ඔයාගේ කාර් එක හෝ 4X4 Illegally Modified ද?

19 Jan, 2025   
ඔයාගේ කාර් එක හෝ 4X4 Illegally Modified ද?

වාහනේ පොතේ සඳහන්ව තියෙන ආකාරයටම ඔබේ වාහනේ පාට සහ රෝද ප්‍රමාණය (Tyre Size) තිබිය යුතුය.ඒ වගෙම ටයර් වාහනේන් එළියට පැන නොතිබිය යුතුය.

ඊට පස්සේ 1988 අගෝස්තු 6 ගැසට් පත්‍රිකාව මඟින් වාහනේ එන්ජිමකින් පිටවන වායු මගින් නගන හඬ සැහෙන තරම් දුරට අඩුකිරීම ප්‍රමාණවත් වුවද මෙයට සයිලන්සරයෙන් හෝ පිටත කුටිරයක් හෝ වෙනත් උපක්‍රමයක් යොදවා තිබිය යුතුය.

මෙතන ප්‍රශනේ පිටවන ශබ්දයේ නිර්දේශිත උපරිම අගයන් dB නොතිබීමයි.

හැමෝටම ප්‍රශ්නයක් වුණ ඉෂ්ඨ රූප නිතීය වෙන 1989 ජුනි 30 සංශෝධනය වෙලා තියෙන්නේ.

ඉතින් මෙතන කියන්නේ වාහනේ ප්‍රධාන ලාම්පු දෙකෙන් ඉදිරියට නෙරා එන ගැටිම් වළක්වන්නත්,ලෝහ රාමුවක් හෝ ඉෂ්ඨ රූපයක් වාහනේ සවි කිරීම හෝ ගෙන නොයා යුතුය

හැබැයි මේ වගේ සවිකිරීම් හේතුකොටගෙන දේපල හෝ පුද්ගලයෙකුට හානියක් නොවන බවත් වාහනේට කාර්මික වශයෙන් අත්‍යාවශය බවත් පොලිස්පති සහ මාර්ග සංවර්ධන අධිකාරියේ විමසීමෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ට සෑහේ නම් ඔහු විසින් අනුමැතිය ලබා ගත හැකිය.

ඒ වගේම ඉෂ්ඨ රූපයක් වාහනයේ බොනට්ටුවේ සිට ඉහළට අඟල් 5කට වඩා උස වේ නම් බොනට්ටුවේ සවි කිරීම හෝ ගෙන යාම නොකල යුතුය.වාමුවාව සහ පසුපස වැසුම වැසෙන පරිදි සවි කර නොහැක.

අන්තිමේට 1906 05 16 නියෝගයෙන් සටහන් කර තිබෙනවා මෝටර් රථ කොමසාරිස්වරයාගේ ලිඛිත අවසරයකින් තොරව මෝටර් රථ විධිවිධාන යටතේ වාහන සලකුණු සහ නිෂ්පාදන සලකුණු හැරෙන්න වෙනත් කිසිම සලකුණු කරනු නොලැබිය යුතුය

ඉතින් මෙවන් ලොකු ගැටලුකාරී තත්වයක් යටතේ හැම‌ෝටම කරන්න පුලුවන් දේ ඔයාගේ Car Community එකත් එක්ක එකතු වෙලා මේ Awareness එක දෙන එක. මොකද දැනුවත් වීමෙන් අපි හැමෝටම එකතුව යම් අඩුපාඩු හරිගස්වමින් නිතීය නිවැරදි කිරීමට ඉල්ලා සිටිය හැක.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Vitz 2018 for Sale

Toyota Vitz 2018

43,600 km, Colombo
MEMBER
Rs 9,500,000
3 days ago
Toyota Axio G Grade 2015 for Sale

Toyota Axio G Grade 2015

78,000 km, Colombo
MEMBER
Rs 9,200,000
16 minutes ago
Toyota Land Cruiser Prado TRJ 150W 2015 for Sale

Toyota Land Cruiser Prado TRJ 150W 2015

111,000 km, Colombo
MEMBER
Rs 40,000,000
1 week ago
Volkswagen Passat 1999 for Sale

Volkswagen Passat 1999

10,000 km, Jaffna
MEMBER
Rs 2,200,000
19 minutes ago
Toyota Raize G Grade 2022 for Sale

Toyota Raize G Grade 2022

20,000 km, Colombo
verified MEMBER
verified
Rs 13,475,000
40 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman