වාහනයේ ගින්නක් ඇති වුණොත් අනුගමනය කළ යුතු පියවර

11 Dec, 2023   
වාහනයේ ගින්නක් ඇති වුණොත් අනුගමනය කළ යුතු පියවර

ඔබ අහලා තියෙනවද, ඇතුළත ගිනි පිටට දෙන්න හොඳ නැහැ කියලා කතාවක්. හැබැයි වාහනයකට නම්, ඇතුළත පිටත කියලා අදාළ නැහැ. ඕනම තැනක, ඕනම වෙලාවක ගින්නක් ඇති වෙන්න පුළුවන්. වාහන ගිනි ගැනීම් නිතරම සිද්ධ වෙන්නේ නැහැ තමයි. හැබැයි හදිස්සියේ හරි වාහනයේ ගින්නක් ඇති වුණොත්, ඒ වෙලාවට කලබල වෙලා වැඩක් නැහැ. එතනදි හරියටම මොනවද කරන්න ඕනේ කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා, වාහනයේ ගින්නක් ඇති වුණොත් මොකද කරන්න ඕනේ කියලා, CarsGuide අපි අද ඔබට step by step කියන්නම්.

වාහන ගිනි ගැනීම් ඇති වෙන්නේ කොහොමද?

වාහනයක ගින්නක් ඇති වෙන්න, එක එක හේතු බලපානවා. සමහර වාහන ගිනි ගැනීම් collisions නිසා ඇති වෙන්න පුළුවන්. Collisions වලදී, electrical wiring හෝ fuel system එකේ ඇති වෙන ගැටළු නිසා engine එක ගිනි ගන්නවා. ඒ නිසා, ඔබට කරන්න පුළුවන් safety ම දේ තමයි, හැම service call එකකදීම මේ systems check කරන එක.

වාහනයක ගිනි ගැනීම් ඇති වෙන්න හේතු මොනවද?

– නැවත නැවත blow වන fuses
– Oil change කිරීමෙන් පසු hood එක යටින් oil leak එකක් තිබීම
– වාහනය යටින් oil හෝ fluid leak එකක් තිබීම
– Damage වුණු, exhaust system එක (Exhaust system එකෙන් ඇති වන loud noise එකත් ගිනි ගැනීම් වලට හේතු වෙන්න පුළුවන්)
– Fuel level එක, oil level එක හෝ engine temperature එකේ සිදු වෙන rapid changes
– Oil filler එකේ cap එක නැති වීම
– Maintenance නොසළකා හැරීම

හැමදාම හරියටම වාහනය maintain කරනවා නම්, වාහනයේ ආයු කාලය වැඩි කර ගන්න පුළුවන්. ඊට අමතරව fuel cost එක අඩු කරන්න වගේම overall cost එක limit කරන්නත් උදව් වෙනවා.

ගින්නක් ඇති වුණොත් මොකද කරන්නේ?

වාහනය drive කරනකොට දුම් ගඳක් එනවා නම්, නැත්නම් වාහනයෙන් ගින්දර එනවා නම්, කරන්න ඕන දේ ගැන දැනගෙන හිටියොත් ඇති වෙන හානිය වළක්වා ගන්න පුළුවන්. මේ වගේ වෙලාවක ඔබ කලබල වෙන්න හොඳ නැහැ. හැබැයි ඔබ ඉක්මන් වෙන්න ඕනේ. එහෙම ඉක්මන් වෙලා මතක ඇතුව ඔබ මේ දේවල් කරන්න.

– Signal දමා, ළඟම ඇති ආරක්‍ෂිත ස්ථානයෙන් වාහනය park කරන්න. ඒක side lane එකක් හෝ median එකක් වෙන්න පුළුවන්.
– වාහනය නවත්වා ignition එක off කරන්න.
– වාහනයේ ඉන්න හැම කෙනෙක්වම ඉවතට ගන්න. වාහනයේ තියෙන personal items ගන්න කිසිම කෙනෙක්ට නැවත වාහනයට යන්න දෙන්න එපා.
– Toxic fumes වළක්වා ගන්න අවම වශයෙන් අඩි 100 ක් හෝ අනිත් අයගෙන් ඈතට වාහනය අරගෙන යන්න.

සමහර විට ඔබ හිතනවා ඇති, engine compartment එකේ විතරයි ගිනි ඇති වෙන්නේ කියලා. ඇත්තටම එතන විතරක් නෙවෙයි ගිනි ඇති වෙන්නේ. වාහනය යට, wheels සහ brakes අසල, dashboard එකේ වගේම interior එකේ පවා ගින්නක් ඇති වෙන්න පුළුවන්.

මෙතනදි වාහනයේ exterior එකෙන් ඇති වෙන ගින්නකට වඩා interior එකේ ඇති වෙන ගින්න ගොඩක් හානිකරයි. ගින්නක් ඇති වුණ වේලාවකදී hood එකේ හෝ වාහනයේ doors open කරනකොට, air supply එක වැඩි කරනවා. එමඟින් ගින්න වැඩි වෙන්න පුළුවන්.

ගින්නකින් ආරක්ෂා වෙන්න, ගින්නක් ඇති වෙනකම්ම ඉන්න ඕනේ නැහැනේ. ඒ නිසා අපි අද කියපු හැම point එකක්ම මතක තියාගෙන ඒ දේවල් follow කරන්න. එතකොට ඔබටත් පාරෙ යනකොට වාහනයේ ගින්නක් ඇති වෙන එක වළක්වා ගන්නත්, ඇති වුණු ගින්නෙන් ආරක්ෂා වෙන්නත් පුළුවන්. ඒ නිසා, මීට පස්සේ වාහනයේ ගින්නක් ඇති වුණොත් කලබලෙන් වැඩ කරන්න එපා. අපි අද කියපු දේවල් අනිවාර්යයෙන් මතක තියා ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz E200 W211 2006 for Sale

Mercedes Benz E200 W211 2006

161,000 km, Colombo
MEMBER
Rs 10,200,000
3 weeks ago
Ford Raptor Ranger 2L 2025 for Sale

Ford Raptor Ranger 2L 2025

verified MEMBER
Rs 36,650,000
32 seconds ago
Nissan X-Trail Full Option 2016 for Sale

Nissan X-Trail Full Option 2016

65,000 km, Colombo
MEMBER
Rs 12,500,000
1 day ago
Suzuki Swift RS 2015 for Sale

Suzuki Swift RS 2015

79,800 km, Gampaha
MEMBER
Rs 9,200,000
2 days ago
Hyundai Accent 2003 for Sale

Hyundai Accent 2003

150,000 km, Galle
MEMBER
Rs 2,250,000
1 minute ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
1 week ago
Nakamichi NAM5960 Pro 4+64 for Sale

Nakamichi NAM5960 Pro 4+64

verified MEMBER
Rs 125,000
13 minutes ago
Kenwood Bluetooth Players for Sale

Kenwood Bluetooth Players

verified MEMBER
Rs 20,000
13 minutes ago
Pioneer Sph-C10 Bt Player for Sale

Pioneer Sph-C10 Bt Player

verified MEMBER
Rs 35,000
13 minutes ago
Zunavi New Version 2+32GB Android for Sale

Zunavi New Version 2+32GB Android

verified MEMBER
Rs 20,000
13 minutes ago
+ Post an ad on ikman