පරණ car එක අලුත් කරන modifications

31 Oct, 2023   
පරණ car එක අලුත් කරන modifications

Car එක පරණයිද? එහෙනම් ගමුද අලුත් car එකක්? නෑ නෑ… සල්ලි ගැන බය වෙන්න දෙයක් නැහැ. අපි කරමු පොඩි මැජික් එකක්. මේක පරණ car අලුත් කරන මැජික් එකක්. යම් මුදලක් නම් වියදම් කරන්න වෙනවා. හැබැයි අලුතෙන්ම වාහනයක් ගන්නවට වඩා මේක ඔබට ලේසියි. ඒ මැජික් එක තමයි, modifications. CarsGuide අපි අද ඔබට කියන්නේ, පරණ car එකක් අලුත් කරන modifications ගැන.

Clean කරන්න

ඔබට මතකද, වාහනය ගත්තු මුල් දවස් වල, ටොෆි කොලයක්වත් වැටෙන්න දෙන්නේ නැතුව හරිම පරිස්සමට, clean එකට වාහනය බලා ගත්තා? කල් යනකොට වාහනයත් පරණ වෙනවනේ. එතකොට ඉතින් වාහනය clean එකට තියා ගන්න එකත් ඉබේම නතර වෙනවා. පරණ වාහනය අලුත් කර ගන්න නම්, අනිවාර්යයෙන්ම ඒක clean කරන්න ඕනේ. මේ කියන්නේ, වාහනයේ interior එක clean කරන්න කියලා. Interior එක clean කරනකොට, ඔබට මේ දේවල් කරන්න පුළුවන්.

– වාහනයේ ඇති කුණු, දූවිලි සියල්ල අයින් කරන්න
– Carpets සහ seats Vacuum කරන්න
– Windows clean කරන්න
– සියලුම ප්ලාස්ටික් පිස දමා, ඒවා trim කරන්න
– සුවඳවත් කිරීමට air freshener වැනි දෙයක් use කරන්න

මේ දේවල් කරන්න, පොඩි time එකක් වැය කරන්න වෙනවා. හැබැයි මේ මඟින් නිසැකවම ඔබේ වාහනය අලුත් කර ගන්න පුළුවන්.

කැපී පෙනෙන maintenance සහ repairs සිදු කරන්න

Squeaky brakes සවි කරන්න. එහෙම නැත්නම්, repair කරන්න. Exhaust system එක check කරලා, යම් leak එකක් තියෙනවද කියලා බලන්න. Leak එකක් තියෙනවා නම්, අලුතෙන් exhaust system එකක් සවි කර ගන්න වෙනවා. එතකොට, exhaust system එකෙන් එන sound එක මඟිනුත් වාහනය අලුත් එකක් වගේ feel වෙනවා. ඊට අමතරව, තවත් වැඩ නොකරන දෙයක් තියෙනවා නම්, ඒවත් repair කරන්න. මේ අතරට key fob එකේ battery එක replace කිරීම, air conditioning system එක charge කිරීම සහ heated seats සවි කිරීම ඇතුළත් වෙන්න පුළුවන්.

Oil change කිරීමක් හෝ tune-up කිරීමක් සිදු කිරීමෙන්, වාහනය drive කරනකොට සැළකිය යුතු වෙනසක් ඇති කරන්නේ නැහැ. හැබැයි, වාහනයට අවශ්‍ය TLC ලබා දීම නම්, ගොඩක් වැදගත්. Minor fixes වුනත්, මේ දේවල් හරහා ඔබේ පරණ car එකේ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්.

Paint එක අලුත් කරන්න

කාලයක් යනකොට, වාහනය පරණ පෙනුමට පේන්න තවත් හේතුවක් තමයි, paint එකේ ඇති වෙලා තියෙන සීරීම්. Paint එක අලුත් කිරීම නිසා, සිරීම් ඉවත් කරලා, ගත්තු දවසෙ තිබුණා වගේම fresh finish එකක් වාහනයට ලබා දෙනවා. මේක ඔබම කරනවා නම්, කොච්චර busy වුණත් පොඩි time එකක් දෙන්න වෙනවා. ඒ කොහොම වුණත්, මේක අලුතෙන්ම වාහනයක් ගන්නවට වඩා පහසු දෙයක්.

Worn out seats අලුත් කරන්න

කොච්චර ලොකු ගාණකට ගත්තත් වාහනයක seats, කාලයත් එක්ක worn out වෙනවා. ලොකු mileage එකක් තියෙන වාහන වල driver seat එකේ තියෙන bolsters තමයි සාමාන්‍යයෙන් මුලින්ම ගෙවෙන්නේ. වාහනයට නඟිනකොට සහ වාහනයෙන් බහිනකොට ඒ හරහා ලිස්සා යන නිසා, ඉරිතැලීම් ඇති කරනවා. Worn out seats මඟින් වාහනයට පරණ පෙනුමක් ලැබෙන අතරම වාහනයේ යන අයට uncomfortable බවක් දැනෙන්නත් පුළුවන්. එහෙම වෙලාවට ඔබට මේ seats, leather repair shop එකකින් repair කර ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔබටම සවි කර ගන්න පුළුවන්, high quality seat covers තියෙනවා.

මේ විදිහට පරණ වාහනයේ තියෙන worn out seats අලුත් කිරීමෙන්, interior එකට ඇතුල් වෙන ඕනම කෙනෙක්ගේ ඇස් වලට, වාහනයේ අලුත් පෙනුමක් බලා ගන්න පුළුවන්.

Headlights restore කරන්න

වාහනය පරණ වෙනකොට, headlights මඟින් ලැබෙන්නේ, අඩු light output එකක්. සමහර වෙලාවට රාත්‍රී කාලයේදී මාර්ගය දැකීම පවා අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා, headlight restoration kit එකක් අරගෙන වාහනයේ headlights restore කරන්න ඕනේ.

Wheels replace හෝ refinish කරන්න

වාහනයේ wheels වලට පරණ පෙනුමක් ඇති කරන්න, curb rash එක බලපානවා. වාහනයේ බර දරා ගන්නේ, wheels. ඒ වගේම වාහනය මොන පාරක ගියත්, ඒ හැම පාරකම යන්න උදව් වෙන්නේ, wheels. මේ විදිහට කාලයක්ම drive කරනකොට, wheels වල ඇති වෙන curb rash නිසා, ඒවා refinish කරන්න ඕනේ. නැත්නම්, replace කරන්න ඕනේ. මෙතනදී අවශ්‍ය නම්, customize කරන්න විශේෂිත වුණු powder coating එකක් තියෙනවා. ඒ හරහා ඔබට පරණ වාහනය අලුත් කර ගන්න පුළුවන්.

මේ තමයි, පරණ car එකක් අලුත් කරන modifications. ඔබට හිතෙනවා නම්, ‘ළඟ තියෙන වාහනය පරණයි, අලුත් එකක් ගන්න ඕන’ කියලා, අදම මේ modifications try කරන්න. එතකොට ඉතින් ඕනම කෙනෙක්ගෙ ඇස් වලට පේන්නේ, අලුත් වාහනයක් වගේ තමයි.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio NZT260 G Superior 2013 for Sale

Toyota Premio NZT260 G Superior 2013

130,500 km, Colombo
MEMBER
Rs 12,850,000
5 days ago
Peugeot 3008 GT Line 2019 for Sale

Peugeot 3008 GT Line 2019

145,000 km, Monaragala
MEMBER
Rs 17,800,000
2 minutes ago
Suzuki Swift 2017 for Sale

Suzuki Swift 2017

66,000 km, Colombo
MEMBER
Rs 9,800,000
3 minutes ago
Maruti Suzuki Alto 2015 for Sale

Maruti Suzuki Alto 2015

96,800 km, Gampaha
MEMBER
Rs 4,050,000
2 weeks ago
Maruti Suzuki Alto 2015 for Sale

Maruti Suzuki Alto 2015

98,650 km, Gampaha
MEMBER
Rs 4,050,000
2 weeks ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman