වාහන ආනයනය ගැන කැබිනට්ටුව ගත් තීරණය

12 Jun, 2024   
වාහන ආනයනය ගැන කැබිනට්ටුව ගත් තීරණය

සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

2023 අංක දෙක දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාරව ශ්‍රී ලංකාවට මෝටර් රථ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

එහෙත් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් පරිදි සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ බස් රථ 250ක් හා වෑන් රථ 75ක් ආනයනය කිරීම සඳහා 2024 අප්‍රේල් 01 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කළ එම රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2024 අංක 07 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි සහ එම පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන රෙගුලාසි ඒ අනුව පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කෙරේ.

(Source : Ada Derana)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
MG ZS 2018 for Sale

MG ZS 2018

100,420 km, Colombo
MEMBER
Rs 8,900,000
1 week ago
Honda Vezel 2017 for Sale

Honda Vezel 2017

89,000 km, Kandy
MEMBER
Rs 13,350,000
1 day ago
Peugeot 3008 Active 2018 for Sale

Peugeot 3008 Active 2018

62,000 km, Gampaha
MEMBER
Rs 16,500,000
3 days ago
Kia Sportage Orange Package 2010 for Sale

Kia Sportage Orange Package 2010

110,000 km, Gampaha
MEMBER
Rs 9,500,000
1 month ago
Honda Vezel Z Grade 2024 for Sale

Honda Vezel Z Grade 2024

67 km, Gampaha
MEMBER
Rs 21,500,000
2 weeks ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman