Hyundai i30 generation එක වසර ගණනාවක් පුරාවට එකම design එකකින් තමයි ආවේ. මෙහි අවසන් update එක සිදු කළේ 2020 වසරේදී. මේ අතරේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිත Hyundai i30 Wagon රථයේ Spy photos කිහිපයක් leak වෙලා තියෙනවා. අද CarsGuide weekly news තුළින් අපි ඔබව දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි.
මෙලෙස නවතම මෝටර් රථයේ photos කැමරා කාචයට හසු කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ ජර්මනියේ පිහිටි Hyundai technical center පරිශ්රයේදීයි.
පිටත පෙනුමෙන් මෙම රථය සුදු දොරවල් හතර සහිත අප කලින් දැක ඇති i30 hatchback සහ fastback prototypes වලට සමාන බව හිතන්න පුලුවන්. ඒ වගේම වහලයේ black roof rails බලා ගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි නවතම රථයේ side glass පැහැදිලිවම විශාල C-pillar එකකින් සහ long-roof design එකකින් සමන්විත වෙනවා.
නමුත් විශාල ආවරණයක් තියෙන නිසා වාහනයේ rear එක හරියටම මොන වගේද කියලා තීරණය කිරීමේ හැකියාවක් නැහැ.
නමුත් පැරණි generations සමඟ සසඳා බැලීමේදී මෙවර පසුපස රෝද වලට වාහනයේ body එක extra length එකක් ලබා ගෙන තිබෙනවා. පිටුපස වගේම ඉදිරිපසත් ආවරණය කර තිබෙන නිසා අපිට front design එක පිළිබඳවත් තම පැහැදිලි අදහසක් ප්රකාශ කරන්න අපහසුයි.
Hyundai i30 Wagon රථයේ exterior එක වගේම interior එකෙත් වෙනස්කම් තියෙනවා කියලා අපිට හිතන්න පුලුවන්. ඉතින් CarsGuide සමඟ සිටින ඔබට ඉදිරියේදී මේ පිළිබඳ අලුත්ම විස්තර රැගෙන එන්න අපි සූදානම්.