Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

22 Apr, 2024   
Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

මේ කාලේ ගොඩක් අය භාවිතා කරන්නේ auto gear වාහන. මොකද මේ වාහන drive කරන එක manual වාහන drive කරන එකට වඩා ලේසියි. Auto gear වාහනයක් පදිනකොට සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා. ඔයා drive කරන්නෙ auto gear වාහනයක්ද? ඉතින් auto වාහනයක් පදිනකොට සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු ගැන ඔයා දැනුවත්ද? සමහර අය නම් මේ දේවල් ගැන හරියටම දන්නේ නැහැ. අන්න ඒ නිසා අද CarsGuide අපි ඔයාට කියන්නේ auto gear වාහනයක් drive කරනකොට සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු ගැනයි.

Auto වාහනයක් කියන්නේ

මේ auto gear වාහන ලෝකයට හඳුන්වා දීල තියෙන්නේ 1921 වර්ෂයේදී. හැබැයි 2000 වර්ෂයෙන් පස්සේ වගේ තමයි auto gear වලට ලංකාවෙන් වැඩි ඉල්ලුමක් ඇති වුණේ. Manual වාහනයක pedal තුනක් තියෙනවා. ඒ තමයි clutch එක, brake එක සහ accelerator එක කියන්නේ. හැබැයි auto gear වාහනයක accelerator එක සහ brake එක කියන pedal දෙක විතරයි තියෙන්නේ. මේ auto gear වාහන වල clutch pedal එකක් නැහැ. Clutch pedal එකෙන් කරන්න ඕන ක්‍රියාව වාහනය විසින්ම සිදු කරනවා. වාහනය ඉදිරියට ගමන් කරනකොට ඉබේම වාහනයේ gear මාරු වෙනවා.

Auto වාහනයක තියෙන වාසි

Manual වාහනයක විටින් විට gear මාරු කරන්න ඕනේ. ඒක අපිට ටිකක් කරදර වැඩක්. හැබැයි auto වාහනයක ඒ විදිහට gear මාරු කරන්න ඕනේ නැහැ. Auto වාහනවල gear එක අවශ්‍ය වෙලාවට මාරු වෙනවා. මේ නිසා රියදුරුට වාහනය පහසුවෙන් drive කරන්න පුළුවන්. Auto වාහන මඟින් පහසුව වගේම fuel efficiency එකත් වැඩි කරනවා. ඒ වගේම ආරක්ෂාව සහ අනතුරු අඩු කරගැනීම වගේ වාසිත් auto gear වාහනයකින් ලැබෙනවා.

auto වාහන drive කරනකොට සැලකිලිමත් විය යුතු සහ නොකළ යුතු දේවල්

බෑවුමක යනකොට neutral එකට දැමීම

සමහර auto gear වාහන පල්ලමක් බහිනකොට gear වල වැටුණම accelerator කරන්නේ නැති වෙලාවේදී වාහනයේ වේගය ගොඩක් අඩුවෙන්න පුළුවන්. මේ වගේ වේලාවක වාහනය neutral කරලා drive කරන ගමන් brake වලින් වාහනයේ වේගය අඩු කරගන්න ගොඩක් අය උත්සහ කරනවා. වාහනය බෑවුමක යනකොට neutral දාන එකේ මඟින් අනතුරු බහුල වශයෙන් සිදු වෙනවා. ඒ නිසා බෑවුමක වාහනය යනකොට කවදාවත් neutral එකට දැමීම සිදු කරන්න එපා.

Transmission oil පරික්ෂා නොකිරීම

අපි වාහනයේ වෙනත් oil පරික්ෂා කළත් transmission oil පරික්ෂා කරන්නනේ නැහැ. ඒ වුණත් වාහනයේ අනිත් oil වර්ග වගේම transmission oil අනිවාර්යෙන් අපි පරික්ෂා කරන්න ඕනේ. Auto gear වාහනයක transmission oil ප්‍රමාණය පරික්ෂා කරන්න deep stick එකක් තියෙනවා. Engine එක නතර කරලා තියෙනකොට වගේම start කරලා තියෙනකොටත් oil ප්‍රමාණය පරික්ෂා කරන්න ඕනේ කියලා මතක තියාගන්න. වාහනයේ transmission oil අඩු වීමෙන් වාහනයට සිදු වෙන හානිය නිසා වාහනය repair කරන්න ලොකු මුදලක් වියදම් වෙන්න පුළුවන්.

අන්තිම තෙල් ටිකෙනුත් drive කිරීම

Fuel tank එකේ තෙල් අඩු වෙනකොට තෙල් පුරවගන්නේ නැතුව වාහනය drive කරන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. මේ මඟින් වාහනයේ engine එකට වගේම වාහනයේ අමතර කොටස් වලටත් හානි සිදු වෙනවා. ඒ නිසා auto gear වාහනයක fuel පොඩි ප්‍රමාණයක් හරි ඉතුරු වෙන්න දෙන එක ගොඩක් වැදගත්.

වාහනය නවතින්න කලින් parking mode එකට දැමීම

වාහනය සම්පූර්ණයෙන්ම නවතින්න කලින් parking mode එකට දැමීමත් ගොඩක් අය කරන ලොකු වැරද්දක්. Park අවස්ථාවේ වාහනය drive කරන්නේ නැතුව තියාගන්න කුඩා brake pin එකක් තියෙනවා. වාහනය සම්පූර්ණයෙන්ම නවතින්න කලින් park එකට දාන එකෙන් මේ pin එක ඉක්මනටම ගෙවිලා යන්න බලනවා. ඒ වගේම gear පිහිටලා තියෙන විදිහ අනුව වාහනය drive කරන ගමන් නවත්වන්න උත්සාහ කිරීමේදී ඔයාට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වාහනය සම්පූර්ණයෙන්ම නතර වුණාට පස්සේ parking mode එකට දැමීම සිදු කරන්න ඕනේ.

මේ තමයි auto වාහනයක් drive කරනකොට ඔයා දනාගන්න ඕනේ කරුණු. ඉතින් ඔයත් drive කරන්නේ auto gear වාහනයක් නම් අනිවාර්යෙන් අද අපි කියපු දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW X5 Xdrive 40 E M-Sport 2016 for Sale

BMW X5 Xdrive 40 E M-Sport 2016

84,000 km, Colombo
MEMBER
Rs 27,500,000
6 days ago
Nissan Cefiro 2001 for Sale

Nissan Cefiro 2001

215,000 km, Colombo
MEMBER
Rs 2,950,000
7 minutes ago
Honda Vezel 2018 for Sale

Honda Vezel 2018

26,000 km, Colombo
MEMBER
Rs 14,490,000
2 weeks ago
Toyota Allion 2016 for Sale

Toyota Allion 2016

96,000 km, Colombo
MEMBER
Rs 14,500,000
1 month ago
Honda Vezel Z sensing 2019 for Sale

Honda Vezel Z sensing 2019

90,000 km, Colombo
MEMBER
Rs 13,700,000
15 minutes ago
Auto Parts for saleikman logo
Wagon R FX 44s Tail Light for Sale

Wagon R FX 44s Tail Light

verified MEMBER
Rs 30,000
1 week ago
Toyota Prius Window Trims for Sale

Toyota Prius Window Trims

verified MEMBER
Rs 7,500
1 hour ago
Montero V98 Side Mirror Lens for Sale

Montero V98 Side Mirror Lens

verified MEMBER
Rs 4,500
1 hour ago
Toyota Premio Leather Seat Covers for Sale

Toyota Premio Leather Seat Covers

verified MEMBER
Rs 45,000
1 hour ago
+ Post an ad on ikman