වාහනයක් නිත්‍යානුකුලව modify කරන්නේ කොහොමද?

28 Jun, 2023   
වාහනයක් නිත්‍යානුකුලව modify කරන්නේ කොහොමද?

හැමෝම කියන විදියට ඇත්තටම වාහනයක් කියන්නෙ, අපිට තියෙන හීනයක් විතරමද? නැහැ. වාහනයක් හැමෝගෙම ආරක්ෂාව තහවුරු කරන්න ඕනෙ. හැබැයි modification කරන එකෙන් ඒ කියන ආරක්ෂාව තහවුරු වෙනවද? එක පැත්තකින් modification කියන්නෙ Art එකක්. අනෙක් පැත්තෙන් modifications වලට science එකක් තියෙනවා. ඒ වගේම සමහරු modification ගැන හිතෙන හිතෙන කතා කියනවා. ඇත්තටම වාහනයක් modification කරන එක අනිත් අයට ප්‍රශ්නයක්ද? වාහනයක් modification කරන්න, නීතියෙන් අවසර ඕනෙද? Modification ගැන ඔබට තියෙන ප්‍රශ්න වලට හරිම උත්තරේ අද CarsGuide තුළින් අපි ඔබට කියනවා.

වාහනයක සිදු කළ හැකි modifications මොනවද?

වාහනයක සිදු කළ හැකි modifications ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි, External modifications සහ Internal modifications. මේ modifications දෙක යටතේ තමයි, වාහනයේ උපරිම performance ගැනීමට සහ, වාහනයේ look එක change කිරීමට හැම වෙනසක්ම කරන්නෙ. අපි මුලින්ම බලමු, වාහනයේ උපරිම performance ගැනීමට සහ look එක change කිරීමට වාහනය තුළ සහ පිටත සිදු කරන්න පුළුවන් modifications කිහිපයක්.

  • Engine or mechanical modifications
  • Bodywork modifications
  • Wheels and alloys upgrades
  • Cosmetic changes
  • Number plates
  • Exhaust modifications
  • Sound & entertainment upgrades

වාහනය modification කිරීමෙන් ලැබෙන වාසි

අමතර ආරක්ෂාව

ඔබ වාහනයට එකතු කරන අමතර විශේෂාංග වලින් ඔබේ වාහනයට හානි වීමකදී හෝ බිඳ වැටීමකදී ඇති වන බලපෑම අඩු කරනවා. එමඟින් අමතර ස්ථාවරත්වයක් වාහනයට ලැබෙනවා.

වැඩිදියුණු කළ පෙනුම

මුලින්ම හැමෝගෙම ඇස් යන්නෙ වාහනේ body එකට. ඒ නිසා modification වලින් ඔබේ වාහනයට අලුත් පෙනුමක් ලබාගන්න පුළුවන්.

Modifications වලින් වාහනයට මොනවා හරි වෙයිද?

ඕනෙම වාහනයක් හදලා තියෙන්නෙ, යම් කිසි මූලාකෘතියකට අනුව. ඔබ වාහනයේ උපරිම performance බලාපොරොත්තුවෙන් කරන සමහර modifications වලින් කරන්නෙ ඒ සම්පූර්ණ ආකෘතියම වෙනස් කරන එක. ඉතින් ඒ වෙනස් වීම, ඇත්තටම වාහනයට එක එක විදියට බලපානවා. හැබැයි වාහනයේ look එක change කිරීමට, ඔබ සිදු කරන modifications වලින් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නෑ.

Performance type modifications වලින් වාහනයට වන බලපෑම්

  • විශාල එන්ජිමකට upgrade කිරීම, වාහනයක් වේගයෙන් ධාවනය කරන අතර අනතුරකට පත් වීමේ ඉඩකඩ වැඩි කරනවා.
  • Fuel efficiency එක අඩු කරනවා.
  • Aerodynamic වලට කෙළින්ම බලපෑම් ඇති කරනවා.

වාහනයක් modify කරන්න නීතියෙන් අවසර ඕනෙමද?

සමහරු කියනවා වාහනයක් modify කරන්න, නීතියෙන් අවසර ඕනෙ කියලා. තවත් සමහරු කියනවා වාහනයක් modify කරන්න නීතියෙන් අවසර අවශ්‍ය නෑ කියලා. කවුරු කිව්වත් මේ දෙකම ඇත්ත. සමහර modification කරන්න නීතියෙන් අවසර ඕන්නෑ, හැබැයි සමහර modification කරන්න නීතියෙන් අවසර ඕනෙ. දැන් අපි බලමු, නීතියෙන් තොරව වගේම නීතියේ අවසර ඇතුව කරන්න පුළුවන් modifications මොනවද කියලා.

නීතියක් නැති modification

වාහනයක look එක change කිරීමට සිදු කරන modification තමයි මේ යටතට වැටෙන්නෙ. වාහන අලංකාර කිරීමට කරන චිත්‍ර ඇඳීම, seat covers දැමීම, floor mats වෙනස් කිරීම වගේ දේවල් කරන්න පූර්ව අවසරයක් ඔබට හිමි වෙනවා. මේ වගේ දේවල් වලින් වාහනේ යන අයටවත්, පාරේ යන එන අයටවත් හානියක් හෝ අනතුරක් නැති නිසා මේ වගේ modifications වලට විශේෂ අවසරයක් තිබීම අනවශ්‍යයි. සමහරු කියන්නෙ, මේ දේවල් කරන්න බැහැ කියලා. නමුත් මේ හැමදේම නීත්‍යානුකූලයි. ඒ නිසා ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වාහනේ look එක වෙනස් කරන්න, ලස්සන කරන්න ඔබට කිසිම තහනමක් නෑ.

ඒ වගේම ධාවනයට හෝ මගීන්ට හානියක් නොවන අංග උපාංග වාහන වලට සවි කළා කියලා කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ වගේ කාටවත් අනතුරක් ඇති නොවෙන modification කරන්න ඔබට ඕනෙ තරම් නිදහස තියෙනවා.

නීතියට කරන්න ඕනෙ modification

මේ යටතට වැටෙන්නෙ, වාහනයක උපරිම performance ගන්න කියලා කරන modification. යම් ප්‍රමාණයකට හෝ ධාවනයට, මගීන්ට හානියක්, අනතුරක් ඇති කොටස් වලට අවසර ලැබෙන්නෑ.

උදාහරණයක් විදියට engine or mechanical modifications වලදි විශාල එන්ජිමකට මාරු කිරීම නිසා වාහනය වේගයෙන් ධාවනය වෙනවා. මේකෙදි අනතුරකට පත් වීමේ ඉඩ ගොඩාක් වැඩියි. ඒ නිසා එහිදී අනිවාර්යයෙන්ම නීතියෙන් අවසර ගන්න ඕනෙ.

ඉතින් ඔබත් ඔබේ වාහනේ modify කළාට කමක් නෑ. හැබැයි ඒකෙන් ඔබට හෝ පාරෙ යන එන අයට හෝ පුංචිම හරි හානියක්, අනතුරක් ඇති වෙනවා නම්, ඒ modification එක කරන්න එපා. ඒක තමයි ඔබේත්, වාහනයේත්, අන් අයගෙත් ආරක්ෂාවට තියෙන හොඳම සහතිකය.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux Rocco GR Sport 2025 for Sale

Toyota Hilux Rocco GR Sport 2025

0 km, Gampaha
verified MEMBER
verified
Rs 32,500,000
1 week ago
Austin Mini Cooper 2011 for Sale

Austin Mini Cooper 2011

107,500 km, Colombo
MEMBER
Rs 12,500,000
27 minutes ago
Toyota Corolla 1993 for Sale

Toyota Corolla 1993

250,000 km, Kandy
MEMBER
Rs 2,995,000
27 minutes ago
Toyota Hilux Rocco B5 2020 for Sale

Toyota Hilux Rocco B5 2020

59,500 km, Gampaha
verified MEMBER
verified
Rs 24,750,000
28 minutes ago
Toyota Premio 260 G Superior 2020 for Sale

Toyota Premio 260 G Superior 2020

53,500 km, Gampaha
verified MEMBER
verified
Rs 17,750,000
29 minutes ago
Auto Parts for saleikman logo
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
4 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
5 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
5 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
5 hours ago
+ Post an ad on ikman