Hybrid බැටරි ගැන දැනගත යුතුම දේවල්

28 Jun, 2023   
Hybrid බැටරි ගැන දැනගත යුතුම දේවල්

Hybrid කියපු ගමන් දන්න නොදන්න හැමෝටම මතක් වෙන්නෙ, පරිසර හිතකාමී කියන දේ. හැබැයි ඇත්තටම Hybrid බැටරි ගැන ඔබ දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි අද CarsGuide තුළින් කතා කරමු, Hybrid බැටරි ගැන ඔබ දැනගත යුතුම දේවල් මොනවද කියලා.

Hybrid බැටරියක් කියන්නෙ මොකක්ද?

Hybrid වාහනයක තියෙන්නෙ, ගෑස් බලයෙන් ක්‍රියාත්මක වන මෝටරයක සහ hybrid බැටරියක ක්‍රියාකාරීත්වය. එය recharge කළ හැකි අතර විශාල වාහනයක් චලනය කිරීමට ප්‍රමාණවත් බලයක් සපයනවා.

Hybrid බැටරි ගැන දැනගත යුතු මූලික කරුණු මොනවද?

Hybrid වාහන අද වෙනකොට ගොඩාක් දියුණු වෙලා තියෙනවා. හැබැයි තවමත් දැරිය හැකි මිලකට ඔබට මිලදී ගන්න පුළුවන්. Hybrid වාහන, අභ්‍යන්තර දහන එන්ජින් සහිත වාහන සඳහා හොඳ විකල්පයක්. ඒ වගේම විදුලිය සහ පෙට්‍රල් අතර පරතරය අඩු කරනවා. කැපී පෙනෙන ඉන්ධන පිරිමැස්ම වගේ පැහැදිලි වරප්‍රසාදත් Hybrid බැටරි ඔබට ලබා දෙනවා. තව දෙයක් තමයි Hybrid බැටරි හදලා තියෙන්නෙ, දිගු දුරක් ගමන් කිරීමට හැකි වන පරිදි වීමත් විශේෂත්වයක්.

Hybrid බැටරි වැඩ කරන්නෙ කොහොමද?

Hybrid බැටරියක ඇති පුංචි අඩුපාඩුවක් තමයි එහි සීමිත ආයු කාලය. Bumblebee Batteries අනුව බොහෝ hybrid බැටරි සඳහා වසර 8 ක හෝ සැතපුම් 100,000 ක වගකීමක් තියෙනවා. නමුත් සමහර ඒවා ඒ කාලෙට කළිං අසාර්ථක වෙනවා. අනිත් එක තමයි Hybrid වාහනයක්, Hybrid බැටරියක් නැතුව ධාවනය කරන්න බැහැ. වාසනාවකට Hybrid technology එක සෑම විටම develope වෙමින් පවතිනවා. අලුත් hybrid බැටරි, පැරණි hybrid බැටරි වලට වඩා දියුණු වෙනවා. ඇත්තටම වාහනය බලගැන්වීමට අවශ්‍ය massive charge නිර්මාණය කිරීම සඳහා එකට ක්‍රියා කරන බහු සෛල අඩංගු බැටරි pack එකක් තමයි Hybrid බැටරි කියන්නෙ.

Hybrid බැටරියකින් නිපදවන ශක්තිය, වාහනයේ හැකියාව ඇති විදුලි පරාසය තීරණය කරනවා. ඒ වගේම දී ඇති මොහොතක බැටරියෙන් ලබා ගත හැකි බලය, වාහනයේ acceleration එක තීරණය කරනවා.

Hybrid බැටරි වර්ග මොනවද?

Toyota Prius Hybrid බැටරිය

අඩු උෂ්ණත්ව වලදී බැටරියේ හැකියාවන් අඩු වන අතර ඉහළ උෂ්ණත්ව වලදී බැටරියේ හැකියාවන් වැඩි වෙනවා. Prius බැටරිය, වාහනය නියමිත උෂ්ණත්වයක සහ charge level එකේ තියා ගන්න කැප වෙනවා. ඒ වගේම මේ බැටරිය 201.6 V ක වෝල්ටීයතාවයක් නිපදවනවා.

Toyota Highlander Hybrid බැටරිය

Prius බැටරියට වඩා කුඩා වන අතර අධි වෝල්ටීයතාවයකින් 288 V ක් ලබා දෙනවා.

Ford Escape Hybrid බැටරිය

220 V ක සම්පූර්ණ වෝල්ටීයතාවයක් නිපදවනවා.

Honda Insight බැටරිය

144 V ක සම්පූර්ණ වෝල්ටීයතාවයක් නිපදවනවා. බැටරි පද්ධතිය කළමනාකරණය කරන technology එක EV Plus electric වාහන සඳහා develop කරපු technology එකට සමානයි.

Saturn Vue Hybrid බැටරිය

36 V ක වෝල්ටීයතාවයක් නිපදවනවා. ඒ වගේම මේ බැටරියට 14.5 kW උපරිම බලය ලබා දීමට සහ ලබා ගැනීමට හැකියාව තියෙනවා.

ඉතින් මේ කියපු දේවල් එක්ක වෙනත් බැටරි වලට වඩා Hybrid බැටරි වල තියෙන තාක්ෂණික වෙනස්කම් ඔබට අවබෝධ කරගන්න පුළුවන්. ඒක ඔබේ වාහනය සඳහා hybrid බලය උපරිම ලෙස භාවිතා කරන්න උදව් වෙනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz CLA 200 Premium Plus 2019 for Sale

Mercedes Benz CLA 200 Premium Plus 2019

30,000 km, Colombo
MEMBER
Rs 25,550,000
3 days ago
Toyota Raize first owner 2020 for Sale

Toyota Raize first owner 2020

24,000 km, Colombo
verified MEMBER
verified
Rs 12,200,000
3 minutes ago
Toyota Axio Hybrid 2016 for Sale

Toyota Axio Hybrid 2016

150,000 km, Colombo
verified MEMBER
verified
Rs 11,000,000
7 minutes ago
Renault KWID 2016 for Sale

Renault KWID 2016

165,000 km, Gampaha
MEMBER
Rs 3,400,000
1 week ago
Toyota Corolla Cross Z Prem Grade 2025 for Sale

Toyota Corolla Cross Z Prem Grade 2025

0 km, Colombo
verified MEMBER
Rs 31,100,000
1 week ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
2 weeks ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
12 minutes ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
47 minutes ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
49 minutes ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
1 hour ago
+ Post an ad on ikman