Safety එක වැඩි කරන After-Market Car Modifications

29 Mar, 2024   
Safety එක වැඩි කරන After-Market Car Modifications

ගොඩක් දෙනෙක්ගේ හීනයක් තමයි වාහනයක් ගන්නවා කියන එක. හැබැයි අද ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක brand new වාහනයක් ගන්න එක නම් pocket එකට ටිකක් දරාගන්න අමාරු නිසා ගොඩක් දෙනා පෙළඹිලා ඉන්නවා second hand වාහන ගන්න. ඉතින් මේ විදියට වාහනයක් ගත්තම ගොඩක් දෙනා වාහනයට අලුතෙන් parts, stickers වගේ දේවල් එකතු කරලා වාහනය modification කරනවා. වාහනේ modify කිරීම මඟින් වාහනේට trendy look එකක් ලබා දෙනවා වගේම වාහනයේ performance වැඩි කර ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි modifications වලට වාහනේ safety එකත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් අද CarsGuide තුළින් අපි ඔබට කියන්නේ Safety එක වැඩි කරන After-Market Car Modifications ගැන.

Additional Mirrors සවි කරන්න

ඕනෙම වාහනයකට rear-view mirrors එනවා. ඉතින් මේ mirrors වලින් ඔබේ මෝටර් රථය පිටුපස සහ යාබදව සිටින්නේ කවුරුන්ද යන්න බැලීමට පුළුවන්. හැබැයි සමහර අවස්ථා වලදී blind spots තිබෙන්නට පුළුවන්. ඉතින් මේ blind spots නිසා අනතුරක් සිදු වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා අනතුරක් සිදු වීමට ඇති ඉඩකඩ අඩු කරගන්න දැනට වාහනයේ තිබෙන rear-view mirror එකට wide-view mirror එකක් සවි කරන්න පුළුවන්. එමඟින් ඔබට blind spots අඩු කරගන්න පුළුවන්.

Higher Quality Tires වලට මාරු වෙන්න

ටයර් කියන්නේ වාහනයකට නැතුවම බැරි දෙයක්. මොකද වාහනයක් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ටයර් උඩ. ඉතින් ඒ නිසා හැම වෙලාවේම Higher Quality Tires භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. Higher Quality Tires තරමක් මිලෙන් අධිකයි තමයි. හැබැයි එහෙමයි කියලා බාල ටයර් භාවිතා කළොත් ඔබේ ජීවිතය පවා අනතුරට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා Higher Quality Tires කියන්නේ ඔබට වගේම, ඔබේ වාහනයටත් හොඳ ආයෝජනයක් කියලා අමතක කරන්න එපා.

Third Brake Light ගැන හිතන්න

පාරේ වාහන ගමන් කරනකොට රිය අනතුරු වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. මොකද අද වෙනකොට මිනිස්සුන්ගේ තියෙන නොසැලකිලිමත්කම නිසා නිතර නිතර මහා පාරේ රිය අනතුරු සිදුවෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. මේ වගේ අනතුරු නිතරම සිදු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි පසුපස කෙළවරේ ගැටීම් ඇති වීම.

නමුත් රියදුරන්ට තමන් ඉදිරියෙන් වාහන නැවැත්වීම හෝ වේගය අඩු කිරීම පිළිබඳ ප්‍රමාණවත් අනතුරු ඇඟවීමක් තිබේ නම් බොහෝ විට එම අනතුරු වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ තිරිංග තද කළ විගස අනෙකුත් රියදුරන්ගේ අවධානයට ලක්වීම සඳහා ඔබේ වාහනයේ Pulsing Third Brake Light එකක් සවි කරන්න පුළුවන්.

Phone Mount සහ Bluetooth Adapter

අද වෙනකොට අපිට නැතුවම බැරි දෙයක් තමයි phone එක. මොකද ඒ තරමටම ජංගම දුරකථන එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. අපි මොන තරම් phone එකට ඇබ්බැහි වෙලාද කියනවා නම් වාහනය drive කරනකොට පවා phone එක use කරන්න පෙළඹෙනවා. විශේෂයෙන්ම රිය පදවන අතරතුර සංගීතය වාදනය කිරීමට, ඇමතුම් ලබා ගැනීමට හෝ map එක use කරන්න ඕනේ නම් ඔබට පුළුවන් Phone Mount එකක් use කරන්න. ඒ වගේම hands-free calls ගන්න ඕනේ නම් Bluetooth Adapter එකක් ගන්නත් පුළුවන්.

ඉතින් මේ තමයි වාහනයක් drive කරන විට ඔබගේ එහෙමත් නැත්නම් පාරේ ගමන් කරන අයගේ ආරක්ෂාව වෙනුවෙන් වාහනයට සිදු කරන්න පුළුවන් modifications. කවදා හරි හිතුවද මේ වගේ simple modifications වලින් safety එක වැඩි කරගන්න පුළුවන් කියලා. ඇත්තටම පුළුවන්. ඔබත් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් CarsGuide අපි කිව්වා modifications try කරලා බලන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger Diesel Bi-Turbo 2019 for Sale

Ford Raptor Ranger Diesel Bi-Turbo 2019

72,000 km, Colombo
MEMBER
Rs 24,600,000
1 month ago
Land Rover Freelander 2 TD4 Diesel 2013 for Sale

Land Rover Freelander 2 TD4 Diesel 2013

100,000 km, Gampaha
verified MEMBER
Rs 12,100,000
49 seconds ago
Toyota Aqua G Grade 2013 for Sale

Toyota Aqua G Grade 2013

126,000 km, Gampaha
MEMBER
Rs 8,550,000
3 minutes ago
Suzuki Alto Hybrid X Limited 2023 for Sale

Suzuki Alto Hybrid X Limited 2023

1,000 km, Colombo
verified MEMBER
verified
Rs 7,775,000
3 minutes ago
Mazda Tribute AUTO 2000 for Sale

Mazda Tribute AUTO 2000

121,000 km, Colombo
verified MEMBER
verified
Rs 4,150,000
4 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Air Filter DA17 for Sale

Air Filter DA17

verified MEMBER
Rs 1,950
5 minutes ago
Toyota Flexible Silencer for Sale

Toyota Flexible Silencer

verified MEMBER
Rs 3,000
12 minutes ago
BF Goodrich LT 275/65R17 for Sale

BF Goodrich LT 275/65R17

MEMBER
Rs 49,500
16 minutes ago
Thermostat Valve for Sale

Thermostat Valve

verified MEMBER
Rs 4,200
18 minutes ago
+ Post an ad on ikman