රාත්‍රී කාලයේ වාහනේ drive කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු

28 Jun, 2023   
රාත්‍රී කාලයේ වාහනේ drive කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු

අපිට වාහනයක් drive කරන්න වෙලාවක් කලාවක් නෑනෙ. ඒත් ඔබ දන්නවද? වෙන තරමක් වාහන අනතුරු වලින් භාගයක්ම සිද්ධ වෙන්නෙ රෑට. මොකද රාත්‍රියේ drive කිරීම, දවල් කාලයේ drive කිරීමේ අවධානම වගේ තුන් ගුණයක් පමණ වෙනවා. මේ අනතුරු වලට හේතුත් අපේ ඇස් පනාපිටම පේන්න තියෙනවා. ලොකුම හේතුව තමයි, නොසැළකිලිමත් ලෙස වේගයෙන් රිය ධාවනය. ගොඩක් වෙලාවට මේක බස් රථවල දකින්න පුළුවන්. මොකද drive කරන්නෙ තරගෙටනෙ. ඒ කොහොම වුණත් ඔබට පුළුවන්, සැළකිල්ලෙන් drive කරලා, රිය අනතුරු අවම කරන්න. CarsGuide අපි අද කියන්නෙ, රාත්‍රියේදී වාහනයක් drive කරනකොට සැළකිලිමත් විය යුතු කරුණු ගැන.

වාහනය තුළ ආලෝකය අවම කරන්න

වාහනය තුළ ආලෝකය වැඩි වන තරමට රාත්‍රියේදී මාර්ගය දකින්න අපහසු වෙනවා. ඒ නිසා අමතර ආලෝකයන් නිවාදමන්න. මාර්ගයේ දමා ඇති light වලින් එන ආලෝකයෙන් සහ වෙනත් දිදුලන ආලෝක වලින් ආරක්ෂා වෙන්න රාත්‍රියේදී ඔබේ visors භාවිතා කරන්න.

Vision එක පිරිසිදු කරන්න

අපිරිසිදු හෝ damaged වුණු windshield, ආලෝකය විහිදුවන අතර ඒ දීප්තියේ බලපෑම් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අපිරිසිදු හෝ damaged වුණු headlight මඟින් ඔබේ පෙනීම අඩු කරලා ඉදිරියෙන් එන වාහන මතට දීප්තිය ඇති කරන්න පුළුවන්. ඒ නිසා headlight සහ windshield නිතරම පිරිසිදු කරන්න, damaged වෙලා නම් නැවත හදාගන්න ඔබ වග බලාගන්න ඕනෙ. ඔබට headlight පිරිසිදු කරන්න, විශේෂ පිරිසිදු කිරීමේ කට්ටලයක් භාවිතා කරන්න පුළුවන්.

ඊට අමතරව පෙනීම දුර්වල වීම, අඩු ආලෝකය කියන දේවල් ගැනත් ඔබ හිතන්න ඕනෙ. අඩු ආලෝකය කියන දේ වයසක අයට ලොකු challenge එකක්. අවුරුදු 50 ක වැඩිහිටි කෙනෙක්ට අවුරුදු 30ක තරුණයෙක්ට වගේ දෙගුණයක ආලෝකයක් දකින්න ඕන වෙනවා. අනිත් එක තමයි සමහර වැඩිහිටි අයට ඇසේ සුද සහ අක්ෂි රෝග නිසා පෙනීම දුර්වල වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔබේ පෙනීම දුර්වල වෙලා නම්, ඒකට treat කරන්න නම් අමතක කරන්න එපා.

මාර්ගය clear කරගන්න, High beams පාවිච්චි කරන්න

Regular headlight වලට වඩා high beams මඟින් මාර්ගයේ ඉදිරියෙන් ඇති දේවල් ආලෝකමත් කරමින් දැකීමට පහසු කරනවා. ඒ වගේම ඔබට ඉදිරියෙන් ඇති මාර්ගය පැහැදිලියි නම් සහ අසළ traffic එකක් නැත්නම් bright light on කරන්න පුළුවන්. විශේෂයෙන්ම අඩු ආලෝක සහිත ප්‍රදේශ වල මේ bright light ගොඩාක් ඵලදායී වෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදි drive කරනකොට හැම නිතරම ආරක්‍ෂිත මාර්ගයක යන්න try කරන්න.

වේගය අඩු කරන්න

රාත්‍රී කාලයේදී accident වලින් සිදුවන මරණ වලින් 37% ක් අධික වේගයෙන් drive කිරීම නිසා තමයි සිද්ධ වෙන්නෙ. ඒ නිසා ඔබ අනිවාර්යයෙන් රෑට drive කරනකොට වේගය ගැන සැළකිලිමත් වෙන්න ඕනෙ.

හොඳට rest කරන්න

මේ මොන දේ කළත් ඕනෙම දේ තමයි rest එක. Drive කරන්න කළිං හොඳට rest කළොත්, ඔබ යන මාර්ගය කෙරෙහි වැඩි focus එකක් දෙන්න පුළුවන්. Long travel කරනකොට ඊට කළිං හොඳට නිදාගන්න try කරන්න. නිදිමතේ drive කිරීම බොහෝ විට, රෑ 12 ත් උදේ 6 ත් අතර සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා drive කරනකොට පොඩි හරි නිදිමතක් ආවොත් වාහනේ පොඩ්ඩක් නතර කරන්න. නැත්නම් රාත්‍රී කාලයේදි drive කරනකොට කැෆේන් මොනවා හරි වාහනේ ඇතුළෙ තියාගන්න. අනිත් එක තමයි සාමාන්‍යයෙන් තරුණ අයට වැඩිහිටියන්ට වඩා වැඩි නින්දක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම බීමතින් drive කිරීමත් බරපතල අවධානමක්. මේ දෙකම ඔබේ පැහැදිලිව සිතීමේ හැකියාව සහ drive කිරීමේ ක්‍රියාකාරීත්වය අඩාල කරනවා. මධ්‍යසාර දුර්වලතා සම්බන්ධ මාරාන්තික අනතුරු අනුපාතය දවල් කාලයට වඩා රෑට හතර ගුණයකින් වැඩියි.

ඉතින් ඔබත් රාත්‍රී කාලයේදි වාහනයක් drive කරනකොට, අපි කියපු points ටික missed කරන්න එපා. මොකද මේ දේවල්, ඔබට ආරක්‍ෂිත driver කෙනෙක් වෙන්න උදව් වෙනවා කියලා අපිට විශ්වාසයි.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 318i INDIVIDUAL M-SPORT 2019 for Sale

BMW 318i INDIVIDUAL M-SPORT 2019

36,000 km, Colombo
verified MEMBER
verified
Rs 25,500,000
1 week ago
Maruti Suzuki 800 2006 for Sale

Maruti Suzuki 800 2006

145,000 km, Colombo
MEMBER
Rs 2,250,000
5 days ago
Toyota Lexus NX 200 Sports 2014 for Sale

Toyota Lexus NX 200 Sports 2014

144,000 km, Colombo
MEMBER
Rs 22,500,000
50 seconds ago
Honda Vezel Z Grade Branew 2024 for Sale

Honda Vezel Z Grade Branew 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 19,500,000
1 minute ago
Ford Raptor Ranger 2L 2025 for Sale

Ford Raptor Ranger 2L 2025

3,500 km, Colombo
MEMBER
Rs 35,800,000
3 minutes ago
Auto Parts for saleikman logo
Rack End Glory 580 for Sale

Rack End Glory 580

verified MEMBER
Rs 5,880
2 weeks ago
PRADO 250 ORIGINAL JBL SOUND SYSTEM for Sale

PRADO 250 ORIGINAL JBL SOUND SYSTEM

verified MEMBER
verified
Rs 100,000
3 minutes ago
195/55R16 / 195/55 16 Aplus Tyre for Sale

195/55R16 / 195/55 16 Aplus Tyre

verified MEMBER
verified
Rs 18,800
3 minutes ago
+ Post an ad on ikman