රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ හැකි car එකක්

20 Mar, 2024   
රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ හැකි car එකක්

වාහනයක් නිත්‍යානුකුලව පාරේ ධාවන කරන්න නම් අනිවාර්යෙන්ම අවශ්‍ය දෙද්යක් තමයි වලංගු රියදුරු බලපත්‍රය කියන්නේ. මොකද වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම දඩුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම තමයි රියදුරු බලපත්‍රයක් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම වයස අවුරුදු 17 සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ විදිහට බැලුවම ලංකාවේ නිත්‍යානුකුලව වාහනයක් drive කරන්න පුළුවන් වයස අවුරුදු 17ට වැඩි පුද්ගලයින්ට විතරයි.

හැබැයි අවුරුදු 14 ළමයින්ට රියදුරු බලපත්‍රයක් නැතුව drive කරන්න පුළුවන් වාහනයක් මේ වෙනකොට නිර්මාණය කරලා තියෙනවා. ඒ ගැන තමයි අද CarsGuide Weekly news තුළින් අපි ඔබට කියන්නේ.

මෙම මෝටර් රථය හඳුන්වන්නේ microlino lite bubble car නමින්. මෙම මෝටර් රථය වයස අවුරුදු 14 ඉහළ, රියදුරු බලපත්‍රයක් නොමැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. මම රථය මුලින්ම එළි දැක්වුවේ 2024 ජිනීවා මෝටර් ප්‍රදර්ශනයේදීයි.

ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය 2024 පෙබරවාරි 26 සිට මාර්තු 3 දක්වා ක්‍රියාත්මක වුණා.
Microlino Lite යනු Microlino microcar හි කුඩා version එක වන අතර, එමඟින් microcar එකට සමාන පරාසයක් ලබා දෙනවා. මෙම කුඩා version එක පැයට කිලෝමීටර 45 දක්වා ඉහළ වේගයක් ලබා ගැනීමට සමත් වෙනවා.

මෙම කුඩා වාහනය නිෂ්පාදනය කරලා තියෙන්නේ අධි ශක්තිමත් වානේ වලින්. Microlino lite bubble car එකේ දොර ලෙස තිබෙන ඉදිරිපස කොටසේ සම්පූර්ණ රාමුව විවෘත කිරීමෙන් රියදුරුට මෙම රථයට ඇතුල් වෙන්න පුළුවන්. මෙහි ආසන දෙකක්, compact steering wheel එකක් සහ ප්‍රමාණවත් driver & passenger’s space එකක් තිබෙනවා.
කෙටියෙන්ම කිව්වොත් මේ මෝටර් රථයේ රියදුරු ඇතුළුව පුද්ගලයන් දෙදෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්.

Microlino Lite electric bubble car එකේ පිටත, මෝටර් රථ කර්මාන්තයේ භාවිතා කරන වානේ සහ ඇලුමිනියම් වලින් සාදා තිබෙනවා. එසේම මේ මෝටර් රථයේ rollable sunroof එකකුත් අපිට දැකගන්න පුළුවන්. ඒ වගේම මෙහි 230 liters package එකකුත් තියෙනවා.

Microlino Lite වයස අවුරුදු 14 හෝ ඊට වැඩි පුද්ගලයින්ට සහ රියදුරු බලපත්‍රයක් නොමැති අයට පැදවිය හැකියි. නමුත් Micro සමාගම පවසන්නේ electric bubble car එක පැදවිය යුතු රටේ ජාතික රෙගුලාසි මත පදනම්ව මෙය අදාළ වන බවයි.

ඒ අනුව මේ වන විට ප්‍රංශය සහ ඉතාලිය පමණක් වයස අවුරුදු 14ක රියදුරන්ට Microlino Lite electric bubble car එක පැදවීමට අවසර ලබා දී තියෙනවා. මෙම මෝටර් රථය පැදවීමට අවසර ජර්මනිය, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාවේ වයස අවුරුදු 15 න් ආරම්භ වන අතර බෙල්ජියම, ග්‍රීසිය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, පෘතුගාලය සහ නෝර්වේ යන රට වල ආරම්භ වන්නේ 16 න්.

ඒ විතරක් නෙවෙයි අනෙකුත් බොහෝ රටවලට Microlino Lite car එක drive කරන්න නම්, අවම වශයෙන් AM රියදුරු බලපත්‍රයක් අවශ්‍ය වෙනවා. නමුත් රියදුරු 1988 ජනවාරි 1 ට පෙර උපත ලැබුවේ නම් ප්‍රංශයට එය අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් මේ තමයි ලයිසන් නැතුව drive කරන්න පුළුවන් Microlino Lite car එකේ කතාව.

Similar News


1 comment

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R Custom Z ZX 2025 for Sale

Suzuki Wagon R Custom Z ZX 2025

0 km, Gampaha
verified MEMBER
Rs 10,300,000
1 week ago
Honda Vezel Z Grade 2020 for Sale

Honda Vezel Z Grade 2020

10,000 km, Gampaha
verified MEMBER
Rs 19,900,000
2 minutes ago
Toyota Axio 2015 for Sale

Toyota Axio 2015

127,242 km, Colombo
verified MEMBER
Rs 11,800,000
4 minutes ago
Mercedes Benz C160 2017 for Sale

Mercedes Benz C160 2017

60,000 km, Colombo
MEMBER
Rs 21,500,000
2 weeks ago
Toyota Harrier Z Leather 2025 for Sale

Toyota Harrier Z Leather 2025

0 km, Colombo
verified MEMBER
Rs 38,950,000
2 weeks ago
Auto Parts for saleikman logo
Toyota Land Cruiser 1hz Puel Pump for Sale

Toyota Land Cruiser 1hz Puel Pump

MEMBER
Rs 238,000
9 minutes ago
VEZEL 2025 NAKAMICHI 5510 ANDROID for Sale

VEZEL 2025 NAKAMICHI 5510 ANDROID

verified MEMBER
Rs 60,000
2 days ago
14 Inches Rims with Cups for Sale

14 Inches Rims with Cups

MEMBER
Rs 18,000
1 hour ago
Brand New Doors for Sale

Brand New Doors

MEMBER
Rs 75,000
1 hour ago
+ Post an ad on ikman