Driving experience එක වැඩි කරන modifications

31 Oct, 2023   
Driving experience එක වැඩි කරන modifications

මීට කලින්, ඔබ වාහනය modify කරලා තියෙනවද? සාමාන්‍යයෙන් කෙනෙක්ට තමන්ගේ වාහනය modify කරන්න, එක එක හේතු තියෙනවා. වාහනයට modern look එකක් ලබා දෙන්න, වාහනයේ performance වැඩි කර ගන්න, වාහනයේ පරණ පෙනුම නැති කරලා අලුත් පෙනුමක් ගන්න එහෙමත් නැත්නම්, සමහර අය රැල්ලටත් වාහනය modify කරනවා. හැබැයි ඔබ දන්නවද, driving experience එක වැඩි කර ගන්නත් modifications තියෙනවා කියලා. ඇත්තටම තියෙනවා. ඒ විදිහට driving experience එක වැඩි කරන modifications ගැන තමයි CarsGuide අපි අද ඔබට කියන්නේ.

Performance tyres

මාර්ගයත් එක්ක සම්බන්ධ වෙන වාහනයේ එකම කොටස තමයි tyres කියන්නේ. ඒ නිසා, ඔබේ driving preferences වලට සහ කාලගුණික තත්වයන්ට match වෙන high-quality performance එකක් සඳහාම focuse කරපු tyre තමයි වාහනයට ගන්න ඕනේ. මේ විදිහට හරිම tyre set එකක් මඟින්, වාහනයේ handling, grip එක සහ overall performance එක සැළකිය යුතු විදිහට වැඩිදියුණු කරනවා.

Upgrade suspension එක

Upgrade කරපු suspension system එකකට වාහනයේ handling transform කරන්න පුළුවන්. ඒක handling වල responsive එක සහ agile එක වැඩි කරනවා. Optimal performance එක සඳහා coilovers, performance springs හෝ adjustable sway bars ගැන සළකා බලන්න. මේ upgrade එක, body roll අඩු කරන්න වගේම වංගු ගැනීම පහසු කරන්නත් උදව් වෙනවා.

High performance brake system

Safe සහ enjoyable driving experience එකක් ලබා ගන්න නම්, powerful brake system එකක් අත්‍යාවශ්‍ය වෙනවා. High performance pads, rotors සහ calipers සමඟ වාහනයේ brake system එක upgrade කිරීමෙන් වාහනයේ stopping power එක වැඩිදියුණු කරන්න පුළුවන්. ඒ වගේම මේ හරහා brake fade වීමත් අඩු කරනවා. මීට අමතරව firmer pedal feel එකක් සහ consistent braking performance එකක් සඳහා stainless steel braid කරපු brake lines වෙත upgrade කිරීම ගැනත් සළකා බලන්න ඕනේ.

Cold air Intake

Cold air intake system එකක් මඟින් වාහනයේ engine එකට cooler සහ denser air එක ලබා දීමෙන්, engine performance එක වැඩිදියුණු කරනවා. ඒකෙ result එකක් විදිහට horsepower සහ torque එක වැඩි වෙනවා. මේ modification එක වාහනයේ engine sound එක දියුණු කරන අතරම අමතර ශබ්දයක් ලබා දෙන්නත් ලේසි ක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

Performance exhaust system

වාහනය අලෙවියෙන් පස්සේ, performance exhaust system එකක් මඟින් horsepower එක වැඩි කිරීම, වඩාත් හොඳ fuel efficiency එක සහ aggressive exhaust note ඇතුළු benefits ගොඩක් ලබා ගන්න පුළුවන්. ඉතින් හොඳම performance එකක් ලබා ගන්න නම්, optimal exhaust flow එකක් ලබා දෙන සහ back pressure එක අඩු කරන system එකක් තෝරාගන්න ඕනේ.

ECU tuning

Engine control unit නැත්නම් ECU එක මඟින් air:fuel ratios සහ ignition timing ඇතුළු වැදගත් engine functions manage කරනවා. ECU tuning මඟින් වැඩිදියුණු කරපු power output එක සහ fuel efficiency එක සඳහා, මේ parameters optimize කිරීම මඟින් සැඟවිලා තියෙන performance potential ලබා ගන්න පුළුවන්.

Lightweight wheels

වාහනයට නොගැළපෙන බර අඩු කිරීම මඟින් එහි handling, acceleration සහ braking performance කෙරෙහි සැළකිය යුතු බලපෑමක් ඇති කරනවා. Lightweight wheels මඟින් වාහනයේ overall weight එක අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි, එහි aesthetic බවත් මේ මඟින් වැඩිදියුණු කරනවා. ඒ නිසා, හරිම wheel size එක තෝරා ගැනීමට, හරිම fitment එක සහ optimal performance එක sure කර ගන්න නම්, offset කිරීම අත්‍යාවශ්‍ය බව මතක තියාගන්න ඕනේ.

අලුත් seats

ඔබේ වාහනයේ දැන් තියෙන interior එකේ තත්වය අනුව, seats replace කිරීම, driving experience එකට ලොකු බලපෑමක් ඇති කරනවා. අලෙවියෙන් පස්සේ, වාහනයේ seats ඔබ තෝරාගන්න seat වර්ගය අනුව comfort එක සැළකිය යුතු විදිහට වැඩිදියුණු කර ගන්න පුළුවන්. අලුත් seat covers වෙනුවට comfort එක සහ driving experience එක වැඩි කරන්න පුළුවන්, aftermarket seating ගැන සළකා බලන්න. ඒ කියන්නේ, වාහනයේ තියෙන seats අයින් කරලා, අලුත් seats සවි කරන්න පුළුවන්.

Aerodynamic වැඩිදියුණු කිරීම

Front splitters, rear diffusers සහ spoiler වගේ Aerodynamic upgrades මඟින් downforce එක වැඩි කිරීම සහ drag එක අඩු කිරීමෙන්, high speed එකෙන් වාහනයේ handling වැඩිදියුණු කරන්න පුළුවන්. මේ modification එක මඟින් driving experience එක වැඩිදියුණු කරනවට අමතරව, වාහනයට වඩාත් aggressive, sporty appearance එකකුත් ලබා දෙනවා.

දැන් ඉතින්, ඔබට වාහනයේ appearance එක වැඩි කර ගන්න, performance වැඩි කර ගන්න වාහනය modify කළා වගේම, driving experience එක වැඩි කර ගන්නත් modifications solution එකක් වෙනවා. හැබැයි driving experience එක වැඩි කර ගන්න නම්, ඔබ කරන්න ඕනේ, අපි අද කියපු modifications. ඒත් ඉතින් මේවා හිතු මනාපෙට කරන්න බැහැ. ඒ සඳහා අවශ්‍ය වෙන නීතිරීති වලටත් අනුකුල වෙන්න ඕනේ. ඒ කොහොම වුණත් මේ හරහා ඔබට හොඳ driving experience එකක් නම් ලබා ගන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota CHR Eagle Eye NGX10 2020 for Sale

Toyota CHR Eagle Eye NGX10 2020

44,500 km, Colombo
MEMBER
Rs 15,500,000
2 days ago
Toyota Vitz 3rd Generation 2019 for Sale

Toyota Vitz 3rd Generation 2019

76,000 km, Colombo
MEMBER
Rs 9,300,000
1 week ago
Micro Korondo Diesel SUV 2012 for Sale

Micro Korondo Diesel SUV 2012

189,000 km, Colombo
MEMBER
Rs 5,790,000
1 month ago
Honda Vezel Z Play 2024 for Sale

Honda Vezel Z Play 2024

5,000 km, Kandy
MEMBER
Rs 21,800,000
1 minute ago
Toyota Hilux 2016 for Sale

Toyota Hilux 2016

140,000 km, Gampaha
verified MEMBER
verified
Rs 18,700,000
8 minutes ago
Auto Parts for saleikman logo
Toyota Yaris Gas Shock Absorber ( Front ) for Sale

Toyota Yaris Gas Shock Absorber ( Front )

verified MEMBER
Rs 9,985
27 minutes ago
Toyota Vitz Gas Shock Absorber ( Front ) for Sale

Toyota Vitz Gas Shock Absorber ( Front )

verified MEMBER
Rs 9,985
27 minutes ago
VOXY 90 TAIL LIGHTS (RED & SMOKY BLACK) for Sale

VOXY 90 TAIL LIGHTS (RED & SMOKY BLACK)

verified MEMBER
verified
Rs 28,000
1 hour ago
Allion Headlight for Sale

Allion Headlight

verified MEMBER
Rs 80,000
1 hour ago
+ Post an ad on ikman