Manual වාහනයක් හරියටම drive කරන රහස

31 Aug, 2023   
Manual වාහනයක් හරියටම drive කරන රහස

අපි හැමෝගෙම හීනයක් තමයි වාහනයක් කියන්නේ. මේක car එකක්, van එකක් එහෙමත් නැත්නම් cab එකක් වගේ දෙයක් වෙන්නත් පුලුවන්. කොහොම හරි වාහන හීනය සැබෑ කරගත්තත් අපි නිසියාකරව, නිවැරදිව වාහනයක් drive කරන විදිහ දැනගෙන ඉන්න ඕනේ. වාහනයක් ගන්නකොට අපිට auto vehicle එකක් හෝ manual vehicle එකක් තෝරගන්න පුලුවන්. අද කාලේ නම් ගොඩක් වාහන auto ආකාරයට තමයි බලා ගන්න පුලුවන් වෙන්නේ. හැබැයි සමහර වාහන manual option එකෙනුත් වෙළඳපොළට එනවා. අද CarsGuide අපි හිතුවා manual වාහනයක් හරියටම drive කරන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න.

Manual වාහනයක අංග

අපි මුලින්ම බලමු clutch paddle එක ගැන. වාහනයේ floor එකේ වම් පසින් තමයි අපිට clutch paddle එක බලා ගන්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අපි clutch paddle එක gear මාරු කරනකොට engine එක සහ රෝද අතර සම්බන්ධතාවයට උපකාරී වෙනවා. එයට දකුණු පසින් අපිට brake paddle එක බලා ගන්න පුලුවන්. එමඟින් අපිට වාහනය නතර කිරීමට සහ වේගය පාලනය කරන්න පුලුවන්. Brake paddle එකට දකුණු පසින් අපිට accelerator එක දැක ගන්න පුලුවන්. එමඟින් අපිට වේගය වැඩි කිරීමේ හැකියාව තියෙනවා.
ඊළඟට handbrake එක ගැන ගැන කතා කළොත් වාහනය park කිරීමේදී තමයි මෙය අපි භාවිතා කරන්නේ. වාහනයක් ඉදිරියට ගමන් කිරීමේදී ක්‍රමක්‍රමයෙන් වැඩි වේගයක් ලබා ගැනීමට අපිට gear lever එක භාවිතා කිරීමට සිදු වෙනවා.

Paddles භාවිතා කරන ආකාරය

වාහනයක් නැවැත්විමේදී handbrake එක ක්‍රියාත්මක කිරීම අනිවාර්යය දෙයක්. ඒ වගේම වාහනය පණ ගැන්වීමට අවශ්‍ය නම් handbrake එක අක්‍රිය කරන්න ඕනේ. එය handbrake එකේ ඉදිරියේ ඇති කුඩා button එක එබීමේන් සිදු කරන්න පුලුවන්.

ඊට පස්සේ clutch එක පාගමින් පළවෙනි ගියර් එක දැමීම සිදු කරන්න ඕනේ. මෙතනදී ඔබ clutch එක පාගන්නේ නැතුව gear දැමීම නොකළ යුතුයි. ඒ වගේම clutch එක පෑගීම සඳහා භාවිතා කරන්න ඕනේ වම් කකුල පමණයි. වම් කකුලට හොඳ බරක් දීලා clutch එක යටටම පෑගීම සිදු කරන්න ඕනේ.
Brake paddle එක සහ accelerator එක එක භාවිතා කිරීම සඳහා අපි භාවිතා කරන්න ඕනේ දකුණු කකුලයි. නමුත් මේ paddle දෙක කිසිම අවස්ථාවක එකවර භාවිතා කිරීම සිදු වන්නේ නැහැ.

Steering wheel එක භාවිතය

වාහනයක් control කරන්න නම් අනිවාර්යයෙන්ම steering wheel එකක් අවශ්‍ය වෙනවා. Steering wheel එක හරහා සිදුවන දේ තමයි පදවන වාහනයේ දිශාව පාලනය කිරීම. සරලව කිව්වොත් අපි drive කරනකොට වාහනය වමට හෝ දකුණට හැරවීමට තමයි steering wheel එක භාවිතා කරන්නේ. Drive කරනකොට නිවැරදි ලෙස ඉඳගෙන steering wheel එක අත් දෙකෙන්ම අල්ලා ගැනීම වැදගත් වෙනවා.

Drive කරන්න පටන් ගමු

– වාහනය drive කරන්න කලින් අපි seat belt එක පැළඳ ගන්න.
– Drive කරන්න පහසු ආකාරයට driving seat එක adjust කරගන්න.
– හොඳ view එකක් ලැබෙන විදිහට side mirrors හදා ගන්න.
– Gear lever එක neutral තත්වයේ තිබේ දැයි පරීක්ෂා කරන්න.
– වාහනය start කරන්න.

ඉදිරියට යමු

වාහනය start කළාට පස්සේ ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම gear යොදන්න වෙනවා. හැබැයි ඊට කලින්, වාහනය start කරපු ගමන්ම අපි දකුණු කකුල brake එක මත තබා ගන්න ඕනේ. ඊට පස්සේ clutch එක යටටම පාගා පළවෙනි gear එක දැමීම සිදු කරන්න පුලුවන්. පසුව දකුණු පස කණ්නාඩිය බලා signal දැමීම සිදු කරන්න. ඉන් පසුව brake එක දකුණු කකුලෙන් පාගාගෙන සෙමින් clutch එක බුරුල් කරන්න. Clutch එක බුරුල් කරන අවස්ථාවේදී වාහනයේ යම් දෙදරීමක් සිදුවනවා දැනෙන විට handbrake එක පහත කරන්න. ඊට පස්සේ ඒත් සමඟම brake එක නිදහස් කරන්න. ඉන්පසු හිමින් සැරේ accelerator කරන්න ඕනේ. ඔබට වේගය ලබා ගැනීමට නම් clutch එක හිමින් සැරේ සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න.
ඔබට gear මාරු කිරීමට අවශ්‍ය නම් accelerator එකෙන් කකුල ඉවත් කරලා clutch එක පෑගීම අත්‍යාවශ්‍යයි. ඉන්පසු පෙර පරිදිම ඔබට ඉදිරියට යන්න පුලුවන්.

වාහනය නවත්වමු

අපි ඉදිරියට යනවිට වාහනය නැවැත්වීමට අවශ්‍ය වුවහොත් අනිවාර්යයෙන්ම පහළ gear එකකට දාලා තමයි වාහනය නවත්වන්න ඕනේ. මුලින්ම වාහනය නතර කිරීමට අවශ්‍ය නම් වම් පස කණ්ණාඩියෙන් පාර පැහැදිලිද කියා බලන්න ඕනේ. පසුව ඉදිරිය බලලා වාහනය නවත්වන්න ස්ථානයක් තීරණය කරන්න ඕනේ. පසුව වාහනයේ වේගය අඩාල කර ගැනීම සඳහා accelerator එක අතහැර brake එක මතට කකුල ගන්න. වේගය අඩාල වන විට clutch එක පාගා වාහනය දෙවනි gear එකට දමා ගන්න. පසුව වම් පසට signal දමා clutch එක පාගා break කර වාහනය නතර කරන්න පුලුවන්.
පසුව handbrake ඇද, gear lever එක neutral කිරීම සිදු කරන්න.

මේ විදිහට තමයි manual වාහනයක් හරියටම drive කරන්නේ. ඔබ manual වාහනයක් drive කරන්න පටන් ගන්නේ අලුතෙන් නම් මේ ක්‍රියාවලිය ටිකක් අපහසු වෙන්න පුලුවන්. නමුත් නිතර drive කිරීම තුළින් ඔබට ඒ අපහසු ගතිය මග හරවා ගැනීමේ හැකියාව තියෙනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz CLA 200 2014 for Sale

Mercedes Benz CLA 200 2014

52,000 km, Colombo
verified MEMBER
Rs 16,450,000
1 week ago
Suzuki Every Wagon 2014 for Sale

Suzuki Every Wagon 2014

110,000 km, Colombo
verified MEMBER
Rs 6,600,000
31 seconds ago
Land Rover Range Evoque P270e Dynamic SE 2025 for Sale

Land Rover Range Evoque P270e Dynamic SE 2025

0 km, Colombo
verified MEMBER
Rs 48,000,000
1 minute ago
Hyundai Santa Fe 2009 for Sale

Hyundai Santa Fe 2009

118,000 km, Gampaha
MEMBER
Rs 7,750,000
2 weeks ago
Mercedes Benz C200 AMG Premium+ UK Spec 2025 for Sale

Mercedes Benz C200 AMG Premium+ UK Spec 2025

0 km, Colombo
verified MEMBER
Rs 49,900,000
2 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman