පාසල් ළමුන් ප්‍රවාහනය කරන අබලන් වු රථවලට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය දැඩි ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිත බව පොලිස් රථවාහන අංශයේ ප්‍රධාන සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළා.
සහකාර පොලිස් අධිකාරීවරයා පැවසුවේ පාසල් ප්‍රවාහන සේවය ලෙස ක්‍රියාත්මක වන බස් රථ බොහොමයක් භාවිතයට ගත නොහැකි තත්ත්වය හේතුවෙන් මගී ප්‍රවාහන සේවයෙන් ඉවත් කර ඇති බස් රථ බව සොයා ගත් බවයි.
පාසල් සේවා සඳහා භාවිත කරන වෑන් රථ ද එලෙසම පවතින බව ප්‍රකාශ කළ සහකාර පොලිස් අධිකාරී රණගල කියා සිටියේ ඉතා දුර්වල නඩත්තුවක් පවතින බැවින් මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු බවයි.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ මෝටර් රථ පරීක්ෂකවරුන්ගේද සහය ඇතිව සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මේ සම්බන්ධයෙන් තහනම් නියෝග නිකුත් කළ බවද ඔහු සඳහන් කළේය.
මෙය බරපතල ප්‍රශ්නයක් බව අවධාරණය කළ සහකාර පොලිස් අධිකාරී රණගල කියා සිටියේ ආරක්ෂිත ක්‍රමවේද නොමැතිකම හේතුවෙන් අහිංසක ජීවිත අහිමි වන බවයි.
(Source : NewsWire)