Peugeot e-3008 කියන්නේ, French brand එකේ first model එක. මේ මඟින් වසරකට මෝටර් රථ මිලියන දෙකක් නිෂ්පාදනය කරනවා. e-3008 හී 1st Generation එකේ සිට, එහි bodystyle එක වෙනස් කළ අතර, 2nd generation එකේ සාර්ථකත්වය හේතුවෙන්, නව e-3008 මෑත කාලීනව Peugeot 408 වෙතින් bold fastback design එකක් ලබා ගෙන තිබෙනවා. ඉතින් අද CarsGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ, 2024 Peugeot e-3008 ට හිමි වුණු, bold coupe look එක ගැන.
මේ model එකට තත්පර 6.4 ක කාලයක් තුළදී 0 සිට 62 km/h දක්වා යන්න හැකියාව තිබෙනවා. Drag coefficient එක 0.28 ලෙස පවත්වා ගැනීමට ඉඩ ලබා දෙන aerodynamic කාර්යය පමණක් නොව, new heat pump එක, cooling system එක සහ ටයර් වල ඝර්ෂණය අඩු කරන bearing හරහා e-3008 ට උපරිම efficiency එකක් ලබා දීමට අවධානය යොමු කර තිබෙනවා.
නව e-3008, එය replace කළ මෝටර් රථයට වඩා සුළු වශයෙන් විශාල වන අතර coupé-esque roof එක හේතුවෙන් compact appear එකක් මෙයට ලැබී තිබෙනවා.
මෙහි ඉදිරි පස ඇති e-3008 model name එක, glasshouse එකේ internally mounted window සහ rear floating spoiler එක නිසා, visual transformation එකෙන් එහාට ගිය new design එකක් දකින්න ලැබෙනවා.
එමෙන්ම මෙහි interior එක සඳහා Peugeot’s i-Cockpit හී නවතම version එකක් වන driver display එක සහ central infotainment විදිහට 21 inch curved LED screen එකක් හඳුන්වා දී තිබෙනවා. මීට අමතරව e-3008 ට 10 inch වන standard separate displays දෙකක් ලැබෙනවා.
මෙම මෝටර් රථයේ කොතැනකවත් chrome භාවිතා කර නොමැති අතර interior එක සඳහා Fabric සහ Aluminium යොදාගෙන තිබෙනවා. Eco, Normal සහ Sport මෙහි ඇති driving modes අතරට ඇතුළත් වන අතර e-3008 හී ඇති new suspension එක සහ dynamic roadholding හේතුවෙන් හොඳ comfort එකක් ලබා දීමේ හැකියාව තිබෙනවා.
ඉතින් මේ විදිහට වාහන වල අලුතෙන්ම සිදු වන වෙනස්කම් ඇතුළු, ලෝකෙම තිබෙන වාහන සම්බන්ධ අලුත් විස්තර, ඉදිරියටත් CarsGuide තුළින් ඔබට දැන ගන්න පුළුවන්.