වාහනයට හරියටම ගැළපෙන parts තෝරමු

14 Dec, 2023   
වාහනයට හරියටම ගැළපෙන parts තෝරමු

වාහනයක් කියන්නේ අපේ එදිනෙදා වැඩ වලට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒ විතරක් නෙමෙයි වාහන නිසා අපේ වැඩ ගොඩක් පහසු වෙනවා. ඒ නිසාම වාහනය ගැන අපි ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මොකද නොගැළපෙන parts ඔයාගේ වාහනයට පාවිච්චි කළොත් වාහනය ටිකෙන් ටික ලෙඩ වෙන්න බලනවා. අද CarsGuide අපි කියන්නේ වාහනයට හරියටම ගැළපෙන parts තෝරගන්නේ කොහොමද කියලා.

වාහනය ගැන දැනගන්න

වාහනයට parts තෝරා ගන්නකොට ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ ප්‍රධානම දේ තමයි ඔයාගේ වාහනය ගැන දැනගන්න එක. ඉතින් ඔයාට ඔයාගේ වාහනය ගැන හරි හැටි දැනගන්න නම් අනිවාර්යයෙන්ම වාහනයේ model එක, production සහ year එක දැනගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම වාහනයේ එන්ජිම පෙට්‍රල් ද ඩීසල් ද සහ අනෙකුත් වැදගත්ම දේවල් ගැනත් ඔයා දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් ගැන දැනගත්තම ඔයාට පුළුවන් ඔයාගේ වාහනයට හරියටම ගැළපෙන parts තෝරාගන්න.

හොඳ brand එකක්

වාහනයට හොඳ parts තෝරා ගන්නකොට ඔයා දැනගන්න ඕනේ හොඳ ජනප්‍රිය brand එකකින් parts තෝරාගන්න. මොකද ජනප්‍රිය brand එකක් කියන්නේ කාලයක් තිස්සේ නමක් හදාගත්ත එකක් නිසා. ඉතින් එතකොට එයාලගේ parts වල quality එක හොඳම තත්ත්වයේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි වාහනයටත් හරියටම ගැළපෙනවා. ඒ වගේම එතනින් ඔයාට සැළකිය යුතු warranty කාලෙකුත් ලැබෙනවා. ඔයා ජනප්‍රිය brand එකකින් parts තෝරගන්නවා කියන්නේ parts වල quality එක හොඳ තත්ත්වයේ තියෙනවා වගේම වාහනයටත් හරියටම ගැළපෙනවා. ඉතින් ඒ නිසා තමා ඔයා වාහනයට parts තෝරගද්දී හොඳ brand එකකට යන්න ඕනේ.

Warranty එක

වාහනයට parts මිලදී ගන්නකොට ඔයාට ලැබෙන warranty එක ගැනත් ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ. හොඳ warranty එකක් කියන්නේ ඔයාගේ parts වල ඇතිවෙන්න පුළුවන් ගැටලු වලට විසඳුමක්. ඒ වගේම මතක ඇතුව warranty එක කොච්චර කාලයක්ද කියලත් check කරන්න. Warranty එකක් නොමැතිව කිසිම භාණ්ඩයක් මිලදී ගන්න යන්න එපා. මොකද භාණ්ඩයේ ගැටලුවක් ආවොත් ඔයාට අපහු ඒ දේ මාරු කරන්න බැරි වෙනවා.

Prices compare කරන්න

ඔයා වාහනයට parts ගන්න සැලසුම් කරනවා කියලා හිතන්නකෝ. එත් ඔයා prices දන්නේ නැතුව parts ගන්න වට වැඩිය prices දැනගෙන shop එකට යන එක ගොඩක් වැදගත්. අන්න ඒ වෙලාවට ඔයා කරන්න ඕනේ internet එකෙන් බලලා prices compare කරන එක. ඉතින් prices දන්නේ නැතිව යනවට වඩා prices දැන ගන්න එක ගොඩක් වැදගත්. ඒ වගේම වෙළෙදසැල් කිහිපයකින්ම ඔයා මේවා ගැන හොයල බලන්න ඕනේ. එක පාරට මිලදී ගන්න යන්න එපා.

Options දැන ගන්න

ඔයා වාහනයට parts මිලදී ගන්නකොට ඔයාට ගන්න පුළුවන් options ගැනත් දැනගෙන ඉන්න එක වැදගත්. ඔයාට new parts, rebuilt parts, refurbished parts, aftermarket parts වගේම used parts මිලදී ගන්න පුළුවන්. මේ හැම option එකකම වාසි වගේම අවාසි තියෙනවා. ඉතින් ඔයා මේ දේවල් මිලදී ගන්නකොට සැළකිලිමත් වෙන්න ඕනේ. New parts මිල අධික වෙනවා. ඒත් ඒවාගේ ගුණාත්මක භාවය ඉහළයි. Refurbished parts මිලෙන් අඩුයි වගේම ඒවා ගොඩක් කල් පාවිච්චි කරන්න බැහැ. ගොඩක් වෙලාවට use කරපු parts ඔයාගේ වාහනයත් එක්ක ගැලපෙන්නේ නැහැ.

Genuine නිෂ්පාදනයක් ද කියලා බලන්න

ඔයා parts ගන්න කලින් තව සැළකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි ඒ කොටස් හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන එක. ඒවා genuine ද fake parts ද කියලා තහවුරු කර ගන්න ඔයාට පුළුවන් original equipment manufacturer web site එක හරහා. ඒ වගේම තමයි ඔයාට guiding manual එකත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඔයා parts මිලදී ගැනීමේදී check product details, description, compatibility information,ඒවා ගැනත් පරික්ෂා කරන්න මතක තියාගන්න.

මෙන්න මේ දේවල් තමයි වාහනයට හරියටම ගැලපෙන parts තෝරගන්න කරන්න ඕනේ දේවල්. මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා වාහනයට හොඳ parts තෝරගන්න දැන් ඔයාට පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
MG ZS 2019 for Sale

MG ZS 2019

84,999 km, Gampaha
MEMBER
Rs 8,750,000
1 week ago
Suzuki Spacia Xs 2023 for Sale

Suzuki Spacia Xs 2023

0 km, Colombo
verified MEMBER
Rs 8,075,000
31 seconds ago
Honda Grace Ex Navi 2016 for Sale

Honda Grace Ex Navi 2016

102,000 km, Colombo
MEMBER
Rs 10,750,000
1 week ago
Kia Sportage Fully Loaded 2012 for Sale

Kia Sportage Fully Loaded 2012

190,000 km, Colombo
verified MEMBER
verified
Rs 10,950,000
1 minute ago
Toyota Vitz DBA-KSP130 2019 for Sale

Toyota Vitz DBA-KSP130 2019

69,000 km, Puttalam
MEMBER
Rs 9,000,000
1 minute ago
Auto Parts for saleikman logo
Audi A4 Parts for Sale

Audi A4 Parts

verified MEMBER
verified
Rs 12,500
3 days ago
195/65/15 Yokohama for Sale

195/65/15 Yokohama

verified MEMBER
verified
Rs 29,500
40 seconds ago
165/55/15 Duraturn Tires for Sale

165/55/15 Duraturn Tires

verified MEMBER
verified
Rs 15,900
13 minutes ago
195/15 -8PR Arivo Tires (UK BRAND) for Sale

195/15 -8PR Arivo Tires (UK BRAND)

verified MEMBER
verified
Rs 25,900
15 minutes ago
+ Post an ad on ikman