Highway එකේ හරියටම වාහනයක් drive කරන්නේ කොහොමද?

24 Jul, 2023   
Highway එකේ හරියටම වාහනයක් drive කරන්නේ කොහොමද?

ළඟදි Highway එකේ එහෙම ගියාද? දුර ගමනක් යන්න set වුණොත් නං, ගමන ඉක්මන් කර ගන්න Highway එකේනෙ යන්නෙ. ඒ ඇරෙන්න බොහෝ දෙනා සාමාන්‍යයෙන් තමන්ගෙ ගමන් බිමන් යන්නෙ Highway එකේ. මොකද Highway එකේ යනකොට, කාලෙ ඉතිරි වෙනවා වගේම traffic ප්‍රශ්නත් නැති තරම්. ඒ නිසා අනිවාර්යයෙන්ම Highway එකේ වාහනයක් drive කරන විදිය ගැන දැනගෙන ඉන්න එක වැදගත්. ඔබ වාහනයක් ගන්න ඉන්න කෙනෙක් වුණත්, ළඟදි වාහනයක් ගත්තු කෙනෙක් වුණත් නැත්නම් වාහනයක් තියෙන කෙනෙක් වුණත් මේ ගැන දැනගෙන ඉන්න ඕනෙ. ඉතින් ඔය කාට කාටත් දැන ගන්න, CarsGuide අපි හිතුවා, Highway එකේ හරියටම වාහනයක් drive කරන්නෙ කොහොමද කියලා step by step ඔබට කියන්න.

Highway එකට ඇතුළු වෙන්නෙ කොහොමද?

Highway එකට පිවිසෙනකොට ඔබට ticket එකක් හම්බ වෙනවා. ඒක Highway එකෙන් Exit වෙනකම්ම පරිස්සම් කරලා තියාගන්න. ගමන් කළ යුතු දිශාව, මාර්ග දිශා පුවරුව තුළින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියෙන් ඇති නගරයේ Exit එකට තියෙන km ගණනත් දර්ශන පුවරු මඟින් ඔබට බලා ගන්න පුළුවන්.
Highway එකේ යන්න පුළුවන් උපරිම වේගය 100 km/h යි. ඊට වඩා වැඩි වේගයකින් වාහනේ drive කළොත් එහෙම ඔබට සිද්ධ වෙනවා, පොලීසියේ දඩ කොළයකට යටත් වෙන්න.

Highway එකේ drive කරන්නෙ කොහොමද?

මතක ඇතුව seat belt නිසිලෙස පැළඳ ගන්න. ඒක නම් Highway එකේදි විතරක් නෙවෙයි, Normal Root එකේ යනකොටත් අනිවාර්යයෙන් කරන්න. අනිත් එක තමයි, Highway එකේ යනකොට, phone එක නම් පැත්තකට කරලා තියන්න. මොකද ඔබේ මුළු focus එකම තියෙන්න ඕනෙ ඔබේ root එකට.
අපි දැන් වෙන වෙනම බලමු කොහොමද Highway එකේ drive කරන්නෙ කියලා.

Highway එකේ තියෙන Lanes මොනවද?

Highway එකේ වම්පස සහ දකුණුපස ලෙස lane දෙකක් තියෙනවා. වම්පස තියෙන lanes එක භාවිතා කරන්නෙ, ඉදිරියට යන්න. තවත් වාහනයක් overtake කරන්න තමයි දකුණුපස lane එක භාවිතා කරන්නෙ.
Highway එකේ drive කරනකොට එකම lane එකේ යන්න බෑනෙ. Lane එක මාරු කරන්න වෙනවා. තවත් වාහනයක් overtake කරන එක, overtake කළාට පස්සෙ නැවත මුල් lane එකටම යන එක, ඒ වගේ අවස්ථා වෙනවා. මොනම හේතුවක් නිසාවත් වැරදි lane එකේ

යන්න එපා. ඔබට යන lane එක වෙනස් කරන්න අවශ්‍ය නම්, සුදුසු signal light භාවිතා කරන්න. ඒ වගේම වේගය ගැන අවධානෙන් ඉන්න ඕනෙ.

වාහන අතර තිබිය යුතු දුර

Highway එකේ drive කරනකොට ඔබේ වාහනය සහ Highway එකේ යන අනිත් වාහන අතර වැඩි දුරක් තියා ගන්න ඕනෙ. හිතන්නකො ඔබේ වාහනෙයි, ඉදිරියෙන් යන වාහනෙයි අතර වැඩි පරතරයක් නෑ කියලා. එතකොට හදිසියේ හරි ඉදිරියෙන් යන වාහනේ brake කළොත් එක පිට එක වාහන අනතුරට ලක් වෙන්න පුළුවන්.ඒත් ආරක්‍ෂිත දුර ප්‍රමාණයක් තියා ගත්තොත් ඔබට brake ගැසීමට හෝ අනිත් වාහන සමඟ ගැටීම වළක්වා ගැනීමට ප්‍රමාණවත් කාලයක් තියෙනවා. ඒ නිසා නිතරම ඉදිරියෙන් යන වාහනේට වඩා සැළකිය යුතු දුරකින් ඔබේ වාහනේ තියා ගන්න.

Overtake කරන්නෙ කොහොමද?

Highway එකේ drive කරනකොට, තවත් එක වැදගත් අවස්ථාවක් තමයි, අනිත් වාහන overtake කරන එක. Overtake කරන්න භාවිතා කරන්නෙ දකුණු පස lane එකනෙ. මුලින්ම දකුණු පසට signal යොමු කරලා, දකුණු පැත්තෙ side mirror එකෙන්, පිටුපසින් වාහන තියෙනවද කියලා පරීක්ෂා කරන්න. ළඟ වාහන නැත්නම් ඉදිරියෙන් යන වාහනේට වඩා වැඩි වේගයකින් ඒ වාහනය overtake කරන්න. Overtake කළාට පස්සෙ නැවත වම් පස lane එකට යන්න ඕනෙ. ඒකට වම් පසට signal යොමු කරලා, වම් පැත්තෙ side mirror එකෙන්, පිටුපස වාහන පරීක්ෂා කරන්න. ඊට පස්සෙ වම් පස lane එකට වාහනේ ගන්න.

Signal දාන්නෙ ඇයි?

Highway එකේ යන අනිත් වාහන වල movements ගැන ඔබ දැනුවත් වෙන්න ඕන වගේම, ඔබේ වාහනයේ movements ගැනත් අනිත් drivers ලා දැනුවත් කිරීම ගොඩක් වැදගත්. ඒකට තමයි ඔබ signal light use කරන්න ඕනෙ.
Lane එක වෙනස් කිරීමේදී, හදිස්සියේ brake ගැසීමට අවශ්‍ය වන හැරවුමක් හෝ බාධාවක් දුටුවොත් නවත්වන්න කලින් වේගය අඩු කරන්න පටන් ගන්න.

Mirrors බලන්න

වාහනයේ තියෙන mirrors නිරන්තරයෙන් පරීක්ෂා කරන්න. ඒ වගේම Drive කරනකොට වාහනේ mirrors දිහා බලන එක පුරුද්දක් කර ගන්න. වාහනයක් overtake කරනකොට සහ lane එක වෙනස් කරනකොට මුලින්ම කරන්න ඕනෙ, පිටු පසින් වාහනයක් එනවද කියලා බලන එක. ඒකට ඔබට side mirrors භාවිතා කරන්න පුළුවන්.

වැස්සෙ Drive කරන්නෙ කොහොමද?

යන්න තියෙන හදිසිම ගමන ප්‍රමාද නොවී යන්න කියලා හිතාගෙන Highway එකේ යනකොට, නොහිතපු විදියට මහා වැස්සක් කඩං වැටුණොත් කොහොමද? ගමනට නම් ටිකක් ප්‍රමාද වෙයි. හැබැයි කොච්චර හදිසි ගමනක් වුණත් කලබල වෙලා drive කරන්න යන්න එපා. කතාවකුත් තියෙන්නෙ, කලබලේට කොරොස් කටෙත් අත දාන්න බැහැ කියලා. වහින වෙලාවකදි හරි, වැස්සට පස්සෙ හරි මාර්ගය තෙත් වෙලා තියෙන නිසා ටයර් grip වෙන එක අපහසු වෙනවා වගේම, වාහනය පාරෙන් ඉවතට පනින්න ඉඩ තියෙනවා. ඒ නිසා එක තැන brake දැමීමෙන් වළකින්න. ලොකු වැස්සක් වහින වෙලාවට නම්, දවල් කාලයේදි වුණත් headlight දාගෙන යන්න. ඒක අනිත් drivers ලාට ඔබේ වාහනය දැක ගන්න පහසු වෙනවා.

රාත්‍රියේදී drive කරන්නෙ කොහොමද?

පුළුවන් තරම් රාත්‍රී කාලයට Highway එකේ drive කරන එක අඩු කරන්න. වැඩේ කියන්නෙ, හදිසි ගමන් එන්නෙත් අපිට ඕන වෙලාවට නෙවෙයිනෙ. එතකොට ඉතින් රෑ කියලා බලන්නෙ නැතුව ගමන යන්න වෙනවා. මේ වෙලාවට ගමන පහසු වෙන්නනෙ ඔබ Highway එක තෝරා ගන්නෙ. රාත්‍රියේදි Highway එකේ drive කරනකොට ඔබට හොඳ visibility එකක් තියෙන්න ඕනෙ. වාහනයේ windshield පිරිසිදු කරලා සියලුම headlight on කරලා වාහනේ drive කරන්න.

Highway එකේ කරන්න බැරි මොනවද?

Highway එකේ යනකොට කරන්න බැරි දේවල් කිහිපයකුත් තියෙනවා. එකක් තමයි වෙන root වල වගේ reverse කරන්න බෑ. අනිත් එක වාහනේ නවත්වාගෙන ඉන්නත් බෑ. එහෙම කරන්න පුළුවන් හදිසි අවස්ථාවකදි විතරයි. ඒ කියන්නෙ, මොකක් හරි අනතුරකදි නැත්නම් ආපදාවක් වගේ තත්වයකදි. ඒ නිසා Highway එකේ drive කරන ඔබ මේ ගැනත් දැනගෙන ඉන්න ඕනෙ.

මේ කියපු විදියට තමයි, Highway එකේ වාහනයක් හරියටම drive කරන්නෙ. දැන් ඉතින් පොඩි අවුලක්වත් නැතුව ඔබටත් පුළුවන් Highway එකේ drive කරන්න. හැබැයි මොන දේ දැනගෙන හිටියත්, මතක ඇතුව යන ගමන පරිස්සමින් යන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Subaru WRX STI IMPREZA AWD 2015 for Sale

Subaru WRX STI IMPREZA AWD 2015

60,000 km, Colombo
verified MEMBER
verified
Rs 21,790,000
10 minutes ago
MG MG4 X I SMART BODY KIT 2024 for Sale

MG MG4 X I SMART BODY KIT 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 20,290,000
15 minutes ago
Toyota Axio X GRADE PE PETROL 2013 for Sale

Toyota Axio X GRADE PE PETROL 2013

112,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,790,000
21 minutes ago
Toyota Land Cruiser Prado LC5 DIESEL 2013 for Sale

Toyota Land Cruiser Prado LC5 DIESEL 2013

110,000 km, Colombo
verified MEMBER
verified
Rs 39,500,000
27 minutes ago
Mercedes Benz EQB300 AMG PREMIUM PLUS 2024 for Sale

Mercedes Benz EQB300 AMG PREMIUM PLUS 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 59,500,000
31 minutes ago
Auto Parts for saleikman logo
Honda Shock mount for Sale

Honda Shock mount

verified MEMBER
Rs 6,200
2 hours ago
Honda T7BJ5 ABS Pump for Sale

Honda T7BJ5 ABS Pump

verified MEMBER
Rs 25,000
2 hours ago
Car Snail Horn for Sale

Car Snail Horn

verified MEMBER
verified
Rs 2,400
2 hours ago
GPS Tracker DAGPS for Sale

GPS Tracker DAGPS

verified MEMBER
Rs 7,000
5 hours ago
3D Carpet For Axio for Sale

3D Carpet For Axio

verified MEMBER
Rs 10,000
5 hours ago
+ Post an ad on ikman