හරියටම වාහනයක් Reverse කරන්නේ මෙහෙමයි

30 Oct, 2023   
හරියටම වාහනයක් Reverse කරන්නේ මෙහෙමයි

ඔයා වාහනයක් drive කරන්න පටන් අරන් කොච්චර කල් වෙනවද? හැබැයි reverse කරන්න යද්දී පොඩ්ඩක් හිතට සැකයක් වගේ ඇති වෙනවා නේද? ඇත්තටම කොච්චර drive කරන්න පුළුවන් වුණත් reverse කරද්දී ඒ ගැන දෙපාරක් හිතනවා. විශේෂයෙන්ම අලුතින් වාහන පදින්න පටන් ගත්ත අය. ඉතින් වාහනයක් drive කරන ආධුනිකයන්ට ගොඩක් වෙලාවට හරියටම වාහනය reverse කරගන්න අමාරුයි. ඉතින් driving license එක ලබා ගත්ත දවසේ ඉදන් practical test එකට ඉන්නකම් තියෙන ගැටලුවක් තමයි වාහනය reverse කරගන්නේ කොහොමද කියන එක. ඒ නිසාම CarsGuide අපි අද කියන්නේ හරියටම වාහනයක් reverse කරගන්න විදිහ ගැන.

Side Mirrors බලන්න

ඔයා වාහනය reverse කරද්දී සැළකිලිමත් වෙන්න ඕනේ පළවෙනි දේ තමයි side mirrors. ඒ වගේම ඔයා පිටිපස්ස බලන mirror එක ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ. steering wheel එක හසුරවන ආකාරය ගැනත් ඔයා සළකලා බලනවා වගේම. වාහනයක් reverse කරද්දී clutch එක balance කරගන්නත් ඕනේ. වාහනයේ වේගය අඩු වැඩි වෙන්නේ clutch එකෙන්. Reverse gear එකෙන් වාහනය පසුපසට යනවා. Gear එක දාලා තිබ්බේ නැත්නම් වාහනය යන්නේ ඉස්සරහට. ඊට පස්සේ bearing අවස්ථාවෙන් යට clutch එක ගත්තොත් ඔයාගේ වාහනයේ වේගය අඩු වෙනවා. ඒ වගේම bearing අවස්ථාවෙන් උඩ clutch එක ගත්තොත් වාහනයේ වේගය වැඩි වෙනවා.

හරිම වෙලාවේදී Hand Brake එක අඳින්න

ඉතින් ඔයා වාහනය drive කරද්දී මුලින්ම reverse එකට දානවා. ඊට පස්සේ bearing අවස්ථාව තෝරාගන්න. ඉතින් ඒත් එක්කම දැන් ඔයාට වාහනය දෙදරන ශබ්දය ඇහෙනවාත් සමඟම hand brake එක අදින්න ඕනේ. ඉතින් දැන් වාහනය bearing අවස්ථාවේ ඔයා තියාගන්න ඕනේ. මේ වෙලාවේදී වාහනයේ clutch එක ඉස්සරහට හෝ පස්සට යාමක් වෙන්නේ නැහැ. දැන් වාහනය start එකේ තමයි තියෙන්නේ. මෙන්න මේ වෙලාවේදී තමයි ඔයා වාහනය පිටිපස්සට ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි වාහනයක් ඉස්සරහට drive කරද්දී ඉස්සරහට හරවනවානම් wheel එක වම් පැත්තට, දකුණු පැත්තට හරවනවා නම් wheel එක දකුණු පැත්තට.

ඉතින් ඔයා වාහනය පිටිපස්සට ගනිද්දී side mirrors ගැන බලන්න ඕනේ. මතක තියාගන්නම ඕනේ කාරණයක් තමයි තැනිතලා තැනකදී ඔයා වාහනය reverse කරද්දී clutch එකේ speed එකෙන් තමයි මේ වාහනය drive කරන්න ඕනේ. Reverse කරනකොට තමයි accelerator එක පාවිච්චි කරන්නේ.

අංශක 90ක් Reverse කරනකොට

ඔයා අංශක 90ක් වගේ reverse කරනවා කියලා හිතන්නකෝ. එතන හරවනකොට wheel එක වට දෙකක් කරකැවිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ wheel එක සම්පූර්ණම වම් පැත්තට හැරවෙනවා.

අවධානයෙන් Reverse කරන්න

Reverse කරද්දී Clutch එක හා brake එක තමයි ඔයා පාවිච්චි කරන්නේ. Clutch balance එකේදී යට ගියොත් වාහනයේ වේගය අඩු කරගන්න පුළුවන්. උඩට ගත්තොත් වාහනයේ වේගය වැඩි කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් වාහනයක් reverse කරන්නේ පාරකින් තවත් පාරකට නේ. ඉතින් ඔයා වම් පැත්තට reverse කරනවා නම් වම් පැත්තේ side mirrors ගැන අවධානය දෙන්න ඕනේ. දකුණූ පැත්තට නම් දකුණු පැත්තේ side mirrors ගැන අවධානය දෙන්න. ඒ වගේම පිටිපස්ස ගැනත් බලන්න ඕනේ. ඊට පස්සේ clutch එක උස්සන්න ඕනේ. ඒත් එක්කම වාහනය හැරවෙනවා. ඒ විදිහට ඔයා වාහනය කෙලින් වෙනකන්ම පසුපසට ගන්න. ඊට පස්සේ ආපහු clutch balance එකට ගන්න. ඒත් එක්කම Wheel එක අනිත් පැත්තට වට දෙකක් කරකගන්න ඕනේ.

Clutch එක අඩු වැඩි කරන එකෙන් තමයි වාහනයේ වේගය තීරණය වෙන්නේ. ඉතින් manual වාහනයක් මේ විදිහට තමයි reverse කරගන්න ඕනේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Sahara LC300 2025 for Sale

Toyota Land Cruiser Sahara LC300 2025

0 km, Colombo
verified MEMBER
Rs 100,000,000
1 day ago
Austin Mini Cooper 2011 for Sale

Austin Mini Cooper 2011

107,500 km, Colombo
MEMBER
Rs 12,500,000
3 hours ago
Toyota Corolla 1993 for Sale

Toyota Corolla 1993

250,000 km, Kandy
MEMBER
Rs 2,995,000
3 hours ago
Toyota Hilux Rocco B5 2020 for Sale

Toyota Hilux Rocco B5 2020

59,500 km, Gampaha
verified MEMBER
verified
Rs 24,750,000
3 hours ago
Toyota Premio 260 G Superior 2020 for Sale

Toyota Premio 260 G Superior 2020

53,500 km, Gampaha
verified MEMBER
verified
Rs 17,750,000
3 hours ago
Auto Parts for saleikman logo
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
8 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
8 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
8 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
9 hours ago
+ Post an ad on ikman