ඔබ ළඟ තියෙන රක්ෂණය ගැන දැනගතයුතුම කරුණු

12 Dec, 2023   
ඔබ ළඟ තියෙන රක්ෂණය ගැන දැනගතයුතුම කරුණු

අපි වාහනයක් පාරේ නීතිමය විදිහට drive කරනවා නම් ලංකාව ඇතුලේ විවිධ documents අවශ්‍ය වෙනවා. License එක, insurance එක ඒ documents අතර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දේවල්. ඉතින් අද CarsGuide අපි කතා කරන්නේ ඔයා ළඟ තියෙන්නම ඕනේ දෙයක් වෙන වාහන රක්ෂණය ගැන. ඉතින් ඔයාට දැනටමත් රක්ෂණයක් තියෙනවාද? එහෙමත් නැත්නම් ඔයා රක්ෂණයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ද? ඒ වගේම ඔයා අලුතින් වාහනයක් ගන්න නම් හිතාගෙන ඉන්නේ ඔයාට රක්ෂණයක් ගන්න වෙනවා. ඔයා දැනටමත් රක්ෂණයක් තියෙන කෙනෙක් වුණත් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වුණත් රක්ෂණයක් පවත්වාගෙන යන්න ඕනේ කරුණු ගැන දැනගන්න ඕනේ. ඒ වගේම රක්ෂණ වල වාසි වගේම අවාසිත් තියෙනවා. ඉතින් දැන් අපි බලමු ඔයා ළඟ තියෙන රක්ෂණය ගැන ඔයා දැනගතයුතු කරුණු මොනවද කියලා.

රක්ෂණයක තියෙන වාසි

ආර්ථික වශයෙන් ආරක්ෂාවක් තියෙනවා

රක්ෂණයක් ඔයා ගාව තියෙනවා නම් ආර්ථික වශයෙන් ආරක්ෂාවක් තියෙනවා. අපිට කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ. මොකද අපි පාරේ යද්දී අපි කොච්චර සැළකිල්ලෙන් ගියත් වෙන කෙනෙක්ගේ නොසැළිකිලිමත් කම නිසා වාහන accident එකක් වෙන්න පුළුවන්. ඉතින් රක්ෂණයක් අපි ගාව තියෙනවා නම් අපිට එක ලොකු හයියක්. මොකද හදිස්සියේ හරි වාහනයක් accident වුණොත් අපිට හදන්න ලොකු මුදලක් යනවා. හැබැයි රක්ෂණයක් තියනවා නම් රක්ෂණ සමාගමෙන් මේ වෙනුවෙන් උදව් ලබා ගන්න පුළුවන්.

අවදානම පාලනය කරගන්න පුළුවන්

ඔයාට රක්ෂණයක් තියෙනවා නම් රක්ෂණය මඟින් අවදානම පාලනය කරගන්න පුළුවන්. මොකද මම කලින් කිව්වා වගේ මොකක් හරි අනතුරක් වුණොත් රක්ෂණ සමාගම අපේ හයියට ඉන්නවා.

හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනවත්

එක පාරටම වාහනය accident වුණා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ වෙලාවට ඔයාට රක්ෂණයක් තියෙනවා නම් රක්ෂණයෙන් ඔයාට උදව් ලබා ගන්න පුළුවන්.

Loan එකක් apply කරගන්න පුළුවන්

ඔයා රක්ෂණය දිගටම කරන් යද්දී ඔයාට loan එකක් ගන්න පුළුවන් හැකියාවත් තියෙනවා. ඔයාට මුදල් ප්‍රශ්නෙකදී loan එකක් apply කරගන්න පුළුවන් වෙනවා කියන්නේ ඔයාගේ වැඩ වලට පහසුවක්.

Investment plan

සමහර රක්ෂණ වලින් පුළුවන් investment plan ඒ කියන්නේ ආයෝජන සලසුමක් විදිහට ක්‍රියාත්මක කරගන්න. ඉතින් ඒකෙන් ඔයාට වැඩිපුර ලාභයක් ගන්න පුළුවන්.

රක්ෂණයක් තියෙන ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු

Agreement එක

මුලින්ම ඔයා කරන්න ඕනේ දේ තමයි agreement එක හොඳට කියවන එක. ඔයා agreement එක sign කරන්න කලින් හොඳින් කියවන්න මතක තියාගන්න. ගොඩක් අය ටික කාලයක් යනකොට තමයි දැනගන්නේ මේකේ මේ benefits නැහැ කියලා. ඒ වගේම claim කරනකොට තමයි දැනගන්නේ තමන්ගේ අවශ්‍යතාවයට claim එකක් නැහැ කියලා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම අත්සන් කරන්න කලින් agreement එක කියවන්න. ගොඩක් වෙලාවට රක්ෂිත නියෝජිතයෝ agreement එක ඔයාට කලින් දෙනවා. ඒ නිසා ඔයා time එක අරන් හොඳට කියවලා බලන්න. ඔයා agreement එක කියවන් නැතුව අත්සන් කලොත් ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්.

Form එක හරියට පුරවන්න

ඒ වගේම ඔයා form එකත් හරියට පුරවගන්න. විශේෂයෙන්ම agreement එකේ from එක පුරවද්දී ඔයාගෙන් පස්සේ රක්ෂණ මුදල යන කෙනාගේ name, address, age මේ දේවල් හරියට දාන්න. මොකද ඔයාගේ ජීවිතේට හානියක් වෙලා ඔයාගෙන් පස්සේ රක්ෂණය ගන්න ඉන්න කෙනා ගන්න යනකොට ලොකු ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙයි. ඒ කියන්නේ නම වෙනස් වෙලා තියෙද්දී, address වෙනස් වෙලා තියෙද්දී වගේ. ඒ නිසා from එකත් හරියට පුරවන්න.

ගෙවන්න පුළුවන්ද කියලා බලන්න

ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ දෙයක් තමයි ගෙවාගෙන යන්න පුළුවන්ද කියන එක. ඔයා රක්ෂණයක් දැම්මා කියලා හිතන්නකෝ. ඒත් ඔයාට රක්ෂණයට ගෙවන මුදල ගෙවාගෙන යන්න බැරි නම් package එක වෙනස් කරගන්න පුළුවන් වුණාට ලැබෙන benefits අඩු වෙනවා. ඉතින් ඔයාට ඒ මුදල ගෙවන්න පුළුවන්ද කියලා බලන්න.

ප්‍රතිලාභ ලැබෙන මුදල හා කාලය බලන්න

මේක තමයි ඔයා insurance එකක් දාද්දී හිතන්නම ඕනේ කාරණය. Insurance එකේ රක්ෂණ නියෝජිතයා ඔයාට කියනවා ඔයාට අනතුරක් වෙන්න පුළුවන්, මේ වගේ ගැටලු වෙන්න පුළුවන් කියලා. එහෙම කියලා ඔයා දාගත්ත ඒ මුළු මුදල සමහර වෙලාවට ඔයාට ලැබෙන්නේ අවුරුදු 20 කින් 25කින් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ මුදල් වලට රටේ තත්වයත් එක්ක ඉස්සරහට කොච්චර value එකක් තියෙනවද කියලත් බලන්න.

රක්ෂිත නියෝජිතයට සල්ලි දෙන්න එපා

කිසිම වෙලාවක ඔයා රක්ෂණ නියෝජිතයාගේ අතට සල්ලි දෙන්න එපා. මේක ගොඩක් අය කරන වැරද්දක්. ඇතැම් රක්ෂණ නියෝජිතයෝ ටික කාලයක් ඒ රක්ෂණ සමාගමේ ඉඳලා වෙන එකකට යනවා. එතකොට ඔයාගේ මුදල් ගැන ඒ රක්ෂණ සමාගමට වග කියන්න බැහැ. ඉතින් ඒ නිසා මුදල් bank එකටම දාන්න මතක තියාගන්න.

Phone number එකක් දැනගෙන ඉන්න

ඔයා රක්ෂණයක් දානකොට hotline number එක හරි රක්ෂණ නියෝජිතයාගේ number එක දැනගෙන ඉන්න එක වැදගත්. ඒ වගේම ඔයාගේ ළඟම කෙනෙක්ටත් දීලා තියන්න. මොකද ඔයාට හදිසි අනතුරක් වුණා කියන්නකෝ, ඒ වගේ වෙලාවට රක්ෂිත හිමියාගේ number එක, insurance card එක, hotline number එක ඔයා ළඟ නැති වුණොත් ඔයාට කතා කරන්න පුළුවන් වෙන්න ඔයාගේ පවුලේ අය‍ටත් number එක දීලා තියන්න.

රක්ෂණය දාපු කෙනෙක්ගෙන් විස්තර අහලා බලන්න

රක්ෂණයක් දාන්න කළින් ඒ අදාළ රක්ෂණය ගැන, රක්ෂණයේ ප්‍රතිලාභ ගැන, claim එක ගැන මීට කලින් ඒ රක්ෂණය ඒ ආයතනයෙන්ම දාපු කෙනෙක්ගෙන් අහලා බලන්න. එතකොට ඔයාට පුළුවන් ඒක හොඳ රක්ෂණයක් ද කියලා බලාගන්න.

මෙන්න මේ දේවල් තමයි රක්ෂණයක් තියෙන ඔයා දැනගන්න ඕනේ කරුණු. දැන් ඔයාටත් පුළුවන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න.වාහනයට හරියටම ගැළපෙන parts තෝරමු

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 520d 2014 for Sale

BMW 520d 2014

60,000 km, Colombo
MEMBER
Rs 26,800,000
2 weeks ago
Toyota CHR 2018 for Sale

Toyota CHR 2018

118,000 km, Kurunegala
MEMBER
Rs 15,700,000
2 weeks ago
Nissan X-Trail 2016 for Sale

Nissan X-Trail 2016

61,000 km, Colombo
MEMBER
Rs 15,500,000
1 day ago
Toyota Land Cruiser Sahara PALATHSABA V8 2013 for Sale

Toyota Land Cruiser Sahara PALATHSABA V8 2013

220,000 km, Colombo
verified MEMBER
verified
Rs 54,500,000
10 minutes ago
Audi Q2 Sport TFSI 2019 for Sale

Audi Q2 Sport TFSI 2019

60,000 km, Colombo
MEMBER
Rs 17,600,000
6 days ago
Auto Parts for saleikman logo
Toyota CHR Rear Wheel Bearing (NGX50) 4WD for Sale

Toyota CHR Rear Wheel Bearing (NGX50) 4WD

verified MEMBER
Rs 35,000
1 minute ago
Toyota Kdh Front Wheel Hub (NS K) for Sale

Toyota Kdh Front Wheel Hub (NS K)

verified MEMBER
Rs 24,500
1 minute ago
Honda Vezel Lower Arm for Sale

Honda Vezel Lower Arm

verified MEMBER
Rs 48,000
1 minute ago
+ Post an ad on ikman