වාහනයක් drive කරන ඔබ දැනගත යුතුම මාර්ග නීති

10 Nov, 2023   
වාහනයක් drive කරන ඔබ දැනගත යුතුම මාර්ග නීති

අද වෙනකොට මහාමාර්ග වල අනතුරු ගොඩක් අපිට දකින්න අහන්න ලැබෙනවා. මාර්ග වල සිදුවෙන අනතුරු බොහෝමයකට හේතුව මාර්ග නීති පිලිනොපැදීම. ඉතාම සරල නීති වන පාරේ ඉරි කැපීම මඟින් වුණත් ඉතා බරපතල මාරක අනතුරු වෙනවා අපි දැකලා තියනවා. ඉතින් මාර්ග නීති පිලිපැදිය යුත්තේ ඔබේ ‌ආරක්ෂාවට කියන එක ඉතා පැහැදිලියි. අද CarsGuide තුළින් කතා කරන්නේ වාහනයක් drive කරනකොට දැනගන්න ඕනේ මාර්ග නීති මොනවද කියලා.

අදාළ සුදුසුකම් සපුරාලීම

ඔයා වාහනයක් drive කරනවා නම් ඔයාට ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සියල්ල සපුරා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම driving license එක තියෙන්න ඕනේ. වලංගු driving license එකක් නැතුව වාහනයක් drive කරන්න බැහැ.

ඉරියව් ගැන සැළකිලිමත් වීම

රිය පැදවීමේදී භාවිතා කරන ඉරියව් හේතුවෙනුත් මාර්ග අනතුරු වෙන්න පුළුවන්. ඉතින් රිය පැදවීමේදී පහසු ඉරියව් වලට වඩා නිවැරදි ඉරියව් අනුගමනයට පුරුදු වෙන්න. රියදුරු අසුන හරියට adjust කරගෙන, සුක්කානමට උඩින් ඉදිරිය පෙනෙන ලෙස අසුන සකසා ගන්න.

මත්පැන් භාවිතයෙන් වැළකීම

මත්පැන් භාවිතය නිසාත් මාර්ග අනතුරු සිද්ධ වෙනවා. ඔයා මත්පැන් භාවිතා කරලා ඉන්න වෙලාවක වාහනය drive කරන එක හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒකෙන් ඔයාට වගේම පාරේ ගමන් කරන අනිත් අයටත් අනතුරක් වෙන්න පුළුවන් හැකියාව වැඩියි.

වේගය නියමිත පරිදි තබා ගැනීම

වාහනය අතට ගත්ත ගමන් ඔයාට ඕනේ ඕනේ විදිහට වාහනය drive කරන්න බැහැ. හැකි සෑම වෙලාවකම නියමිත වේගය පවත්වා ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම වාහනයේ වේගය ගැනත්‍ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ.

අවධානය තබා ගැනීම

මාර්ගය වෙනුවට දුරකථනය දෙසට නෙත් යොමු කරගෙන පාරේ ගමන් කරන රියදුරන් අපි කවුරුත් දකිනවා. එය සෑම වසරකම අනතුරු දහස් ගණනක් සිදුවීමට හේතුවක්. ඒ නිසා drive කිරීමේදී දුරකථනය භාවිතා කිරීමෙන් වළකින්න. ඔබේ ආරක්ෂාව සෑම විටම ඔබ විසින් බලා ගන්න.

තිරිංග පද්ධතිය ගැන සැළකිලිමත් වීම

වාහනයේ තිරිංග පද්ධතිය හොදින් ක්‍රියාත්මක වෙනවද කියන එක අනිවාර්යෙන්ම බලන්න ඕනේ. මොකද සෑම විටම ඔබ ඉදිරියෙන් ඇති මෝටර් රථය පිටුපස ආරක්ෂිත දුරක් පවත්වා ගෙන ,සෑම විටම ඔබේ ඇස් පාර දෙස තබා ගන්න. නැත්නම් අනතුරක් වෙන්න තියෙන හැකියාව වැඩියි.

ඉස්සර කිරීමේදී සැළකිලිමත් වීම

මාර්ගයේ තනි ඉර හෝ දිවිත්ව ඉර මාර්ගයේ නොපෙනෙන ලොකු වංගුවක දමා ඇත්තේ වාහනයක් ඉස්සර කිරීමේදී සිදුවන අනතුරු වලින් වැළකීමටයි.

Turn Signal භාවිතය

සෑම විටම turn signal භාවිතා කරන්න ඕනේ. ඒත් සංඥා නොමැතිව මංතීරුවෙන් මංතීරුවට මාරු කරන වාහන නම් ඕනේ තරම්. ඉතින් turn signal භාවිතා කිරීම

අනෙකුත් රියදුරන්ට ඔයාගේ චලනයන් දැන ගන්න හා සැලසුම් කරන්න ඉඩ ලබා දීම මඟින් අනතුරු වළක්වා ගන්න පුළුවන් වෙනවා.

අවිධිමත් හැරවීම්

Stop light, signal light සහ දකුණට හෝ වමට ගමන් කිරීම සඳහා නම් කර ඇති මංතීරු ඇත්තේ රියදුරන්ට මඟ පෙන්වීම සඳහායි. රියදුරන් මෙම මාර්ගෝපදේශ නොසලකා හරින විට රිය අනතුරු සිදු වෙනවා. මෝටර් රථ අනතුරු වළක්වා ගැනීම සඳහා, සෑම විටම මාර්ග සංඥා සොයා බලා හැරීමට පෙර නිසි මංතීරුවට ඇතුළු වන්න.

අනාරක්ෂිත මංතීරු වෙනස්වීම්

බොහෝ අවස්ථාවලදී ඔයාට වෙනත් මංතීරුවකට මාරු වීමට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ වෙලා වලදී රියදුරන් ආරක්ෂිතව මංතීරු වෙනස් නොකරන විට, රිය අනතුරකට ලක් වීමේ ඉඩකඩ තියෙනවා. අනතුරක් වළක්වා ගැනීම සඳහා වම් සහ දකුණු හැරවුම් සංඥා භාවිතා කරලා වම් මංතීරුව හෝ දකුණු මංතීරුව වෙත යාමට පෙර සෑම විටම blind spots check කරන්න.

ඉතින් මෙන්න මේ දේවල් තමයි වාහනයක් drive කරන ඔයා දැනගත යුතුම මාර්ග නීති. දැන් ඔයාටත් මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා පරිස්සමින් යන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda City RS VTEC TURBO 2025 for Sale

Honda City RS VTEC TURBO 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 14,500,000
3 days ago
Honda Fit GP1 2013 for Sale

Honda Fit GP1 2013

175,000 km, Colombo
MEMBER
Rs 6,900,000
1 minute ago
Toyota Land Cruiser Sahara V8 ZX 2015 for Sale

Toyota Land Cruiser Sahara V8 ZX 2015

156,000 km, Gampaha
MEMBER
Rs 57,500,000
1 minute ago
Suzuki Alto 2015 for Sale

Suzuki Alto 2015

150,000 km, Colombo
MEMBER
Rs 3,850,000
2 weeks ago
Toyota Vitz KSP130 2018 for Sale

Toyota Vitz KSP130 2018

52,000 km, Colombo
MEMBER
Rs 8,190,000
3 weeks ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman