BMW එහෙමත් නැත්නම් Bayerische Motoren Werke මව් රට තමයි ජර්මනිය. 1916 අවුරුද්දේදී තමයි මේ සමාගම ආරම්භ කරලා තියෙන්නේ. BMW සමාගම මුලින්ම නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ නම් airplanes engine. ඊට පස්සේ තමයි මේ සමාගම car company එකක් බවට පත් වුණේ. BMW කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ European vehicle market එක. ඇත්තම කිව්වොත් ගොඩක් දෙනෙක්ගේ dream vehicle එක තමයි BMW කියන්නේ. ඉතින් BMW සමාගම විසින් සිය නවතම මෝටර් රථය හැඩගැන්වීමේ අවස්ථාව කාන්තාවකට ලබා දීලා තියෙනවා. අද CarsGuide අපි Weekly News තුළින් ඔබට කියන්නේ ඒ ගැන.
BMW මෝටර් රථ නිෂ්පාදන සමාගම 2024 වර්ෂයේ දී නව මෝටර් රථයක් වෙළඳපොළට එක් කිරීමට තීරණය කරලා තියෙනවා. මේ විදියට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තියෙන්නේ BMW M Hybrid V8 මාදිලියේ රථයක්.
මෙහි තියෙන විශේෂත්වය තමයි මෙය විවිධ රටාවලින් හැඩගැන්වුණු රථයක් වීම.
1975 වර්ෂයේ දී BMW ආයතනය මෙවැනිම රටා සහිත මෝටර් රථයක් නිකුත් කරලා තියෙනවා.
ඉතින් මෙවර නිකුත් කිරීමට නියමිත BMW M Hybrid V8 රථය හැඩගැන්වීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ ඉතියෝපියානු – ඇමෙරිකානු චිත්ර ශිල්පිනියක වන Julie Mehretu හටයි.ඒ, ඇයගේ දක්ෂතාවය සහ සිතුවම් පිළිබඳව සැලකිල්ලට ගනිමින්.
ටිකක් හිතලා බලන්නකෝ 2024 එළි දැක්වීමට නියමිත BMW M Hybrid V8 රථයේ design එක මොනවගේ වෙයිද කියලා. ඇත්තටම හිතාගන්න බැරි තරම් අමුතුම design එකක් අපිට බලා ගන්න පුලුවන් වෙයි.
CarsGuide සමඟ රැදී සිටින ඔබට මේ පිළිබඳව අලුත් තොරතුරු ලැබුණ ගමන් දැනුම් දෙන්න අපි සූදානම්.