විද්‍යුත් වාහන ගැන ලෝකයෙන් ඇසෙන අලුත්ම කතාව මෙන්න

08 Dec, 2023   
විද්‍යුත් වාහන ගැන ලෝකයෙන් ඇසෙන අලුත්ම කතාව මෙන්න

ෆොසිල ඉන්ධන යුගයේ අවසානය කරා ලෝකය යොමුවෙද්දී EV නැත්නම් විද්‍යුත් වාහන භාවිතය ලොව පුරා ප්‍රචලිතවෙමින් පවතින බව රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කරනවා.

ලෝකයේ රටවල් රැසක් මේ වනවිට කාලගුණ විපර්යාසවලට මුහුණ දෙමින් සිටීම නිසා පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුවීඹ ඊට හේතුව වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව පසුගියදා ඩුබායිහි පැවති COP28 සමුළුවේදී සාකච්ඡාවට ගැනුණි.

කෙසේ වුවද ප්‍රංශය මූලික කරගත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පුරෝකථනය කරන්නේ, මෙම දශකය අවසානය වනවිට ලෝක ඉන්ධන පරිභෝජනය එහි උච්චතම අගය සටහන් කරනු ඇති බවය.

එය දෛනිකව ඉන්ධන බැරල් මිලියන 103ක් වනු ඇතැයි පැවසෙයි.

ප්‍රවාහනය, ලොව ඉන්ධන ඉල්ලුමෙන් සියයට 60කට හේතුවී තිබේ.

අමෙරිකාවේ ඉන්ධන ඉල්ලුමෙන් ප්‍රවාහනය සඳහා වන ඉන්ධන ඉල්ලුම් ප්‍රතිශතයක් ලෙස සියයට 10කි.

කෙසේ වුවද ඉදිරියේ දී මෙම ඉල්ලුම් පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අපේක්ෂා කරයි.

ඔවුන් 2030 වසර වනවිට දෛනිකව තෙල් බැරල් මිලියන 5ක අවමවීමක් අපේක්ෂා කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙනි.

මේ වනවිට ලොව වාහන ඉල්ලුමෙන් විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම් සියයට 30කි.

මෙම දශකය අවසානය වනවිට එය සියයට 40ත් 45ත් අතර අගයත් දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අපේක්ෂා කරයි.

2015 ප්‍රංශ සම්මුතිය වන්නේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක් ඇතුළත පවත්වාගෙන යාමට ය.

කෙසේ වුවද ප්‍රංශ සම්මුතියට අනුව, ගෝලීය උෂ්ණත්වය සීමා කිරීම සඳහා වන එම අරමුණ ඉටුකර ගැනීම සඳහා 2030 වනවිට විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම තවත් ඉහළ යායුතු බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ අපේක්ෂාව වෙයි.

විද්‍යුත් වාහනවල මිල සහ ආරෝපණ මධ්‍යස්ථාන ප්‍රමාණය මත විද්‍යුත් වාහන සඳහා වන ඉල්ලුම් රඳා පවතී.

චීනය සැලකෙන්නේ එම සාධක දෙකෙන්ම පිරිපුන් රටක් ලෙසට ය.

චීනයේ විද්‍යුත් වාහනයක සාමාන්‍ය මිල ඩොලර් 33, 964කි.

අමෙරිකාවේ විද්‍යුත් වාහනයක මිල ඩොලර් 53,000 ඉක්මවයි.

එමෙන්ම, අමෙරිකාවේ ඇති ආරෝපණ මධ්‍යස්ථාන ගණන 52,000ක් පමණක් වන අතර චීනයේ ආරෝපණ මධ්‍යස්ථාන ගණන මිලියනයකට අධික ය.

ඒ අනුව ඉදිරියේදී චීනය, ලෝක විද්‍යුත් වාහන වෙළෙඳපොලේ ප්‍රමුඛත්වය ගනු ඇතැයි අපේක්ෂිතය.

(Source : Ada Derana)

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 318i M” Sport individual 2019 for Sale

BMW 318i M” Sport individual 2019

24,000 km, Colombo
verified MEMBER
verified
Rs 23,690,000
1 day ago
Kia Stonic 2025 for Sale

Kia Stonic 2025

11,000 km, Colombo
MEMBER
Rs 12,500,000
4 weeks ago
Honda Vezel Z PREMIUM SUNLIGHT 2026 for Sale

Honda Vezel Z PREMIUM SUNLIGHT 2026

0 km, Colombo
verified MEMBER
Rs 19,250,000
1 day ago
Micro Trend 2012 for Sale

Micro Trend 2012

90,000 km, Kalutara
MEMBER
Rs 1,850,000
25 minutes ago
Land Rover Discovery Sport HSE 2015 for Sale

Land Rover Discovery Sport HSE 2015

76,000 km, Colombo
MEMBER
verified
Rs 4,500,000
3 days ago
Auto Parts for saleikman logo
Toyota Prius Hybrid Battery for Sale

Toyota Prius Hybrid Battery

MEMBER
Rs 30,000
21 minutes ago
Suzuki Swift ZC 71 S Front Bumper Cowl for Sale

Suzuki Swift ZC 71 S Front Bumper Cowl

verified MEMBER
verified
Rs 5,498
42 minutes ago
Riding Gloves for Sale

Riding Gloves

MEMBER
Rs 25,000
1 hour ago
+ Post an ad on ikman