3rd party Insurance එකක් කියන්නේ මොකක්ද?

28 Jun, 2023   
3rd party Insurance එකක් කියන්නේ මොකක්ද?

ඔබ වාහනයක් ගන්නෙ, මහන්සියෙන් හම්බ කරන සල්ලි පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා, එහෙමත් නැත්නම් Bank loan එකක් අරගෙන. හැබැයි ඔබ ඒ සල්ලි දීලා ගන්නෙ, ලොකු වගකීමක්. මොකද වාහනයක් මහ පාරට දානවා කියන්නෙම ලොකු risk එකක්. අනිත් එක තමයි අනිවාර්යයෙන්ම ඔබ වාහනයට 3rd party insurance එකක් දාලා තියෙන්න ඕනෙ. සමහරු නම් කියන්නෙ, 3rd party වුණාට අනතුරකදි වන්දියක් ගන්න ක්‍රමයක් තියෙනවා කියලා. තවත් සමහරු කියනවා, 3rd party එකක් ඕනෙ, පාරෙ යන්න විතරයි කියලා. තමන්ගෙ වාහනේ නැඟලා පාරෙ යන්න අපි මොකටද insurance company එකකට සල්ලි ගෙවන්නෙ. ඇත්තටම මොකක්ද මේ 3rd party insurance කියන්නෙ?, ඒක ඕනෙ පාරෙ යන්නද? 3rd party insurance ගැන ඔබට තියෙන ප්‍රශ්න ගැන තමයි අපි අද CarsGuide තුළින් කතා කරන්නෙ.

3rd Party Insurance එකක් දෙන්නෙ මොකටද?

ඔබේ වාහනය හේතුවෙන් තුන්වෙනි පාර්ශවයට වන හානියක් ආවරණය කිරීමට ලබා දෙන රක්ෂණයක් තමයි, 3rd party insurance එකක් කියන්නෙ. ඒ හානිය, තුන්වෙනි පාර්ශවයට වන මූල්‍යමය පාඩුවක්, දේපළ හානියක් (නිශ්චල හෝ චංචල), ශාරීරික තුවාල, මරණයක් හෝ ඔබේ වාහනය නිසා පැන නගින යම් නීතිමය ගැටළුවක් වෙන්න පුළුවන්. 3rd party insurance එකක් නැතුව ඔබට වාහනයක් මහ පාරට දාන්න බෑ. එහෙම වුණොත් පොලීසියට පුළුවන් ඔබව උසාවි දඩයකට යටත් කරන්න.

3rd Party එකට Claims ගන්න පුළුවන්ද?

“අපි මේ 3rd party insurance එකට ගෙවන්නෙ පොඩි ගාණක්. ඉතින් ඇත්තටම වන්දියක් ගන්න පුළුවන්ද, මේක බොරු කතාවක්ද?” ඔබත් මෙහෙම හිතනවද? මේ ප්‍රශ්නෙට අපි කෙළින්ම උත්තරයක් දෙන්නම්. ඇත්තටම 3rd party එකකට claims ගන්න බෑ. මොකද මේ insurance එකෙන් කරන්නෙ, ඔබේ වාහනේ නිසා තුන්වෙනි පාර්ශවයට ඇති වෙන දේපළ හෝ ජීවිත හානියකට වන්දියක් දෙන එක විතරයි. එහෙම බැලුවොත්, 3rd party එකෙන් වන්දි ගන්න නෙවෙයි, වන්දි අරන් දෙන්න පුළුවන්.

එතකොට ඔබ මේ රක්ෂණයට ගෙව්වට, අනතුරේදි ඔබේ වාහනයට හානියක් වුණත්, ආපදාවකට ලක් වුණත් ඔබට වන්දියක් ගන්න බෑ. මේ 3rd party insurance එක තියෙන්නෙ, ඔබේ වාහනය නිසා තුන්වෙනි පාර්ශවයට හානියක් වුණොත් ඔවුන්ව එයින් මුදවා ගන්න.

3rd Party Insurance දාන කෙනාට මොනවද ලැබෙන්නෙ?

“අපිම 3rd party insurance එකක් දාලා, හදිසියේ අපේ වාහනේට අනතුරක් වුණොත් ඒකට වන්දියක් ලැබෙන්නෙත් නැත්නම් මේ insurance එක දාලා වැඩක් නෑනෙ” ඔබට එහෙම හිතෙයි. ඇත්තටම ඔබටත් මේකෙන් වන්දියක් නැතත් ලැබෙන දෙයක් තිබෙනවා.

උදාහරණයක් විදියට හිතන්නකො, ඔබේ වාහනයෙන් තුන්වෙනි පාර්ශවයට අනතුරක් වෙනවා. ඒක සමහර විට ඔබේ වාහනය, පාරෙ තියෙන light කණුවක හැප්පෙන්න පුළුවන්, නිවසක තාප්පයක හැප්පෙන්න පුළුවන්, Highway එකේ යනකොට වැටක හැප්පෙන්න පුළුවන්. මේකෙන් තුන්වෙනි පාර්ශවයට වෙන පාඩුව හිතන්නකො ලක්ෂ දෙකහමාරක් වගේ ටිකක් ලොකු ගාණක් කියලා. හැබැයි ඔබේ අතේ ඒ වෙලාවෙ එච්චර ලොකු ගාණක් නොතිබෙන්න පුළුවන්, අත මාරුවක් කරලා හරි දෙන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට තමයි, ඔබට මේ 3rd party insurance එක පිහිට වෙන්නෙ.

ඔබට පුළුවන්, තෙවන පාර්ශවයේ රක්ෂණය හරහා 3rd party insurance එකෙන් තුන්වෙනි පාර්ශවයට අදාළ වන්දිය අරන් දෙන්න.

3rd Party Property Damage වලට දෙන වන්දියට limit එකක් තියෙනවද?

සාමාන්‍යයෙන් ගත්තොත් 3rd party insurance එකක් දාන්න ඔබට යන්නෙ පොඩි ගාණක් විතරයි. හැබැයි ඔබට පුළුවන්, අනතුරකදි තුන්වෙනි පාර්ශවයට ලබා දෙන වන්දිය, උපරිම රු. 10 00 000 ක් දක්වා වැඩි කර ගන්න. මොකද සමහර විට, තුන්වෙනි පාර්ශවයට සිද්ධ වෙන දේපළ හානිය, 3rd party එකෙන් දෙන වන්දියට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා කල් වේලා ඇතුව ඒකට ලෑස්ති වෙන එක තමයි හොඳ.

ඔබ අලුතෙන් 3rd party එකක් දානවා නම්, මුලින්ම අදාළ insurance company එකෙන් අහන්න, කොච්චර claim කරනවද කියලා. ඔබට හිතෙනවා නම්, ඒ වන්දිය පාඩුව පියවන්න මදි වෙයි කියලා, ඒක additional වැඩි කර ගන්න. දැනටමත් ඔබ 3rd party එකක් දාලා නම් තියෙන්නෙ, ඒක renew කරනකොට ඔබට අවශ්‍ය වෙයි කියලා හිතෙන ගාණ කියන්න. මේකෙදි සාමාන්‍යයෙන් insurance එකේ ගාණට වඩා තවත් පොඩි ගාණක් තමයි ඔබට ගෙවන්න වෙන්නෙ.

මේ ගෙවන ගාණ වගේ නෙවෙයි, හානියක් වෙච්ච වෙලාවක තුන්වෙනි පාර්ශවයට වෙන පාඩුව පියවන්න, ඔබ අසරණයි නම්, insurance company එක හරහා ඒ වන්දි මුදල ඔවුන්ට ලබා දෙන්න පුළුවන්. තෙවන පාර්ශවයේ දේපළ හානියකදි වන්දිය ලබා දෙනකොට රක්ෂණ සමාගමට limit එකක් තියෙනවා. ඒ අදාළ claim එක උසාවියෙන් ඇස්තමේන්තුවක් දුන්නත්, අදාළ පාර්ශවයෙන් මෙච්චරක් යනවා කියලා තහවුරු කළත් ප්‍රතිලාභයේ ප්‍රමාණයට උපරිමය දක්වා තමයි ගෙවන්නෙ. එතනදි ඔබ ඉහත කියපු විදියට 3rd party එක aditional වැඩි කර ගන්න ඕනෙ.

3rd party එක life insurance එකක්ද?

හිතන්නකො ඔබේ වාහනේ නිසා සිදු වන අනතුරකින් තුන්වෙනි පාර්ශවය, නිත්‍ය දුබලතාවයකට පත් වුණා, නැත්නම් ජීවිත හානියක් වුණා කියලා. ඔබ 3rd party insurance එක aditional වැඩි කරගෙනත් නෑ. ඒත් ඔබට ගැටළුවක් නෑ, මොකද ඒ වන්දිය කීයක් වුණත් රක්ෂණ සමාගම විසින් තුන්වෙනි පාර්ශවයට ඒ වන්දිය ගෙවනවා. හැබැයි සමහර insurance company නීත්‍යානුකූල ක්‍රමයකට ගෙවන වන්දි හිමිකම limit කරලා තියෙන්න පුළුවන්. නමුත් ජීවිතයකට සීමාවක් තක්සේරු කරන්න අමාරු නිසා සාමාන්‍යයෙන් ජීවිත හානියකදි unlimited recovery එකක් ලැබෙන්න ඕනෙ.

තුන්වෙනි පාර්ශවයට සිදු වන පූර්ණ සහ අර්ධ දුබලතා වලදි උපරිම වන්දි හිමිකමෙන් කොටස් වශයෙන්, ඒ කියන්නෙ ප්‍රතිශතයක් වශයෙන් තමයි ලබා දෙන්නෙ. උපරිම ප්‍රතිලාභය ලැබෙන්නෙ, death එකකදි සහ පූර්ණ අකර්මන්‍යතාවයකදි.

එතකොට මේ 3rd party insurance එක motor insurance එකක් වුණත් තුන්වෙනි පාර්ශවයට life insurance එකක් විදියටත් ක්‍රියාත්මක වෙනවා.

අනතුරක් වෙච්ච ගමන් claim එක ලබා දෙයිද?

අනතුරක් වුණාම insurance company එකට ගිය ගමන්ම claim එක දෙන්නෑ. මේකෙ යම් ක්‍රමානුකූල වැඩ පිළිවෙලකට තමයි වන්දි මුදල තුන්වෙනි පාර්ශවයට දෙන්නෙ.

මුලින්ම පොලීසියට යන්න ඕනෙ. ඊට පස්සෙ මේක උසාවිය දක්වා යන අතර උසාවිය තීරණය කරනවා, ඔබේ වාහනය නිසා තුන්වෙනි පාර්ශවයට යම් අනතුරක් සිද්ධ වෙලා කියලා. ඒක තහවුරු වීමක් තමයි උසාවියේදි වෙන්නෙ. මේ තහවුරු කිරීමේදී පාර්ශව තුනක් සම්බන්ධ වෙනවා. ඒ පාර්ශව තුන නීතිය ඉදිරියේ පෙනී ඉඳලා නඩු මාර්ගිකව යම් සමතයකට එනවා. රක්ෂණය කරපු තැනැත්තා වැරදිකරු නම්, ඒ අදාළ වන්දිය රක්ෂණය කරපු insurance company එකෙන් තුන්වෙනි පාර්ශවයට ලබා දෙන්න ඕනෙ බව උසාවිය තහවුරු කරනවා.

උසාවියේ තහවුරු කිරීම මත ඒ අදාළ වන්දි ප්‍රමාණය කොච්චරද කියලා තීරණය වන අතර, රක්ෂණ සමාගමේත් යම් යම් condition තියෙනවා. ඒක රක්ෂණ සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා සහ රක්ෂණය දාන අවස්ථාවේදී ලබා දෙන ප්‍රතිලාභ අනුව වන්දි මුදල ගෙවීම සිදු වෙනවා.

රක්ෂණ හිමිකරු නිවැරදිකරු නම් මොකද වෙන්නෙ?

වාහනයේ හිමිකරු හෝ driver හෝ රක්ෂණය දාන කෙනා හෝ නිවැරදිකරු කියලා උසාවිය තහවුරු කළොත්, තුන්වෙනි පාර්ශවයට අදාළ වන්දි හිමිකම ලැබෙන්නෑ. රක්ෂණ හිමිකරුවත්, අදාළ රක්ෂණ සමාගමත් ඉන් නිදොස්කොට නිදහස් කරනවා.

දැන් ඔබට තේරෙනවද, 3rd party insurance එකක් ඕනෙ, පාරෙ යන්න නෙවෙයි කියලා. හැබැයි ඇත්තටම මේ insurance එක නැතුව ඔබට වාහනෙන් මහ පාරෙ යන්න බෑ. අනිත් එක තමයි, අනතුරකදි ඔබට වන්දියක් නොලැබුණත් ඔබව ඒ මූල්‍යමය ගැටළු වලින් නිදහස් කරන්න 3rd party insurance කටයුතු කරනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Discovery Sport HSE 2018 for Sale

Land Rover Discovery Sport HSE 2018

104,500 km, Colombo
MEMBER
Rs 30,000,000
2 weeks ago
Toyota Axio 2007 for Sale

Toyota Axio 2007

70,615 km, Gampaha
MEMBER
Rs 8,900,000
18 minutes ago
Toyota Prius 2014 for Sale

Toyota Prius 2014

122,000 km, Colombo
MEMBER
Rs 14,300,000
20 minutes ago
Nissan Single Cab 1976 for Sale

Nissan Single Cab 1976

70,000 km, Kurunegala
verified MEMBER
Rs 3,500,000
43 minutes ago
Toyota Harrier PREMIUM PLUS 2017 for Sale

Toyota Harrier PREMIUM PLUS 2017

78,500 km, Colombo
verified MEMBER
Rs 28,800,000
6 days ago
Auto Parts for saleikman logo
Honda CRV Tires 235/60R18 for Sale

Honda CRV Tires 235/60R18

verified MEMBER
Rs 50,000
43 minutes ago
Yamaha Fz Tyre Front 100*80/17 MRF India for Sale

Yamaha Fz Tyre Front 100*80/17 MRF India

verified MEMBER
Rs 12,880
45 minutes ago
Honda Grace KYB Shock Absorber for Sale

Honda Grace KYB Shock Absorber

verified MEMBER
verified
Rs 17,400
1 week ago
+ Post an ad on ikman