මීට වසර දෙකකට පෙර, IMSA තරඟකරුවෙකු වන Till Bechtolsheimer විසින් ජනප්‍රිය British racing manufacturer වන Lola company එක මිලදී ගත්තා. මෙම සමාගම පසුගිය වසර දෙක තුළ ධාවන ලෝකයට නැවත පැමිණීමට පෙර සන්නාමය නැවත ගොඩ නැගීම සඳහා කාලය ගත කළා. අවසානයේ එහි ප්‍රතිඵලයක් විදිහට Formula E හි Yamaha සමඟ නව power-train partnership එකක් ආරම්භ කිරීම සිදු වුණා.
Bechtolsheimer ගේ Lola electric racing championship එකට එක්වන බව ප්‍රථමයෙන් වාර්තා කළේ පසුගිය අඟහරුවාදායි. එසේම පසුගිය බ්‍රහස්පතින්දා මෙම ගනුදෙනුව තහවුරු කරන ලද අතර, Yamaha සමඟ ඇති හවුල්කාරිත්වයේ තීරණාත්මක තොරතුරු රැසක් වාර්තා කර තිබුණා. Lola සහ Yamaha ලබන වසරේ season 11 සඳහා එක් වූ විට, Audi හි factory partner වූ Abt team එක වගේ, powertrain අවශ්‍ය කණ්ඩායමක් සැපයීමට අපේක්ෂා කරන බව සඳහන් වෙනවා.
Lola-Yamaha Stellantis, Porsche, Mahindra, Jaguar, සහ Electric Racing Technologies කණ්ඩායම සමඟ powertrains සෑදීමට එකතු වෙන බවත් සඳහන් වෙනවා. තම කර්මාන්තශාලා කණ්ඩායම සහ McLaren’s operation යන දෙකටම බලය සපයන Nissan, අවම වශයෙන් 2030 දක්වා series සමඟ රැඳී සිටීමට සැලසුම් කරන බව නිවේදනය කර තිබුණා.
මුල් කාලයේදී Lola විසින් ලොව පුරා sports cars සහ open-wheel racing තරඟ සඳහා තරඟ කළ මෝටර් රථ නිපදවා තිබෙනවා.
ඉතින් මේ විදිහට තමයි Lola, Yamaha සමඟ එක්ව Formula E Power-trains ගොඩනගන්නේ.
දිගටම CarsGuide Weekly News සමඟ රැඳී සිටින ඔබට මේ ගැන වැඩි විස්තර ඉදිරියේදී දැනගන්න පුළුවන්.