වාහන අනතුරු අවම කර ගැනීමට උපක්‍රම

30 Jun, 2023   
වාහන අනතුරු අවම කර ගැනීමට උපක්‍රම

හැම කාලෙම අඩුවක් නැතුව ඇහෙන දෙයක් තමයි රථ වාහන අනතුරු. පොදුවේ ගත් විට, අපේ නොසැලකිල්ල, බීමත්ව රිය ධාවනය, වාහනය නුසුදුසු තත්වයේදීත් එය ධාවනය වැනි කරුණු හින්දා තමයි, වාහන අනතුරු බොහොමයක් සිද්ධ වෙන්නෙ. ඉතින් වාහන අනතුරු අවම කර ගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලයි අද අපි CarsGuide තුළින් කතා කරන්න ලෑස්ති වෙන්නෙ.

Phone භාවිතා කරන්න එපා.

මේ නරක පුරුද්ද නම්, ඔබ ගාවත් තියෙනවා. ඒ තමයි drive කරනකොට phone එකෙන් කතා කරන එක. මේ කියන්නෙ, වාහනේ ඇතුළෙ phone තියාගන්න එපා කියලා නෙවෙයි. Drive කරනකොට හදිසි phone call එකක් ආවොත් වාහනේ පාර අයිනට කරලා call එක answer කරන්න. මොකද මේ නිසා සමහර වෙලාවට ඔබට නොදැනිම ඔබ අතින් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්.

නිවැරදි Attitude එක හදාගන්න.

කාට නැතත් ඔබ, ඔබේ වාහනයට driver කෙනෙක්. ඒ නිසා drive කිරීම පිළිබඳ නිවැරදි attitude එකක් ඔබට තියෙන්න ඕනෙ. ඒ වගේම ඔබ ඒ දේවල් develop කරගන්න ඕනෙ. වෙන තරමක් accident, යොවුන් වියේ අයගෙ අතින් වෙන්නෙත් attitude එකේ ප්‍රතිඵලයක් මිස, skill නිසාවත් knowledge එක නිසාවත් නෙවෙයි. Drive කිරීම සම්බන්ධයෙන් වගකීම් සහගත attitude එකක් practice කිරීමට ඔබ වෙනුවෙන්, ආදරණීයන් වෙනුවෙන් කැප වෙන්න. මොකද ඔබ මේ මහ පාරෙ control කරන්නෙ, ලොකු යකඩ ගොඩක්.

සුපරික්ෂාකාරී වෙන්න.

හැකි තරම් සුපරික්ෂාකාරීව drive කරන්න. ඔබ drive කරන්න practice කරනකොටත්, දෙමව්පියන්ගේ ක්‍රියාකාරී භූමිකාව ගන්න. ඔවුන් සමඟ schedule එකක් හදලා ඒක දිගටම ක්‍රියාත්මක කරන්න. License ගැනීම සඳහා test එක කරන තෙක්ම ඒක ඒ විදියටම තබා ගන්න.

Seat belt පළඳින්න.

සාමාන්‍යයෙන් drivers ලා නම් drive කරනකොට, seat belt දානවා. හැබැයි ඒක seat belt පළඳින්න පුළුවන් වාහන වල යන මගීන් නම් අනුගමනය කරන්නෙ නැති තරම්. ඉතින් වාහනේක යනකොට seat belt තියෙනවා නම් ඔබ driver වුණත්, මගියෙක් වුණත් seat belt එක පළඳින්න පුරුදු වෙන්න.

බීමතින් drive කරන්න එපා.

මත්පැන් පානය කරන එක නම් වයස් භේදයක් නැතුව, බොහෝ දෙනා පුරුද්දක් කරගෙනනෙ ඉන්නෙ. හැබැයි ඒ පුරුද්ද drive කරනකොට නම් තියාගන්න එපා. Don’t drink & drive කියලා ඔබ අහලා තියෙනවනෙ. මොකද බොහෝ accident වලට හේතුවක් තමයි බීමතින් drive කිරීම. ඒ මඟින් සමහර විට, ඔබට license එක අහිමි වෙන්න පුළුවන්, නැත්නම් තවත් ජීවිතයක් අහිමි වෙන්න පුළුවන්.

මගීන් ප්‍රමාණය සීමා කරන්න.

ඔබ bus driver කෙනෙක් නම්, මගීන් සීමා කරගන්න වගබලාගන්න. මොකද සෑම අමතර මගියෙකු සමඟම මාරාන්තික අනතුරක අවධානම වැඩි වෙනවා. ඔබ අලුත් driver කෙනෙක් නම්, ඔබේ මගීන් සංඛ්‍යාව සීමා කිරීම වඩාත් සුදුසුයි.

Night time drive කිරීම සීමා කරන්න.

දහවල් කාලයේ drive කරනවට වඩා රාත්‍රී කාලයේ drive කරනකොට සිදුවන අනතුරු ප්‍රමාණය, තුන් ගුණයකින් වැඩි වෙනවා. ඒ නිසා රාත්‍රියේ drive කිරීම පුළුවන් තරම් සීමා කරන්න.

Driving experience එක හදාගන්න.

ඔබ drive කරන්න පටන් ගන්න මුල් කාලෙ නම්, වාහනය drive කරනකොට එය ආරක්ෂිතව සහ slow එකේ තියාගන්න. වේගයෙන් ගමන් කිරීම හෝ traffic නිසා ඔබට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා ඔබට supervised driving experience එකක් ලැබෙන තුරු ඒවායින් වළකින්න. එවිට, ඔබට highway එකේ drive කිරීමට, traffic අවස්ථා වලදී drive කිරීමට හැකියාව ලැබෙනවා.

වැස්සෙ drive කරනකොට පරිස්ස්සම් වෙන්න.

වැසි සහිත කාලගුණික තත්වයන් වලදී පරිස්සමෙන් drive කරන්න මතක තියාගන්න. මොකද වැස්ස මඟින් මාර්ගය අනතුරුදායක කරන අතර බොහෝ විට, වාහනය ඔබේ පාලනයෙන් මිදීමට හෝ brake ගැසීමේදී ලිස්සා යාමට එය හේතුවක් වෙනවා.

වලවල් මතින් යන්න එපා.

ඔබ ගමන් කරන්නෙ, කිසිම බාධකයක් නැති මාර්ගයක නෙවෙයි. එක බාධකයක් තමයි වලවල්. පොඩියට පෙනුණට මේවට පුළුවන් ලොකු අනතුරු ඇති කරන්න. වලවල් මතින් drive කිරීම, ඔබට වාහනය පාලනය කරගත නොහැකි වීම හෝ ටයරයක් පිපිරීමේ අවධානම් වලට හේතුවක් වෙනවා. ඒ නිසා drive කරනකොට, මාර්ගයේ වලක් දුටුවොත්, එය මග හැරීමට try කරන්න. එවිට ඔබට තවත් අනතුරක් වළක්වා ගන්න පුළුවන්.

අනතුරක් වෙන්න කළිං ඒක වළක්වන්න පුළුවන්කම තියෙද්දි, ඔබ කරන්න ඕනෙ ඒක වළක්වන එක. මොකද ඔබ එය නොදැක්කා වගේ හිටියොත් වෙන්නෙ පොඩි දෙයක් හිතාගන්න බැරි ලොකු අනතුරක් ඇති කරන එක. ඒ නිසා අපි කියපු විදියට මේ tricks පාවිච්චි කරලා, වාහන අනතුරු අවම කරගන්න try කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Micro Panda 2018 for Sale

Micro Panda 2018

91,000 km, Kalutara
MEMBER
Rs 4,250,000
3 weeks ago
Nissan Cefiro 2001 for Sale

Nissan Cefiro 2001

215,000 km, Colombo
MEMBER
Rs 2,950,000
6 minutes ago
Honda Vezel 2018 for Sale

Honda Vezel 2018

26,000 km, Colombo
MEMBER
Rs 14,490,000
2 weeks ago
Toyota Allion 2016 for Sale

Toyota Allion 2016

96,000 km, Colombo
MEMBER
Rs 14,500,000
1 month ago
Honda Vezel Z sensing 2019 for Sale

Honda Vezel Z sensing 2019

90,000 km, Colombo
MEMBER
Rs 13,700,000
14 minutes ago
Auto Parts for saleikman logo
Wagon R FX 44s Tail Light for Sale

Wagon R FX 44s Tail Light

verified MEMBER
Rs 30,000
1 week ago
Toyota Prius Window Trims for Sale

Toyota Prius Window Trims

verified MEMBER
Rs 7,500
1 hour ago
Montero V98 Side Mirror Lens for Sale

Montero V98 Side Mirror Lens

verified MEMBER
Rs 4,500
1 hour ago
Toyota Premio Leather Seat Covers for Sale

Toyota Premio Leather Seat Covers

verified MEMBER
Rs 45,000
1 hour ago
+ Post an ad on ikman