා. Orifice tube කියන්නෙ, වැඩිදුර ක්‍රියාවලිය සඳහා වාෂ්පීකරණයට යැවීමට පෙර සිසිලනකාරකයේ පීඩනය මුදා හැරීම සඳහා condenser විසින් යවන ලද අධි පීඩන හා අඩු උෂ්ණත්ව ද්‍රව ශීතකාරකය පුළුල් කරන්න වාහන වල AC පද්ධතියේ භාවිතා කරන උපකරණයක්.

ඔබේ අවශ්‍යතාව අනුව dashboard එකේ තිබෙන knob එක සකස් කිරීමෙන් උෂ්ණත්වය වෙනස් කිරීමට හැකිවන පරිදි වාහන වල thermal expansion valve භාවිතා වෙනවා. එය වාහනයේ dashboard එක මත AC vent එක පිටුපස පිහිටා තිබෙනවා.

Evaporator

Evaporator එකේ මූලිකම duty එක වෙන්නෙ vehicle එක තුළ ඇති තාපය ඉවත් කිරීම. ඒ වගේම තෙතමනය ඉවත් කරන්නෙත් evaporator එකම තමයි. උණුසුම් වාතය cool evaporator දඟරයේ Aluminum fins හරහා ගමන් කරන විට, වාතයේ අඩංගු තෙතමනය එහි මතුපිට ඝනීභවනය වෙනවා. ඉතින් cool refresh වාතය ලබාගන්න නම් ඉතා වැදගත් වන තවත් කොටසක් විදියට evaporator එක හඳුන්වන්න පුළුවන්. මේක තියෙන්නෙ වාහනයේ dashboard එක පිටුපස.

Receiver / Dryer සහ Accumulator

Accumulator සහ Receiver / Dryer සමාන නමුත් තරමක් වෙනස් කාර්යයන් ඉටු කරනවා. Accumulator යනු, ලෝහ සිලින්ඩරයක්. මේක receiver / dryer එකකට වඩා සැළකිය යුතු තරම් විශාලයි.

Dryer හෝ Accumulator තිබේද නැද්ද යන්න රඳා පවතින්නෙ, ඔබේ වාහනයේ model එක මත. තාප ප්‍රසාරණ කපාටයක් ඇති වාහන වල receiver / dryer පවතිනවා. අනෙක් අතට orific tube එකක් ඇති වාහන වල accumulator දක්නට ලැබෙනවා.

Receiver / Dryer යන Machines වල desiccant නම් ද්‍රව්‍ය අඩංගු වෙනවා. නිෂ්පාදනයේදී, එකලස් කිරීමේදී හෝ සේවය කිරීමේදී AC පද්ධතිය තුළට ඇතුළු වී තිබිය හැකි තෙතමනය (ජලය) අවශෝෂණය කිරීමට desiccant භාවිතා කරනවා. ද්‍රවයෙන් වායුව වෙන් කරන්න receiver / dryer ක්‍රියා කරනවා. කිසියම් ද්‍රවයක් ඇතුළු වුණොත්, compressor එක විනාශ වෙන්න පුළුවන්. මොකද compressor එකක් හදලා තියෙන්නෙ ද්‍රව සඳහා නොව වායූන් සම්පීඩනය කරන්න විතරයි.

Evaporator ට ඇතුළු වන ශීතකාරක ප්‍රමාණය නිරීක්ෂණය කිරීම සහ එය control කිරීම සඳහා වග කියන්නෙ, accumulator එක. එය අතිරික්ත ශීතකාරක ගබඩා කරන අතර සුන්බුන් පෙරීම සහ තෙතමනය ඉවත් කරනවා. මේ විදියට Accumulator එකේ මූලික කාර්යය වෙන්නෙ, වාෂ්පකාරකයෙන් පිටවන දියර ශීතකාරක ගබඩා කිරීම, එය compressor වෙත ළඟා වීම වැළක්වීමයි.

Refrigerant

මේක තාපය හුවමාරු වෙන මාධ්‍යයක් ලෙස AC පද්ධතියේ භාවිතා වන ඉතා අඩු තාපාංකයක් සහිත තාප සංවේදී තරලයක් වෙනවා.

Pressure Regulating Devices

වාෂ්පීකරණ උෂ්ණත්වය control කිරීම, ශීතකාරක පීඩනය control කිරීම සහ වාෂ්පකාරකය තුළට ගලා යාම සිදු කරන්න, Pressure Regulating Devices වලට හැකියාව තිබෙනවා.

ඉතින් මේ තමයි AC පද්ධතියේ තියෙන කොටස්. මේ කොටස් වල කාර්යයන් සියල්ලම එකතු වෙලා තමයි AC එකෙන් අපේ රස්නෙ, cool කරන්නෙ. නිතර දෙවේලෙ පාවිච්චි කරන වාහනේ AC එක ගැන, අපි අද කියපු දේවල් ගැනත් ඔබ දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda N-Box 2015 for Sale

Honda N-Box 2015

46,000 km, Colombo
verified MEMBER
verified
Rs 7,000,000
3 minutes ago
Nissan Double cab D22 Japanese 2011 for Sale

Nissan Double cab D22 Japanese 2011

210,000 km, Colombo
MEMBER
Rs 8,200,000
5 days ago
Land Rover Discovery 5 HSE DYNAMIC PACK 2019 for Sale

Land Rover Discovery 5 HSE DYNAMIC PACK 2019

39,000 km, Colombo
verified MEMBER
verified
Rs 53,500,000
5 minutes ago
Nissan Bluebird Sylphy Auto 1999 for Sale

Nissan Bluebird Sylphy Auto 1999

100,000 km, Gampaha
MEMBER
Rs 2,495,000
1 week ago
Toyota Tank Xs 2017 for Sale

Toyota Tank Xs 2017

93,500 km, Colombo
verified MEMBER
verified
Rs 8,150,000
7 minutes ago
Auto Parts for saleikman logo
Toyota Axio 141 Japan Kyb Shock (Rear) for Sale

Toyota Axio 141 Japan Kyb Shock (Rear)

verified MEMBER
verified
Rs 26,530
3 minutes ago
Suzuki Swift 2007 (Front Bumper) for Sale

Suzuki Swift 2007 (Front Bumper)

verified MEMBER
verified
Rs 18,500
1 month ago
Wagon R Stignray Shock Absorber Japan Kyb for Sale

Wagon R Stignray Shock Absorber Japan Kyb

verified MEMBER
verified
Rs 18,970
1 month ago
Tyre 185/55 /16 for Sale

Tyre 185/55 /16

verified MEMBER
Rs 5,000
3 weeks ago
+ Post an ad on ikman