Lagonda නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතියි

20 Mar, 2024   
Lagonda නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතියි

Luxury Vehicles කිව්ව ගමන් අපේ මතකෙට එන වාහන කීපය අතරින් ඉහළින්ම තියෙන නමක් තමයි Aston Martin කියන්නේ. ඉතින් මේ Aston Martin සමාගමෙන් එළියට දැම්ම Luxury Vehicle එකක් තමයි Lagonda. Lagonda කියන්නේ British luxury car brand එකක්. ඉතින් මේ car brand එක ආරම්භ වෙන්නේ 1906දී. 1947 අවුරුද්ද වෙනකොට Lagonda කියන brand name එක Aston Martin සමාගමට අයත් වෙනවා.
හැබැයි අවාසනාවකට අවුරුදු 118ක් පරණ මේ Lagonda luxury car brand එක සම්පූර්ණයෙන්ම නවත්වන්න Aston Martin සමාගම තීරණය කරලා තියෙනවා. අද CarsGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ ඒ ගැන.

Aston Martin සමාගම sports cars කෙරෙහි අවධානය යොමු කරන බැවින් Lagonda නිෂ්පාදනය කරන සම්පූර්ණයෙන්ම නතර කරන බවයි වාර්තා වන්නේ. මේ වන විට සාමාන්‍ය Aston Martin මෝටර් රථයක් පවුම් 213,000 ක් පමණ වෙනවා. මෙයට හේතුව වන්නේ High levels personalization වාහන නිෂ්පාදනය කිරීමයි. නමුත් සමාගමට වෙන් වූ සුඛෝපභෝගී සන්නාමයක් දියත් කිරීමට කිසිදු සැලසුමක් නැති බවයි සමාගමේ ඉහළ නිලධාරීන් සඳහන් කරන්නේ.

නමුත් Aston Martin සමාගම තම කලින් ප්‍රධාන විධායක නිලධාරි Andy Palmer යටතේ සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණා. විශේෂයෙන්ම ඔහු Bentley සමාගමට ප්‍රතිවාදියා ලෙස Lagonda පුනර්ජීවනය කිරීමට සැලසුම් කරමින් සිටියා. එසේම 2018දී සහ 2019දී concept cars විදිහට super-saloon සහ SUV නිර්මාණයට Lagonda සැලසුම් කර තිබුණා.

2020 දී Palmer ගේ ඉවත්වීමෙන් පසුව, Lagonda ව්‍යාපෘතිය පිළිබඳව කිසිදු විස්තරයක් වාර්තා වුණේ නැහැ. නමුත් බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ Aston Martin හි දැනට පවතින sports cars සඳහා ආයෝජනය කිරීම, DBX SUV launch සහ Valkyrie hypercar සංවර්ධනය කිරීම සඳහා එය අත්හිටුවා ඇති බවයි.
මේ සිද්ධියෙන් පසුව Aston Martin සමාගමේ දැන් සභාපති Lawrence Stroll පවසා ඇත්තේ Aston Martin, සුඛෝපභෝගී වෙළඳපොලට ගෙනයාමට තමාට අභිලාෂයක් නොමැති බවයි. මේ විදිහට තමයි අවුරුදු 118ක් පරණ මේ Lagonda luxury car brand එක සම්පූර්ණයෙන්ම නවත්වතින්නේ.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz C200 AMG Premium 2018 for Sale

Mercedes Benz C200 AMG Premium 2018

41,000 km, Gampaha
MEMBER
Rs 26,990,000
2 weeks ago
Hyundai Grand i10 2023 for Sale

Hyundai Grand i10 2023

24,000 km, Galle
MEMBER
Rs 8,390,000
6 minutes ago
Honda Civic EX Tech Pack 2017 for Sale

Honda Civic EX Tech Pack 2017

40,000 km, Colombo
verified MEMBER
Rs 13,650,000
7 minutes ago
Toyota Harrier 2008 for Sale

Toyota Harrier 2008

110,000 km, Gampaha
MEMBER
Rs 10,200,000
13 minutes ago
Honda Fit 2012 for Sale

Honda Fit 2012

145,000 km, Gampaha
MEMBER
Rs 6,850,000
13 minutes ago
Auto Parts for saleikman logo
Toyota Chr Front Buffer for Sale

Toyota Chr Front Buffer

verified MEMBER
Rs 50,000
9 minutes ago
GPS tracker for Sale

GPS tracker

verified MEMBER
Rs 12,550
9 minutes ago
Toyota Prius Taillight for Sale

Toyota Prius Taillight

verified MEMBER
Rs 33,000
14 minutes ago
Toyota Prius Head Light for Sale

Toyota Prius Head Light

verified MEMBER
Rs 90,000
14 minutes ago
+ Post an ad on ikman