ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පූර්ණ විදුලි මෝටර් රථය වෙළඳපොළට

24 Aug, 2023   
ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පූර්ණ විදුලි මෝටර් රථය වෙළඳපොළට

අපි හැමෝම භාවිතා කරන්නේ පිටරටින් ලංකාවට ගෙන්නපු වාහන. ඒකට හේතුව තමයි තවමත් ශ්‍රී ලංකා වෙළඳපොළේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත වාහනයක් නොමැති වීම. හැබැයි ඔයාට පුලුවන් 2023 නොවැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පූර්ණ විදුලි මෝටර් රථයක් මිලදී ගන්න. ඉතින් අද CarsGuide අපි Weekly News තුළින් ඔබට කියන්නේ ඒ ගැන.

“මෝක්ෂ” නම් මෙම පූර්ණ විදුලි මෝටර් රථය නිර්මාණය කරලා තියෙන්න Ideal Motors සමාගම විසින්. මෙය රෝද හතරේ, හතරැස් විදුලි වාහනයක් විදිහට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි හතරදෙනෙක්ට අසුන්ගෙන යාමේ හැකියාවත් තියෙනවා. මෝක්ෂ රථය four doors, hatchback, right hand drive vehicle එකක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

මේ රථයේ Overall Length එක 2850 mm සහ Overall Width එක 1400 mm වෙනවා. ඒ වගේම Overall Height එක1550 mm සහ Wheelbase එක 1980 mm ලෙස හඳුන්වන්න පුලුවන්. විශේෂම දේ තමයි 220 mm Ground Clearance එකක් තියෙන නිසා ලංකාවේ පාරවල් වලටත් හොඳටම match වෙනවා. මෙම ‘අයිඩියල් මෝක්ෂ’ විදුලි මෝටර් රථය ඇලෝයි වීල් සහිත පූර්ණ වායුසමීකරණය කළ වාහනයක්. මීට අමතරව මගීන්ට informative system එකක් විදිහට Apple CarPlay සහ Android Auto සමඟ එන අඟල් 7 ක multimedia touchscreen display එකක් ලබා දීලා තියෙනවා.

මෝක්ෂ මෝටර් රථයේ battery එක ගැන කතා කළොත් 22.46 kWh ලිතියම් battery එකක් තමයි තියෙන්නේ. එය එක රැයකින් ඇම්පියර් 15 ක ගෘහස්ථ චාජරයකට සම්බන්ධ කිරීමෙන් ලබා ගන්නා ආරෝපණයකින් කිලෝමීටර් 200 ක් දක්වා පරාසයක් ලබා දෙනවා. ඉතින් Ideal Motors විසින් 2023 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් මෝටර් රථය ‘මෝක්ෂ’ එළිදැක්වීමට නියමිතයි. මේ රථය රුපියල් මිලියන 4.5කට අලෙවි කිරීමට තමයි දැනට ඇස්තමේන්තු කරලා තියෙන්නේ.

අපේ රටේ නිෂ්පාදිත අපේම මෝටර් රථයක යනකොට මොන වගේ feeling එකක් දැනෙයිද? විශේෂම දේ තමයි මෙම මෝටර් රථය අපනයනය කිරීම සම්බන්ධයෙන් විමසීම් මේ වනවිටත් අප්‍රිකාවෙන් ලැබී තියෙනවා. ඉතින් 2024 වසර අවසානයේ සිට “මෝක්ෂ” අපනයනය කිරීමට සැලසුම් කරන බව තමයි වාර්තා වෙන්නේ.

Similar News


2 comments

  1. Charging stations නැතිව electric කාර් වලින් වැඩක් තියෙනවද.?

    1. ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තූතියි! ඔබේ අදහස සමඟ එකඟ වෙමි.

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Vitz 2016 for Sale

Toyota Vitz 2016

43,600 km, Colombo
MEMBER
Rs 8,500,000
5 days ago
Toyota Land Cruiser Sahara 300 V6 2025 for Sale

Toyota Land Cruiser Sahara 300 V6 2025

10 km, Colombo
verified MEMBER
Rs 99,750,000
9 seconds ago
Suzuki Celerio VXI AMT 2014 for Sale

Suzuki Celerio VXI AMT 2014

68,000 km, Colombo
MEMBER
Rs 5,300,000
24 seconds ago
Peugeot 406 1996 for Sale

Peugeot 406 1996

241,355 km, Gampaha
MEMBER
Rs 2,800,000
45 seconds ago
Peugeot 3008 2019 for Sale

Peugeot 3008 2019

31,000 km, Colombo
MEMBER
Rs 20,500,000
7 minutes ago
Auto Parts for saleikman logo
Toyota Hilux 2015-2025 Smoke LED Tail Lamp for Sale

Toyota Hilux 2015-2025 Smoke LED Tail Lamp

verified MEMBER
verified
Rs 95,000
24 minutes ago
Hilux Canopy for Sale

Hilux Canopy

MEMBER
Rs 48,000
1 hour ago
Toyota Prius Taillight for Sale

Toyota Prius Taillight

verified MEMBER
Rs 33,000
1 week ago
Toyota Chr Front Buffer for Sale

Toyota Chr Front Buffer

verified MEMBER
Rs 50,000
1 week ago
+ Post an ad on ikman