සිදු වන වියදමට වටින car modifications

27 Feb, 2024   
සිදු වන වියදමට වටින car modifications

Modifications කිව්වම සාමාන්‍යයෙන් ඒ ගැන හරියටම දන්නේ නැති කෙනෙක්ට හිතෙන්න පුළුවන් “ඒක මහ විච්චූරණ වැඩක්නේ” කියලා. හැබැයි ඇත්තටම එහෙම දෙයක් නැහැ. Modifications කරනකොට අපිට කොහොමත් යම් මුදලක් වියදම් වෙනවනේ. සමහර modifications තියෙනවා, අපි ඒ සඳහා වියදම් කරන මුදලට හොඳ value එකක් දෙන. මොන modification එකක් දැනගෙන හිටියත්, මේ modifications දැනගෙන ඉන්න එක නම් මාරම වටිනවා. ඉතින් ඒ නිසා CarsGuide අපි හිතුවා, සිදු වන වියදමට වටින car modifications ගැන අද ඔබට කියන්න.

High performance සහිත tire set සවි කරන්න

High performance සහිත tire set එකක් වාහනයේ ක්‍රියාකාරීත්වයේ හැම අංශයකටම, ඒ කියන්නේ accelerating වල ඉඳලා brake කිරීම සහ වංගු ගැනීම දක්වා උදව් වෙනවා. මෙතනදි ඔබ ජීවත් වන ප්‍රදේශයට ගැළපෙන විදිහට තමයි tire set එක තෝරාගන්න ඕනේ. මොකද tires හදලා තියෙන්නේ එක එක temperature ranges වලට optimize කරලා. කොහොම නමුත් මේක හොඳ value එකක් දෙන car modification එකක් වෙනවා.

Quality race seats සහ harnesses

සාමාන්‍යයෙන් turn එකක් ගන්නකොට නැත්නම් brakes hit වෙන හැම අවස්ථාවකදීම නොසෙල්වී ඉන්න try කළාට එහෙම ඉන්න බැහැ. හැබැයි supportive seat එකක ආරක්ෂිතව ඉන්නකොට අපිට ඕක වළක්වා ගන්න පුළුවන්. එතනදි steering wheel එකට brake සහ accelerator pedal එක සඳහා කොතරම් නිවැරදිව හා ඉක්මනින් match වෙන්න පුළුවන්ද කියන එක ගැන දැන ගන්නත් පුළුවන්. ඉතින් quality race seats සහ harnesses කියන්නෙත් ලැබෙන value එක අතින් ඉහළින්ම ඉන්න modification එකක්.

LSD (Limited Slip Differential)

ඔබේ වාහනය factory එකෙන් එන්නේ, limited slip differential එකකින් නෙවෙයි නම්, ඒක ධාවනය වෙන්නේ එක wheel එකකින් විතරක් වෙන්න පුළුවන්. ඒ wheel එකේ තමයි අඩුම traction එක තියෙන්නේ.

ඉතින් engine modification සඳහා LSD භාවිතා කළොත් ඒ වෙනුවෙන් යන වියදමට වඩා හොඳ value එකක් ලබා දෙනවා. මොකද අපිට එතනින් ලැබෙන power එක ගොඩක් ඵලදායී විදිහට භාවිතා කරන්න පුළුවන් වෙන නිසා.

Brake pads සහ stainless steel brake lines

ඔබ වාහනය drive කරන type එක සඳහා හදපු brake pads set එකක් ලබා ගැනීම, brakes වල feel එකට තරමක් බලපානවා. වාහනයේ rubber brake lines වෙනස් කරන්න. ඒක flexible වෙන්න පුළුවන් අතර, hard braking යටතේ pedal එක numb වෙන බවක් දකින්න ලැබෙනවා. ඉතින් stainless steel set එකක් භාවිතා කිරීමෙන් ලැබෙන, walls වල rigidity එකෙන් වාහනයේ brakes ඔබේ කකුල සමඟ communicate කරන ආකාරයේ කැපී පෙනෙන improvement එකක් දකින්න ලැබෙනවා.

Quick-ratio steering rack එකක්

මේක හැම වාහනයක් සමඟම ක්‍රියා කරන්නේ නැහැ. හැබැයි ඔබේ වාහනයේ වෙනත් version එකක් quick-ratio steering rack එකක් එක්ක එනවද කියලා බලන්න පුළුවන්. වාහනයේ steering wheel එක චලනය කරනකොට, wheels fast වෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔබේ specific car එක සඳහා quick-ratio steering rack එකක් හදලා දෙන company එකක් තියෙනවා. මේක ඔබ වාහනය drive කරන ආකාරය positively transform කරනවා වගේම වාහනයෙන් sportier feel එකක් ලැබෙනවා. ඉතින් මේක හොඳ value එකක් විදිහට හඳුන්වන්න පුළුවන්.

Suspension එකේ worn-out rubber කොටස් replace කිරීම

ඔබේ වාහනයේ suspension එකේ noise එක, vibration එක සහ harshness එක absorb කර ගන්න design කරලා තියෙන කුඩා rubber කැබලි තියෙනවා. ඒවා soft වන අතර කාලයත් එක්කම ගෙවිලා යනවා. Key parts අවශ්‍ය ප්‍රමාණයට වඩා move වෙන්න ඉඩ ලබා දෙනවා. හැබැයි ඒක ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි. මේ ගැන ඔබ නොදැන හිටියත් ලේසියෙන්ම ඒ ගැන දැන ගන්න පුළුවන්.

විශේෂයෙන්ම ඔබ ළඟ තියෙන්නේ old car එකක් නම්, ඒකෙ තියෙන කුඩා rubber කැබලි වෙනුවට fresh, performance-oriented version එකක් භාවිතා කරන්න. එතකොට ඔබටත් වාහනය drive කරනකොට අවම වශයෙන් හෝ fresh බවක් feel වෙයි.

Adjustable anti-roll bar එක

මේ anti-roll bar එක එහෙමත් නැත්නම් sway bar එක, suspension එක දෙපස connect කරන බව දැන ගන්න සහ වංගු ගන්නකොට body එක lean කරන එක වළක්වන්න උදව් වෙනවා. මෙතනදි මතක තියගාන්න ඕන ප්‍රධානම දේ තමයි ඔබට adjust කරන්න පුළුවන් bar එකක් තියෙනවා නම්, ඒකෙ settings එක්ක tinker කරන්න පුළුවන් කියන එක.

හොඳ shock absorbs සහ stiffer springs

Bumps මතින් drive කරනකොට ඇති වන shocks, absorb කිරීමේ ක්‍රියාව මඟින් වාහනයේ tires pavement එකේ firmly තියාගන්න උදව් වෙනවා. ඒවා compress වුණාට පස්සෙ springs නොකරන natural up, down motion එක control කරන්න උදව් කරනවා. ඒ නිසා හොඳ shock absorbs සහ stiffer springs කියන්නේ වෙනම feel එකක් සහ හොඳ value එකක් ලබා දෙන car modification එකක්.

Interior එක stripped-down කිරීම

ජනප්‍රිය Lotus founder කෙනෙක් වෙන Colin Chapman ප්‍රකාශ කරලා තියෙනවා, car පිළිබඳව ඔහුගේ philosophy එක “simple කිරීම, පසුව lightness එක add කිරීම” බව. ඉතින් ඔබේ වාහනයත් simple කරන්න. එතකොට ඔබට faster, short brake සහ හොඳ වංගු ගැනීමක් සහිතව ඔබේ ගමන යන්න පුළුවන්.

Steering wheel එක පිටුපස nut එක fix කරන්න

වාහනය සහ වාහනය fast වීම අතර තියෙන එකම සහ විශාලම barrier එක තමයි මේ steering wheel එක පිටුපස තියෙන nut එක. ඉතින් ඒ nut එක fix කරන එකෙන් ඔබට මේ barrier එක අයින් කරන්න පුළුවන්.

අද අපි ඔබට කිව්වේ, සිදු කරන වියදමට හොඳ value එකක් ලබා දෙන car modifications ගැන. ඒ ලැබෙන ප්‍රයෝජනත් එක්ක කරපු වියදමට ලැබෙන value එක high level එකක තියෙනවා කියන එක ඔබට මේ Article එකෙන් තේරෙන්න ඇති. ඉතින් මේ ගැන ඔබ දන්න අයටත් කියන්න. මොකද අපි කරන හැම modification එකකින්ම මේ වගේ value එකක් ලබා දෙන්නේ නැහැ. එහෙනම් තවත් දවසක මේ වගේ වැදගත් Article එකකින් හම්බ වෙමු.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel Orange Package 2014 for Sale

Honda Vezel Orange Package 2014

130,000 km, Colombo
MEMBER
Rs 10,400,000
2 weeks ago
Audi A3 2017 for Sale

Audi A3 2017

39,500 km, Kalutara
MEMBER
Rs 16,000,000
14 minutes ago
Toyota Passo 2007 for Sale

Toyota Passo 2007

157,000 km, Galle
MEMBER
Rs 4,800,000
1 day ago
Toyota Aqua G Grade 2013 for Sale

Toyota Aqua G Grade 2013

174,000 km, Colombo
MEMBER
Rs 8,300,000
1 week ago
Suzuki Spacia Custom XS TURBO 2024 for Sale

Suzuki Spacia Custom XS TURBO 2024

0 km, Gampaha
verified MEMBER
verified
Rs 10,250,000
1 week ago
Auto Parts for saleikman logo
Audi A4 Parts for Sale

Audi A4 Parts

verified MEMBER
verified
Rs 12,500
2 days ago
Discover 135 Petrol Tank for Sale

Discover 135 Petrol Tank

MEMBER
Rs 18,000
3 hours ago
Moter Bike Side Carry Box for Sale

Moter Bike Side Carry Box

MEMBER
Rs 30,000
3 hours ago
+ Post an ad on ikman