Third Party Insurance එකක් තියෙන ඔබ දැන ගත යුතුම දේවල්

01 Dec, 2023   
Third Party Insurance එකක් තියෙන ඔබ දැන ගත යුතුම දේවල්

ඔබ දැනටමත් දන්නවා, වාහනයක් පාරේ drive කරන්න නම්, අනිවාර්යයෙන්ම 3rd party insurance එකක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඔබත් වාහනයට 3rd party insurance එකක් දාලාද තියෙන්නේ? එහෙනම්, ඔබ මේ insurance එක ගැන දැන ගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. සමහර විට ඔබට හිතෙන්න පුළුවන්, insurance එකක් ඕනම නිසා, වාහනයට 3rd party එකක් දානවා කියලා. ඇත්තටම 3rd party එකක් අවශ්‍ය, වාහනය පාරේ ගෙනියන්න විතරමද? වාහනයට අනතුරක් වුණොත්, 3rd party insurance එකකින් claim එකක් ගන්න පුළුවන්ද? මේ විදිහට 3rd party insurance එක ගැන ඔබ දැන ගත යුතුම දේවල් ගැන තමයි, CarsGuide අපි අද ඔබට කියන්නේ.

Third party insurance එකක් කියන්නේ මොකක්ද?

ඔබේ වාහනය නිසා, තුන්වෙනි පාර්ශවයට සිදු වෙන මූල්‍යමය පාඩුවක්, දේපළ හානියක්, ශාරීරික තුවාල හෝ තුන්වෙනි පාර්ශවයට පැන නගින යම් නීතිමය ගැටළුවක් ආවරණය කරන්න ලබා දෙන රක්ෂණයක් තමයි, 3rd party insurance එකක් කියන්නේ.
ඒ කියන්නේ, මේ මඟින් රක්‍ෂණය කරන වාහනය හා වාහනයේ යන අයගේ ජීවිත ආවරණය වෙන්නේ නැහැ. හැබැයි අනතුරට පත් වෙන බාහිර ජීවිත හා දේපළ 3rd party එකෙන් ආවරණය වෙනවා.

Third party එකෙන් claims ගන්න පුළුවන්ද?

තුන්වෙනි පාර්ශවය ගැන කතා කරනකොට, කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි තුන්වෙනි පාර්ශවයේ සිදු වෙන දේපළ හානි වෙනුවෙන් අදාළ වන්දිය ලැබෙන එක. මෙතනදී පාරේ තියෙන නිශ්චල හෝ චංචල දේපළකට හානි වෙන්න පුළුවන්. අනිත් කොටස තමයි, ඔබේ වාහනය නිසා, තුන්වෙනි පාර්ශවයට යම් ජීවිත හානියක් සිදු වුණොත්, මේ 3rd party එක හරහා තුන්වෙනි පාර්ශවයට වන්දි ලබා දීම සිදු කරනවා. එහෙම බැලුවොත් 3rd party insurance එකක් කියන්නේ, වන්දි දෙන්න නෙවෙයි, වන්දි අරන් දෙන්න පුළුවන් රක්ෂණයක්.

Claim ලැබෙන්නේ කොහොමද?

හිතන්න, ඔබේ වාහනය, තවත් වාහනයක් සමඟ accident වුණා කියලා. වාහන දෙකම 3rd party insurance එකක් දාලා තියෙනවා නම්, වැරදිකරු විසින්, නිවැරදි පාර්ශවයට වන්දි මුදල් ලබා දෙනවා. හැබැයි මෙතනදි තුන්වෙනි පාර්ශවයට වන්දි මුදල් ලැබෙන්නේ, නිවැරදිකරු නම් විතරයි.
ඊළඟට ඔබේ වාහනයට 3rd party එකක් දාලා තිබුණත්, අනතුරට පත් වෙන අනිත් වාහනය කිසිම රක්ෂණයක් දාලා නොතිබුණොත් මොකද වෙන්නේ? Third party insurance එකක් නැතුව වාහනයක් පාරේ drive කරන එක නීති විරෝධියි. හැබැයි රක්ෂණාවරණයක් නැති වාහන අයිතිකරු, නිවැරදිකරු නම්, වැරදිකරු වුණු පාර්ශවයේ 3rd party එක හරහා වන්දි මුදල් ලැබෙනවා. ඒත් කිසිම රක්ෂණයක් නොතිබීම නිසා, පොලීසියට දඩ මුදල් ගෙවන්න තුන්වෙනි පාර්ශවයට සිද්ධ වෙනවා.

Third party එකක් අවශ්‍ය ඇයි?

Third party insurance එකක් නැතුව වාහනයක් පාරට දාන්න බැහැ. Drive කරනකොට, හදිස්සියේ හරි පොලීසිය ඔබව නතර කරපු වෙලාවක 3rd party insurance එකක්වත් වාහනයට නැත්නම්, ඔවුන්ට පුළුවන් ඔබව උසාවි දඩයකට යටත් කරන්න. හැබැයි, 3rd party insurance එකක් තිබුණු පලියට ඔබේ වාහනයට හානියක් වුණා කියලා, ඔබට claims ගන්න බැහැ. ඔබේ වාහනය නිසා, තුන්වෙනි පාර්ශවයට හානියක් වුණොත්, සමහර විට ඒ වෙලාවේ ඔබ ළඟ ලොකු මුදලක් නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් තුන්වෙනි පාර්ශවයට වන්දියක් දෙන්න වෙන්නේ නැහැ. එතකොට තුන්වෙනි පාර්ශවය ලොකු අපහසුතාවයකට පත් වෙනවා. අන්න ඒ වගේ තැනකදී මේ 3rd party insurance එක ඔබට වගේම තුන්වෙනි පාර්ශවයටත් වැදගත් වෙනවා.

රක්ෂණ සමාගමට ගිය ගමන් claim ගන්න පුළුවන්ද?

Third party insurance එකකදී claim ගන්න යම් procedure එකක් තියෙනවා. අලාභ හානිය පියවා ගන්න නම්, මුලින්ම පොලීසිය දැනුවත් කරන්න ඕනේ. ඊට පස්සේ උසාවිය දක්වා යන්න ඕනේ. එතනදී උසාවිය තීරණය කරනවා, රක්ෂණ හිමිකරු විසින් අදාළ පාර්ශවයට යම් අනතුරක් සිද්ධ කරලා තියෙනවාද කියන එක. ඒක තහවුරු වීමක් තමයි උසාවියේදී සිද්ධ වෙන්නේ. මේ තහවුරු කිරීමේදී පාර්ශව තුනක් සම්බන්ධ වෙනවා.

ඒ පාර්ශව තුන නීතිය ඉදිරියේ පෙනී ඉඳලා නඩු මාර්ගිකව සමතයකට පත් කර ගන්නවා, රක්ෂණය හිමි තැනැත්තා වැරදිකරු නම්, අදාළ වන්දිය, අදාළ රක්ෂණ සමාගමෙන් ගෙවන්න liable ද කියලා. මේ විදිහට උසාවියෙන් ලැබෙන තීරණය මත අදාළ වන්දි හිමිකම් ප්‍රමාණය කොච්චරද කියලා තීරණය කරනවා. හැබැයි මෙතනදී රක්ෂණ සමාගමෙත් යම් යම් conditions තියෙනවා. ඒ වගේම රක්ෂණය දාන අවස්ථාවේ ඔවුන් ලබා දෙන benefit එක අනුව අදාළ වන්දි හිමිකම් ගෙවීම සිද්ධ වෙනවා.
රක්ෂණ හිමියා නිවැරදිකරු වුණොත්, අදාළ වන්දි හිමිකම තුන්වෙනි පාර්ශවයට ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවට රක්ෂණ සමාගමත්, රක්ෂණ හිමියාත් නිදොස්කොට නිදහස් කරනවා.

තුන්වෙනි පාර්ශවයට කොච්චර වන්දියක් ලැබෙනවද?

හිතන්න, තුන්වෙනි පාර්ශවයට යම් ජීවිත හානියක් සිද්ධ වුණා කියලා. සමහර රක්ෂණ සමාගම් නීත්‍යානුකූල ක්‍රමයකට ගෙවන වන්දි හිමිකම limit කරලා තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජීවිත හානියකදී unlimited recovery එකක් ලැබෙන්න ඕනේ. අර්ධ දුබලතා වලදී රක්ෂණ සමාගමේ තියෙන උපරිම වන්දි හිමිකමෙන් percentage එකක් තමයි දෙන්නේ. උපරිම වන්දි හිමිකම් ලැබෙන්නේ, death එකකදී සහ පූර්ණ දුබලතාවයකදී.

වාහනයකට හෝ දේපළකට හානි වුණොත්, ඒවලට ලැබෙන වන්දියට නම් අනිවාර්යයෙන්ම limit එකක් තියෙනවා. උසාවියේදී මෙච්චර ප්‍රමාණයක් යනවා කියලා ඇස්තමේන්තුවක් ගත්තත්, අදාළ රක්ෂණ සමාගමෙන් රක්ෂණය ලබා ගන්නකොට යම් benefit එකක් තිබුණා නම්, ඒ ප්‍රමාණයට තමයි, උපරිම වන්දි හිමිකම් ලැබෙන්නේ.

දැන් ඉතින් ඔබ 3rd party insurance එක ගැන හැම දෙයක්ම දන්නවා. මේ කියපු කරුණුත් එක්ක එක පැත්තකින් බැලුවොත් 3rd party insurance එකක් කියන්නේ, life insurance එකක්. හැබැයි ඒ තුන්වෙනි පාර්ශවයට විතරයි. ඒ කොහොම වුණත්, වාහනයකට ගොඩක් වැදගත් දෙයක් තමයි, 3rd party insurance එකක් කියන්නේ. ඒ කියන්නේ, මේක වාහනයක් පාරේ drive කරන්නම විතරක් ගන්න insurance එකක් නෙවෙයි.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio FEX Highest 2020 2018 for Sale

Toyota Premio FEX Highest 2020 2018

128,000 km, Colombo
MEMBER
Rs 17,950,000
2 weeks ago
Honda Vezel 2017 for Sale

Honda Vezel 2017

117,740 km, Jaffna
MEMBER
Rs 14,000,000
38 seconds ago
Toyota Premio G Superior 2014 for Sale

Toyota Premio G Superior 2014

71,000 km, Gampaha
MEMBER
Rs 15,500,000
26 minutes ago
Suzuki Spacia Custom XS 2024 for Sale

Suzuki Spacia Custom XS 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 11,250,000
9 minutes ago
Daihatsu Rocky G Premium 2025 for Sale

Daihatsu Rocky G Premium 2025

10 km, Colombo
MEMBER
Rs 15,590,000
1 week ago
Auto Parts for saleikman logo
Apple CarPlay/Android Auto Adapter for Sale

Apple CarPlay/Android Auto Adapter

MEMBER
Rs 19,900
2 minutes ago
15 inch 4 hole brand new Alloy wheels set for Sale

15 inch 4 hole brand new Alloy wheels set

verified MEMBER
verified
Rs 90,000
33 minutes ago
15 Inch 4 hole brand new Alloy wheels set for Sale

15 Inch 4 hole brand new Alloy wheels set

verified MEMBER
verified
Rs 89,000
37 minutes ago
13 size 4 Hole Sport Alloy Wheels Set for Sale

13 size 4 Hole Sport Alloy Wheels Set

verified MEMBER
verified
Rs 73,000
37 minutes ago
+ Post an ad on ikman