Torque converter එක ගැන කලින් දැනගෙන හිටියද

30 Aug, 2024   
Torque converter එක ගැන කලින් දැනගෙන හිටියද

Have you ever wondered how an automatic car shifts gears without using a clutch? Well, it’s all thanks to a nifty device called a torque converter. Typically located between the engine’s flexplate and the transmission, the torque converter plays a similar role to that of the mechanical clutch in a manual transmission. So today, through CarsGuide, we’re diving into the fascinating world of torque converters!

What is a Torque Converter?

Simply put, a torque converter is a device that transmits power using fluid. It takes the torque from the engine and, using fluid dynamics, delivers it to the transmission system. The main components involved in this process are:
Impeller

The impeller, with its visible blades, is where the action starts. As the impeller spins, it throws the fluid outward due to centrifugal force. The faster it spins, the greater the centrifugal force becomes.

Turbine

Positioned opposite the impeller, the turbine gathers the fluid that the impeller disperses and directs it toward its center. This action results in centripetal force. Here, the impeller, also known as the pump, is driven by the engine. The centripetal force generated powers the turbine, which then transmits power to the transmission. This setup is commonly referred to as a quick coupling. Interestingly, although it might appear that the impeller (pump) drives the gearbox, it’s actually the turbine that does the job.

Stator

Positioned between the impeller and the turbine, the stator is essential for efficiency. By redirecting some of the fluid from the turbine, the stator reduces the load on the impeller, making it easier to maintain centrifugal force. The angles of the blades on these components help regulate the forces acting within the converter, ensuring smooth operation.

Lockup Clutch

This is the fourth component of a modern torque converter, a more recent technological advancement. The lockup clutch minimizes slippage within the converter at high speeds, enhancing fuel efficiency and reducing fuel consumption.
Advantages of a Torque Converter

Smooth Driving Experience

Torque converters provide a smooth engagement, making it easier to start moving compared to manual transmissions. They also offer torque multiplication, allowing for strong acceleration and rapid pickup, especially at lower speeds.
Adaptability

Automatic transmissions equipped with torque converters can quickly adapt to various driving conditions, ensuring optimal performance. They can shift gears based on speed, load, incline, and other factors, maintaining a smooth and efficient drive.

Towing Capacity

Many automatic transmissions with torque converters have torque multiplication capabilities, making them well-suited for towing. This added towing capacity is another significant advantage of torque converters.

Disadvantages of a Torque Converter

Higher Fuel Consumption
Torque converters tend to consume more fuel than manual clutches.Increased Maintenance Costs
Due to their complexity, torque converters can be more expensive to maintain.
Dependence on Engine Speed

The performance of a torque converter is directly related to the engine’s rotational speed.
So, there you have it,a deep dive into torque converters! Now you know that the impeller, turbine, stator, and lockup clutch all play crucial roles in how these devices function. With this knowledge, you can appreciate the thought and engineering that goes into making torque converters work. Don’t forget to share this information with anyone who’s as curious as you are about the fascinating world of automotive technology!

Auto gear වාහනයක් drive කරනකොට ඔබ නිකමට හරි හිතුවද, clutch එකක් නැතුව gear මාරු වෙන්නේ කොහොමද කියලා? ඇත්තටම මේ වැඩේට auto gear වාහන වලට දාලා තියෙන්නේ, torque converter. මේක සාමාන්‍යයෙන් engine එකේ flexplate එක සහ transmission එක අතර තමයි පිහිටන්නේ. එතකොට manual transmission එකක නම්, mechanical clutch තමයි, මේ torque converter එකට සමාන උපාංගයක් විදිහට තියෙන්නේ. ඉතින් CarsGuide තුළින් අද අපි ඔබට කියන්න යන්නේ, torque converter එක ගැන.

මොකක්ද මේ torque converter කියන්නේ?

කෙටියෙන් කිව්වොත්, torque converter එකක් කියන්නේ, fluid එකක් උදව් කරගෙන power එක transmit කරන්න යොදාගෙන තියෙන උපකරණයක්. මෙතනදි වෙන්නේ, engine එකෙන් ලබා දෙන torque එක, මේ fluid එක හරහා transmission system එකට ලබා දෙන එක. මේ කාර්ය සඳහා උදව් කරන, torque converter එකට සම්බන්ධ වෙන ප්‍රධාන කොටස් තුනක් තියෙනවා.

1. Impeller

Impeller එකේ ඔබට blade බලා ගන්න පුළුවන්. මේ impeller එක කැරකෙනකොට impeller එක තුළ තියෙන fluid එක දෙපසට විසි වෙනවා. මේකට හේතුව තමයි, impeller එක කැරකෙනකොට ඇති වෙන centrifugal force එක. ඒ කියන්නේ කේන්ද්‍රාපසාරී බලය. කැරකෙන speed එක වැඩි වෙනකොට මේ centrifugal force එකත් වැඩි වෙනවා.

2. Turbine

Turbine එක පිහිටලා තියෙන්නේ, impeller එකට ඉදිරියෙන්. මෙතනදි වෙන්නේ, impeller එකෙන් දෙපසට විසිරුවා හැරපු fluid එක center එකට එකතු කරලා ගන්න එක. අන්න ඒ නිසා කේන්ද්‍රාභිසාරී බලයක් තමයි මෙතනදි ඇති වෙන්නේ. එතකොට මේ impeller එක නැත්නම් pump එක තමයි engine එක මඟින් කරකවන්නේ. මෙතනදී ඇති වෙන කේන්ද්‍රාපසාරී බලය turbine එකට ලැබිලා, ඒක කැරකෙන්න පටන් ගන්නවා. ඒක තමයි transmission එක පැත්තට power එක transmit කරන්නේ. මෙන්න මේකට තමයි, quick coupling එකක් කියලා කියන්නේ.

තවත් දෙයක් තමයි, පිටින් බලනකොට, engine එක පැත්තේ තියෙන්නේ, turbine එක. එතකොට gear box එක පැත්තේ තියෙන්නේ, impeller එක. හැබැයි එහෙමයි කියලා, gear box එක කරකවන්නේ, මේ impeller එකෙන් නෙවෙයි. ඒක කරන්නේ, turbine එක මඟින්.

3. Stator

Torque converter එකේ තියෙන turbine එක පැත්තෙන් ලැබෙන fluid එක සම්පූර්ණයෙන්ම impeller එකේ center එකට යවන්නේ නැතුව, යම් fluid ප්‍රමාණයක් දෙපසට විසි කිරීමෙන් මේ වැඩේ තවත් efficiently කර ගන්න පුළුවන් වෙන නිසා තමයි, impeller එක සහ turbine එක අතරට stator එකක් දාලා තියෙන්නේ. එතකොට turbine එක පැත්තෙන් එන fluid එක stator එක හරහා ගිහින් පොඩි ප්‍රමාණයක් දෙපසට විසිවෙලා තමයි යන්නේ. අන්න එතකොට impeller එකට centrifugal force එකක් හදාගන්න ලේසියි. මෙතනදී impeller, stator සහ turbine කියන මේ කොටස් තුනේම තියෙන blade වල angle වලින් තමයි, කේන්ද්‍රාපසාරී සහ කේන්ද්‍රාභිසාරී විදිහට බලය ලබා ගන්න උදව් වෙන්නේ.

4. Lockup clutch

මේ තමයි torque converter එකක තියෙන හතරවෙනි කොටස. දැන් ඔබ බලයි, අපි කලින් කිව්වේ කොටස් තුනක් ගැන විතරයිනේ කියලා. ඇත්තටම කොටස් තුනක් තමයි තියෙන්නේ. හැබැයි වර්තමානය වෙනකොට torque converter වල තියෙන technology එක advanced වෙලා lockup clutch එකත් එකතු වෙලා තියෙනවා. මේ lockup clutch එක මඟින්, ලොකු speed එකකින් converter එක තුළ slip වෙන එක නැති කරලා, fuel efficiency එක වැඩි කරනවා. ඒ වගේම lockup clutch එක මඟින් fuel consumption එකත් අඩු කරනවා.

Torque converter එකේ වාසි මොනවද?

Drive කරන්න පහසුයි.

Torque converter එකේ වාසි ගැන කතා කරනකොට, smooth engagement එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ, manual වාහනයකට වඩා හොඳ smooth එකකින් ඔබේ ඕනම ගමනක් පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි torque multiplication එකත් තියෙනවා. මේක සාමාන්‍යයෙන් low speed එකේදී හොඳ torque එකක් ලබා දෙනවා වගේම, හොඳ acceleration එකක් එක පාර pickup කර ගන්න පුළුවන්.

Adaptability එක.

Automatic transmission විවිධ driving conditions වලට adapt වෙන්න ඉඩ ලබා දෙනවා. අනිත් දේ තමයි විවිධ අවස්ථා වලදී optimal performance එක සහතික කරමින්, speed එක, load එක සහ incline එක වගේ විවිධ factors base කරගෙන ඉක්මණින් gear shift කරන්න පුළුවන්.

Towing capacity එක.

ගොඩක් torque converter තියෙන automatic transmissions වලට torque multiplication capabilities තියෙන නිසා, towing වලට හොඳින් match වෙනවා. අන්න ඒ නිසා, මේ towing capacity එකත් torque converter එකේ වාසියක් වෙනවා.

Torque converter එකේ අවාසි මොනවද?

– Fuel consumption එක තරමක් වැඩියි.
– Maintenance cost එක වැඩියි.
– Engine rotation speed එක මත රඳා පවතියි.

මේ තමයි, torque converter එකේ කතාව. එතකොට torque converter එක මඟින් ඉටු කරන මේ කාර්ය සඳහා උදව් වෙන්නේ, impeller, turbine, stator වගේම lockup clutch කියන කොටස් කියලා දැන් ඔබ දන්නවා. ඇත්තටම මේ වගේ විවිධ කොටස් මේ torque converter එකට එකතු කරන්න විවිධ හේතු බලපාලා තියෙනවා කියන්නත් ඔබ දන්නවා. එහෙනම් මේ torque converter එකේ කතාව නොදන්න අය එක්කත් මේක share කර ගන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Avanza 2007 for Sale

Toyota Avanza 2007

171,000 km, Gampaha
MEMBER
Rs 5,500,000
1 minute ago
Suzuki Wagon R FZ Hybrid 2017 for Sale

Suzuki Wagon R FZ Hybrid 2017

150,000 km, Colombo
MEMBER
Rs 6,190,000
2 weeks ago
Toyota Land Cruiser Sahara V8 Fully Loaded 2012 for Sale

Toyota Land Cruiser Sahara V8 Fully Loaded 2012

122,000 km, Colombo
verified MEMBER
Rs 58,500,000
8 minutes ago
Suzuki Wagon R FZ 1st Owner|CBD XXXX 2018 for Sale

Suzuki Wagon R FZ 1st Owner|CBD XXXX 2018

85,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,275,000
8 minutes ago
Toyota Premio G SUPERIOR 2011 for Sale

Toyota Premio G SUPERIOR 2011

196,000 km, Colombo
verified MEMBER
verified
Rs 10,790,000
10 minutes ago
Auto Parts for saleikman logo
Montero Sport 3D Carpet for Sale

Montero Sport 3D Carpet

verified MEMBER
Rs 25,500
1 week ago
Wagon R Seat Covers for Sale

Wagon R Seat Covers

verified MEMBER
Rs 12,500
1 week ago
15

15" 6x139.7 GT Brand New Jeep Alloy Wheel Set

verified MEMBER
verified
Rs 155,000
17 minutes ago
Premio Fog Lamp Covers for Sale

Premio Fog Lamp Covers

verified MEMBER
Rs 5,850
1 week ago
185/65-15 Good Year Japan Brand New Tyre for Sale

185/65-15 Good Year Japan Brand New Tyre

verified MEMBER
verified
Rs 32,500
21 minutes ago
+ Post an ad on ikman