ඩීසල් engine එකක කොටස්

29 May, 2024   
ඩීසල් engine එකක කොටස්

ඩීසල් engine එකක් කියන්නේ, compression එකේදි ළඟා වෙන high temperature එකේ ප්‍රතිඵලයක් විදිහට දහනය වෙන internal combustion engine එකක්. මේ වර්ගයේ engine, කාර්මික, කෘෂිකාර්මික සහ බර ප්‍රවාහන යන්ත්‍රෝපකරණ වල බහුලව දකින්න ලැබෙනවා. මොකද ඒවායේ තියෙන වැඩි power එක, hardness එක, සහ සරල බව නිසා. ඩීසල් engine විවිධ elements සහ කොටස් වලින් සමන්විත වෙනවා. ඉතින් මේ කොටස් ගැන, elements ගැන ඔබ දැන ගත්තොත් ඩීසල් engine වල ක්‍රියාකාරීත්වය සහ maintenance මොනවද කියලා වඩාත් හොඳින් අවබෝධ කර ගන්න ඒක උදව් වෙනවා. ඒ නිසා අද අපි CarsGuide තුළින් ඔබට කියන්නේ, ඩීසල් engine එකක කොටස් ගැන.

Engine block

dEngine block කියන්නේ, engine එකේ අනිත් කොටස් තියෙන main structure එක. මේක හදලා තියෙන්නේ, ඇලුමිනියම් නැත්නම් යකඩ වලින්. මේ engine block කියන කොටසෙ අපට, cylinders, refrigeration සහ lubrication ducts වගේ දේවල් බලා ගන්නත් පුළුවන්.

Piston

Piston කියන්නේ, අපි කලින් කතා කරපු engine block එකේ cylinders තුළ තියෙන කොටස්. මේවා ඉහළ සිට පහළට ගමන් කරනවා. එතනදි air-fuel mixture එක compress කරලා, දහන ක්‍රියාවලියේදී ඇති වෙන pressure එක නිසා හටගන්න බලය crankshaft එකට transmitting කරනවා.

Crankshaft

Crankshaft කියන්නෙත් ඩීසල් engine එකේ තියෙන තවත් කොටසක්. ඒක piston එකක reciprocating movement එක, rotary movement එකක් බවට convert කරන axis එකක්.

Connecting rod

මේ connecting rod එක මඟින් සිදු කරන්නේ, piston එක crankshaft එක සමඟ සම්බන්ධ කිරීම සහ movement එක transmitting කිරීම. Pistons සහ crankshafts එක්ක connecting rods කියන්නේ, machine එක move වෙන කොටස්.

Sump

මේ sump එක, වාහනයේ engine එකට යටින් තමයි තියෙන්නේ. ඉහළින් වැටෙන, engine එක lubricate කරපු oil එකතු කරන්නේ sump එක.

Oil pump

ඩීසල් engine එක සහ එහි සියලුම කොටස් නිසි විදිහට lubricate කිරීම සහතික කරන්නේ, මේ oil pump එක. මේක crankshaft එකෙන් oil අරගෙන ඒවා oil filter එක හරහා engine එකේ සියලුම components වෙත distribute කරනවා.

Cylinder head gasket

Cylinder head එක සහ engine block අතර තමයි cylinder head gasket එක පිහිටලා තියෙන්නේ. මේ කොටස තමයි engine එකේ oil leak එක වළක්වන්න හොඳින් seal කිරීම සහ cylinder head එක compress කිරීම භාරව ඉන්නේ.

Valves

මෙතනදි inlet valves මඟින් කරන්නේ, air සහ fuel ඇතුළත ගමන් කිරීමට ඉඩ ලබා දෙන එක. එතකොට outlet valves මඟින්, exhaust gas expel කරනවා.

Camshaft

මේ mechanism එක rotation bar එක මඟින් valves විවෘත කිරීම සහ වසා දැමීම සඳහා වග කියන්න ඕනේ. ඒක emission සහ exhaust valves සම්බන්ධීකරණ ආකාරයෙන් සහ නිශ්චිත මොහොතේ විවෘත වීම හා වැසීම control කරනවා.

Combustion chamber

Combustion chamber කියන්නේ, ඩීසල් engine එකක තියෙන තවත් එක් කොටසක්. මේක air සහ fuel mixture එකෙන් දහනය වෙන කොටසක්.

ඩීසල් engine එකක ඇති වෙනත් වැදගත් කොටස්

Bearings

Bearings මඟින් මෙහි ඇති කොටස් නිදහසේ rotate වෙන්න ඉඩ ලබා දෙනවා. ඒ වගේම friction එක සහ motor එකේ heat එකත් වළක්වනවා.

Injection pump

මේ injection pump එක මඟින් කරන්නේ, fuel වල pressure එක වැඩි කරන්න උදව් වෙන එක. ඒක nozzles හරහා spray කරන විදිහට engine එකට inject කරනකොට ඒක combustion chamber එක spontaneous ignition එක ඇති කරනවා.

Fuel injector

මේ injector එකට, air එකත් එක්ක mix වෙන combustion chamber එකට යම් fuel ප්‍රමාණයක් spray කරන්න පුළුවන්කම තියෙනවා.

අද අපි ඔබට කිව්වේ, ඩීසල් engine එකක තියෙන කොටස් ගැන. මේ දේවල් ගැන ඇහුවම ඔබට තේරෙනවා, හැම ඩීසල් engine එකක්ම හැදිලා තියෙන්නේ, කොටස් සහ elements දිග list එකකින් කියලා. ඉතින් වාහන වලට ආදරේ කරනවා නම්, ඔබ මේ දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ නැතත් ඉතින් ඩීසල් engine එකක තියෙන කොටස් ගැන දැනගෙන ඉන්න එක ඔය කෝකටත් හොඳයි.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Aqua S Special Edition 2014 for Sale

Toyota Aqua S Special Edition 2014

162,000 km, Kandy
MEMBER
Rs 7,675,000
1 day ago
Mitsubishi Pajero 1998 for Sale

Mitsubishi Pajero 1998

160,000 km, Kurunegala
MEMBER
Rs 4,650,000
14 minutes ago
Micro Panda LC1.0 F/ OPTION KW- 2013 for Sale

Micro Panda LC1.0 F/ OPTION KW- 2013

106,000 km, Colombo
verified MEMBER
verified
Rs 2,085,000
18 minutes ago
Suzuki Maruti 2007 for Sale

Suzuki Maruti 2007

78,000 km, Kalutara
MEMBER
Rs 1,650,000
23 minutes ago
Honda Fit GP5 2014 for Sale

Honda Fit GP5 2014

95,000 km, Colombo
MEMBER
Rs 8,800,000
2 weeks ago
+ Post an ad on ikman