අනතුරකින් පසු රක්ෂණ වන්දි ලබා ගන්න හරිම විදිහ

12 Sep, 2023   
අනතුරකින් පසු රක්ෂණ වන්දි ලබා ගන්න හරිම විදිහ

Accident එකක් වුණ ගමන් ඔබ කරන්න ඕනේ, ඔබේ insurance company එකට call එකක් දීලා ඒ පිළිබඳව දැනුවත් කරන එක. සමහර අවස්ථා වලදී accident එක නිසා පාරේ ලොකු traffic එකක් ඇති වෙන්න පුලුවන්. එවැනි අවස්ථාවකදී වාහනය පාරෙන් ඉවත් කරන්න පෙර ඒ පිළිබඳව insurance ආයතනයේ අවසරය ලබා ගන්න අමතක කරන්න එපා. එතකොට ඔබට පුලුවන් වාහනය accident වී ඇති ආකාරය photos අරගෙන වාහනය අදාළ ස්ථානයෙන් ඉවතට ගන්න.

මුදල් කපා ගන්නවද?

වන්දියක් ගන්න යනකොට ගොඩක් දෙනෙක්ගෙන් එන චෝදනාවක් තමයි, ගන්න තියෙන වන්දියෙන් 30%ක් 35%ක් වගේ විවිධ ප්‍රමාණයන්ගෙන් මුදල් අඩු කළා කියන එක. මේකට හේතුවක් තියෙනවා.
ලංකාවේ insurance companies අතරින් ගොඩක් company වලින් full claim එක ගෙවන්නේ වාහනයේ නිෂ්පාදිත වර්ෂයේ සිට අවුරුදු 5ක් දක්වා පමණයි. අවුරුදු 5න් පසුව ඔබේ වන්දියෙන් යම් ප්‍රතිශතයක් අඩු කර ගැනීම සිදු වෙනවා. මෙයට හේතුව වන්නේ අවුරුදු 5කට පසු වාහනයේ parts පරණ වීමයි.

රක්ෂණ ආයතනයෙන් වෙන අසාධාරණකම්

සමහර අවස්ථා වලදී insurance company වලින් අසාධාරණ දේවල් පවා සිදු වෙනවා. උදාහරණයක් විදිහට අනතුරක් හේතුවෙන් වාහනයේ alloy wheels අතරින් එකක් පිපිරීමට ලක් වෙනවා. නමුත් අනෙක් සියලු alloy wheels damage එකක් නැතුව හොඳ තත්වයේ පවතිනවා. මෙවැනි අවස්ථා වලදී සමහර insurance company වලින් වන්දි ලබා දෙන්නේ එක් alloy wheel එකක් සඳහා පමණයි. නමුත් අපිට shop එකකින් brand new alloy wheels ගන්නවා නම් එකක් පමණක් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. එවැනි අවස්ථා වලදී ඔබට අවාසියක් සිදු වෙන්න පුලුවන්. එවැනි අවස්ථා වලදී alloy wheels 4ටම මුදල් pass කරන ලෙස letter එකක් මඟින් දැනුම්දෙන්න පුලුවන්.

Spare Parts ගන්න කලින් හිතන්න

වාහනය accident වුණාට පස්සේ අනිවාර්යයෙන්ම අවශ්‍ය spare parts ලබා ගන්න කලින් අපි insurance company එකට quotation එකක් ලබා දෙන්න ඕනේ. Insurance company එකෙන් quotation එකට approval ලැබුණට පස්සේ තමයි ඔබ අවශ්‍ය කරන spare parts මිලදී ගන්න ඕනේ. එහෙම නැතුව ඔබට කැමති විදිහට ගිහින් අවශ්‍ය කරන spare parts මිලට ගන්න එපා. මොකද සමහර විට ඔබේ සම්පූර්ණ වියදමට සරිලන විදිහට bill එක pass වෙන්නේ නැති වෙන්න පුලුවන්.
ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම spare parts මිලදී ගන්න කලින් quotation එකක් ඉදිරිපත් කරලා approval එකක් ලබා ගන්න.

ඉතින් මේ විදිහට තමයි අනතුරකින් පසු රක්ෂණ වන්දි ලබා ගන්න ඕනේ. CarsGuide අපි හිතනවා ඔබට රක්ෂණ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් තිබූ ගැටළු කිහිපයකටම පිළිතුරු ලැබෙන්න ඇති කියලා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Hyundai Tucson 2009 for Sale

Hyundai Tucson 2009

121,200 km, Colombo
verified MEMBER
verified
Rs 4,750,000
4 minutes ago
Land Rover Defender 1986 for Sale

Land Rover Defender 1986

310,800 km, Gampaha
MEMBER
Rs 7,950,000
2 weeks ago
Toyota Hilux 2019 for Sale

Toyota Hilux 2019

91,000 km, Galle
MEMBER
Rs 21,000,000
1 week ago
Nissan Navara 2008 for Sale

Nissan Navara 2008

207,500 km, Anuradhapura
MEMBER
Rs 4,800,000
1 month ago
Honda Vezel RS Sensing 2017 for Sale

Honda Vezel RS Sensing 2017

80,000 km, Gampaha
MEMBER
Rs 13,000,000
19 minutes ago
Auto Parts for saleikman logo
Full Face Helmet for Sale

Full Face Helmet

MEMBER
Rs 4,500
7 minutes ago
Chery Qq Gas Shock Absorber (Front) for Sale

Chery Qq Gas Shock Absorber (Front)

verified MEMBER
verified
Rs 8,985
8 minutes ago
Honda vezal for Sale

Honda vezal

verified MEMBER
verified
Rs 9,500
17 minutes ago
Mazda BT-50 Door for Sale

Mazda BT-50 Door

MEMBER
Rs 42,000
18 minutes ago
14/165 Tyre with Wheel for Sale

14/165 Tyre with Wheel

MEMBER
Rs 8,000
18 minutes ago
+ Post an ad on ikman