Spare parts තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු

24 Jul, 2023   
Spare parts තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු

ඔබ ගන්න එක තීරණයකින්, ඕනම දෙයක් කණපිට හරවන්න පුළුවන්. එහෙම එක අවස්ථාවක් තමයි, වාහනයට spare parts තෝරා ගන්න එක. ඔබ ගන්නෙ, වාහනයට නොගැළපෙන parts නම්, හොඳට තිබුණ වාහනේ ටික ටික ලෙඩ වෙන්න පටන් ගන්නවා. මේක නොහිතන විදියට වාහනේට බලපානවා. ඒ නිසා ආවට ගියාට spare parts අරන් හරි යන්නෙ නැහැ. හරිම parts ටික තෝරා ගන්න ඕනෙ. ඒකයි CarsGuide අපි හිතුවෙ spare parts ගන්නකොට සැළකිලිමත් වෙන්න ඕන කරුණු ගැන ඔබව දැනුවත් කරන්න.

ළඟ තියෙන වාහනේ මොකක්ද?

වාහනයට හරිම spare parts තෝරා ගන්න කලින් ඔබට කරන්න දෙයක් තියෙනවා. මේක තමයි මුලින්ම කරන්න ඕනෙ. ඒ තමයි, ඔබ ළඟ තියෙන්නෙ මොන වර්ගයේ වාහනයක්ද කියලා නිවැරදිව දැන ගැනීම. ඒක දැන ගන්න, වාහනයේ නිෂ්පාදනය, model එක සහ අවුරුද්ද අවශ්‍ය වෙනවා. මේ තොරතුරු දැන ගැනීමෙන් ඔබේ වාහනයට සුදුසු spare parts හොයා ගන්න හරිම ලේසියි.

මීට අමතරව වාහනයේ එන්ජිම (පෙට්‍රල් හෝ ඩීසල්) වගේම transmission වර්ගය සහ අනෙකුත් වැදගත් තොරතුරු දැන ගන්න ඕනෙ. මේ දේවල් දැන ගන්නවා කියන්නෙ, වාහනේට ගැළපෙනම spare parts තෝරා ගන්න එක ගැන නම් සත පහකටවත් බය වෙන්න ඕනෙ නෑ.

හොඳ Brand එකක් තෝරා ගන්න

වාහනයට spare parts මිලදී ගන්නකොට, පිළිගත් සහ ජනප්‍රිය brand එකක් තෝරා ගැනීම වැදගත් වෙනවා. මොකද brand එක ජනප්‍රිය වෙන තරමට, spare parts වල quality එක වැඩි වීමට සහ ඔබේ වාහනයට අනුකූල වීමට තියෙන ඉඩකඩ වැඩියි. මීට අමතරව ජනප්‍රිය brand බොහෝ විට, ඔවුන්ගේ products වලට warranties ලබා දෙනවා. මේ ගැන හොඳට දන්න කියන අයගෙන් අහලා ඔබට හොඳ brand එකක් තෝරා ගන්න පුළුවන්.

Quality එක ගැන හිතන්න

අපි කොච්චර හිතුවත් ‘මගේ වාහනේට ගන්නෙ quality spare parts’ කියලා, එතනට ගියාට පස්සෙ ඔය සේරම අමතක වෙනවා. මුලින්ම හිතන්නෙ price එක ගැන. ඊට පස්සෙ ඉතින් අර කලින් කියපු quality එක ගැන හිතන්න වෙන්නෑ. හිතේ තියෙන budget එකට වැඩේ කර ගන්නත් ඕනනෙ. සමහර විට, හිතුවට වඩා price එක වැඩියි නම්, මේවා quality parts නෙවෙයි කියලා, මඟ හරිනවා. ඒත් මේ වැඩෙන් වෙන්නෙ, ඔබට දිගටම spare parts වලට සල්ලි වියදම් කරන්න වෙන එක. අන්තිමට වාහනේ ගන්න කරපු වියදමට වඩා, spare parts වලට වියදම් කරන්න වෙයි. වියදමටත් වඩා ඔබේ වාහනේට වෙන හානියත් වැඩියි.

මේ කියන්නෙ, වැඩි price වලට තියෙන spare parts ගන්න කියලා නෙවෙයි. ඔබ මුලින්ම focus කරන්න ඕනෙ spare parts වල quality එක. Price එකට කලින් quality එක ගැන හිතන එකෙන්, ඔබට වියදම් අඩු කර ගන්න වගේම වාහනයේ efficiency එක වැඩි කර ගන්නත් පුළුවන්.

ගන්න Spare Parts ගැන හරිම තීරණයකට එන්න

Spare parts ගැන කතා කරනකොට, නව කොටස්, නැවත ගොඩනඟන ලද කොටස්, අළුත්වැඩියා කරන ලද කොටස්, අලෙවියෙන් පසු කොටස් සහ භාවිතා කළ කොටස් පවා ඔබට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ වාහනය සඳහා spare parts මිලදී ගන්නකොට, ඔබේ options දැන ගැනීම වැදගත් වෙනවා. හැම option එකකම වාසි වගේම අවාසිත් තියෙනවා. ඉතින් හොඳට හිතලා බලලා අවශ්‍ය parts ටික තෝරා ගන්න.

New parts එහෙම නැත්නම් නව කොටස්, ගොඩාක් expensive. නමුත් ඒවා high quality වන අතර බොහෝ විට, නිෂ්පාදකයාගේ warranty එකත් ලැබෙනවා.
නැවත ගොඩනඟපු කොටස් වල price එක අඩුයි. අර කලින් කියපු විදියට price එක අඩු නිසා, ඔබ මේ parts ගන්න පෙළඹෙන්න පුළුවන්. නමුත් ඒවා එච්චර කල් පවතින්නෙ නැහැ. New parts තරම් විශ්වාසයක් තියන්නත් බෑ.

අළුත්වැඩියා කරපු කොටස් සාමාන්‍යයෙන් new parts වලට වඩා ලාභදායී වෙනවා. නමුත් new parts තරම් quality නෑ. නැවත ගොඩනඟපු කොටස් වලට වඩා නම් quality එක වැඩියි.
Aftermarket parts එහෙමත් නැත්නම් අලෙවියෙන් පසු කොටස් තමයි සාමාන්‍යයෙන් ගත්තොත් ලාභම option එක. නමුත් ඒවා, genuine parts තරම් විශ්වාස කරන්න බෑ. ඇත්තම කිව්වොත් මේ parts වාහනේට ගැළපෙන්නෙ නෑ.

Warranty එක ගැන සළකා බලන්න

වාහනයට spare parts මිලදී ගන්නකොට, ඒ part එක සමඟ ලැබෙන warranty එක සළකා බැලීම ගොඩාක් වැදගත් වෙනවා. හොඳ warranty එකක් කියන්නෙ, part එක සම්බන්ධව ඇති විය හැකි ගැටලු වලට විසඳුමක්. මතක ඇතුව warranty එකේ තියෙන conditions ටික සහ ඒ warranty එක කොච්චර කාලයක් cover කරනවද කියලා check කරන්න.

මේ තමයි වාහනේට spare parts මිලදී ගන්නකොට ඔබ සැළකිලිමත් වෙන්න ඕන කරුණු. අද ඉඳලා spare parts ගන්න ගියාම, මේ කරුණු වලට අනුව ඔබේ වාහනයට හරියටම set වෙන, හොඳ quality එකක් තියෙන හරිම spare parts ටික තෝරා ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Corolla 2008 for Sale

Toyota Corolla 2008

182,000 km, Puttalam
MEMBER
Rs 6,650,000
6 days ago
Toyota Aqua 2015 for Sale

Toyota Aqua 2015

90,000 km, Colombo
MEMBER
Rs 9,200,000
14 minutes ago
Toyota Hilux 2016 for Sale

Toyota Hilux 2016

170,000 km, Colombo
verified MEMBER
verified
Rs 19,000,000
18 minutes ago
Kia Sportage 2010 for Sale

Kia Sportage 2010

74,000 km, Colombo
verified MEMBER
verified
Rs 10,490,000
21 minutes ago
Toyota Vitz DBA-KSP130 2018 for Sale

Toyota Vitz DBA-KSP130 2018

62,941 km, Colombo
MEMBER
Rs 9,200,000
24 minutes ago
Auto Parts for saleikman logo
Mitsubishi Baby Rosa Parts for Sale

Mitsubishi Baby Rosa Parts

MEMBER
Rs 115,000
3 minutes ago
Mini-Tweeter Piezoeletric 500 W for Sale

Mini-Tweeter Piezoeletric 500 W

verified MEMBER
Rs 1,300
22 minutes ago
High Efficiency Dome Tweeter for Sale

High Efficiency Dome Tweeter

verified MEMBER
Rs 1,200
23 minutes ago
Brake Disc for Sale

Brake Disc

verified MEMBER
Rs 39,500
28 minutes ago
+ Post an ad on ikman