චීන දුරකතන සමාගමක් සිය පළමු විද්‍යුත් මෝටර් රථය එළිදක්වයි – මෝටර් රථයට විශාල ඉල්ලුමක්

03 Apr, 2024   
චීන දුරකතන සමාගමක් සිය පළමු විද්‍යුත් මෝටර් රථය එළිදක්වයි – මෝටර් රථයට විශාල ඉල්ලුමක්

ලෝකයේ විදුලි කාර් සඳහා තියෙන ඉල්ලුම මේ වෙද්දී ඉතා සීග්‍රයෙන් වැඩිවෙගෙන යනවා.ඒ අතරම ටෙස්ලා ආයතනයට ලොකු තරඟකාරීත්වයක් ලබා දෙන්න පුලුවන් විදිහට චීනයේ විදුලි කාර් වෙළඳපල සිය නිෂ්පාදන මේ වන ඉහළ වර්ධනයක් අත්පත් කරගෙන සිටිනවා.

චීන විදුලිකාර් නිෂ්පාදන වෙළඳපලට මේවන විට අලුතින් එකතු වුණු ලෝකයේ වැඩි අවධානයක් යොමු වුනු නිෂ්පාදනයක් තමයි Xiaomi විද්‍යුත් මෝටර් රථය.චීන Smartphone නිෂ්පාදකයෙකු වන Xiaomi සිය පළමු විද්‍යුත් වාහනය (EV) දියත් කිරීමට සහ ඇණවුම් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ සඳහා මේ වනවිට 100,000කට වඩා ඇණවුම් ලැබී ඇති අතර Xiaomi සමාගම අද නිවේදනය කළේ ඇණවුම් සඳහා නව මෝටර් රථ නිකුත් කිරීම ආරම්භ කළ බවයි.

එහි ප්‍රධාන විධායක Lei Jun කියන්නේ ස්පීඩ් අල්ට්‍රා 7 (SU7) යුවාන් 500,000 නැතිනම් ($69,186; පවුම් 54,836) ට අඩු මිලකට අලෙවි කිරීමට බළාපොරොත්තුවන බවයි.එය දැනටත් විදුලි මෝටර් රථ වෙළදපොලේ සිටින ටෙස්ලා සහ BYD නිෂ්පාදන වලටද අභියෝගයක්.

පර්යේෂණ ආයතනයක් වන Counterpoint කියන්නේ ලොව ස්මාර්ට් ෆෝන් වෙලදපොලේ Xiaomi දැනටමත් 12% කට පමණ වගකියන අතර ලොව පුරා ස්මාර්ට්ෆෝන් අලෙවි කරන තුන්වන විශාලතම විකුණුම්කරු ද බවයි.

චීන මෝටර් රථ කාර්මික සංගමයේ දත්තවලට අනුව, 2023 වසරේ චීනයේ මෝටර් රථ නිෂ්පාදනය තුන්කෝටි එක්ලක්ෂ හැට එක්දහසක් වූ අතර, අලෙවිය තුන්කෝටි අනූහතර දහසක් විය.

ඒ අතරින් අපනයනය කරන ලද මෝටර් රථ සංඛ්‍යාව හතළිස් නවලක්ෂ දස දහසකි. එය 2022 වසරට වඩා 58%ක කැපී පෙනෙන වර්ධනයකි. මෙමගින් මෝටර් රථ අපනයනය සඳහා වන ලෝකයේ විශාලතම රට බවට චීනය පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ‍

මේ වනවිට, චීන‍යේ මෝටර් රථ 200කට අධික රටවල් හා කලාප වෙත අපනයනය කර ඇත.
මේ අතර, නව බලශක්ති මෝටර් රථ චීන මෝටර් රථ කර්මාන්තයේ වැදගත් සවියක් බවට පත්ව තිබේ. 2023 වසරේ සිව්වැනි කාර්තුවේ චීනයේ සන්නාමයක් වන BYD, විදුලි මෝටර් රථ නිෂ්පාදකයා ලෙසට ලෝකයේ පෙරමුණ ගනී.

Xiaomi සමාගම SU 7 විද්‍යුත් වාහනය පිළිබඳ නිකුත් කල විඩීයෝව

 

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda City Rs Vtec Turbo 2025 for Sale

Honda City Rs Vtec Turbo 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 15,250,000
4 days ago
Toyota Yaris 2022/23/24 2025 for Sale

Toyota Yaris 2022/23/24 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 9,300,000
6 minutes ago
Land Rover Discovery 5 2017 for Sale

Land Rover Discovery 5 2017

73,000 km, Colombo
verified MEMBER
verified
Rs 39,000,000
11 minutes ago
Toyota Vitz ksp 130 2015 for Sale

Toyota Vitz ksp 130 2015

101,000 km, Gampaha
MEMBER
Rs 7,000,000
12 minutes ago
Nissan Juke Safety UK 2020 for Sale

Nissan Juke Safety UK 2020

61,000 km, Colombo
verified MEMBER
Rs 15,875,000
13 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 month ago
Toyota Hilux Vigo Bonnet for Sale

Toyota Hilux Vigo Bonnet

verified MEMBER
verified
Rs 45,000
3 minutes ago
Grace Rear Door for Sale

Grace Rear Door

verified MEMBER
verified
Rs 32,000
3 minutes ago
Honda Vezal Bonnet Inches L R for Sale

Honda Vezal Bonnet Inches L R

verified MEMBER
verified
Rs 8,000
3 minutes ago
Belta Rear Bumper for Sale

Belta Rear Bumper

verified MEMBER
verified
Rs 28,000
13 minutes ago
+ Post an ad on ikman