මෝටර් රථයක් leasing නොකිරීමට හේතු

04 Oct, 2023   
මෝටර් රථයක් leasing නොකිරීමට හේතු

ලීසිං කියන්නේ, ඔබට නුහුරු වචනයක් නෙවෙයි. මොකද වාහනයක් අලුතෙන් ගන්න මුදල් මදි වුණාම, ගොඩක් වෙලාවට ඔබ, ඒ වාහනයම ලීස් කරලා ගන්නවා. හැබැයි, ඔබ දන්න සමහර අය ඉන්නවා ඇති, ඒ අය වාහනයක් ගන්න මුදල් මදි වුණත්, ලීස් කරලා වාහනයක් ගන්න යන්නේ නැහැ. ඇත්තටම මේකට හේතුව මොකක්ද? CarsGuide අපි හිතුවා ඒ ගැන ඔබට කියන්න. ඉතින් අද ඔබට දැන ගන්න පුළුවන්, ඇත්තටම සමහර අය මෝටර් රථයක් ලීසිං නොකරන්න හේතු මොනවද කියලා.

වාහනයක් ලීස් කරනවා කියන්නේ මොකක්ද?

ඔබ වාහනයක් අලුතෙන් මිලදී ගන්න හිටියත්, සමහර විට ඒකට ප්‍රමාණවත් මුදලක් ඔබ ළඟ නොතිබෙන්න පුළුවන්. වෙලාවෙ හැටියට අතමාරුවක් හරි කර ගන්න බැරි වුණොත්, ඔබ අනිවාර්යයෙන්ම ලීස් කරලා වාහනය ගන්න option එකට යනවා.

මොකක්ද මේ වාහනයක් ලීස් කරනවා කියන්නේ. ලීස් එකක් කියන්නේ, කල්බදු ගිවිසුමක්. මේ නමේම තියෙනවා, කාලයකට බදු ගන්නවා කියන තේරුම. ලීස් එකක ප්‍රධාන කොටස්කරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි, බදු ගැනුම්කරු. ඒ කියන්නේ, වාහනය ගන්න පුද්ගලයා. අනිත් කෙනා තමයි බදු දීමනාකරු. ඒ කියන්නේ, ලීසිං පහසුකම ලබා දෙන බැංකුව හෝ මූල්‍ය ආයතනය. මේ බදු ගැනුම්කරු සහ බදු දීමනාකරු අතර යන ගිවිසුමක් තමයි, ලීස් එකක් කියන්නේ.

ලීස් එකක් දාන්නේ කොහොමද?

මෙතනදි මුලින්ම කරන්නේ, ගැනුම්කරු විසින් තමන් කැමති වාහනයක් තෝරාගන්න එක. ඒ විදිහට තෝරාගන්න වාහනය සඳහා ලීසිං පහසුකමක් ලබා දෙන ලෙස, ලීසිං සමාගම වෙත application එකක් ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ, අදාළ වාහනය පරීක්ෂා කරලා, valuation report එකක් ලබාගෙන, ඒ වාහනය මූල්‍ය ආයතනය විසින් මිලට ගන්නවා. ඊළඟට ගැනුම්කරු එකඟ වෙන මාසික වාරික මුදලකට සහ ඒ සඳහා එකඟ වෙන කාල පරිච්ඡේදයකට බදු වශයෙන් වාහනය ලබා දෙනවා. එතනදි නීතිමය හිමිකාරීත්වය ලීසිං සමාගම විසින් තබාගෙන, වාහනය ගැනුම්කරුට දෙනවා. හැබැයි වාහනයේ පොත ගැනුම්කරුට ලැබෙන්නේ නැහැ.
අවසාන වාරිකය ගෙව්වට පස්සේ, වාහනයේ හිමිකාරීත්වය ගැනුම්කරුට දෙනවා. හැබැයි පැවරීමක් කරන්නේ නැහැ. නීතිමය හිමිකරු විදිහට හිමිකම අවලංගු කරලා ලිපියක් ඉදිරිපත් කරනවා. මේ ලිපියත් එක්ක, වාහනයේ පොත ගනුදෙනුකරුට release කරනවා.

මෝටර් රථයක් ලීස් නොකිරීමට හේතු මොනවද?

මෝටර් රථයේ සම්පූර්ණ අයිතිය නොලැබීම

ලීස් කරලා වාහනයක් ගන්නවා කියන්නේ, හරියට වාහනයක් කුලියට ගන්නවා වගේ වැඩක්. ඒ නිසා වාහනයක් ලීස් කරලා ගන්නකොට, ඒ සමඟම ඒකෙ අයිතියත් ඔබට ලැබෙනවා කියලා හිතුවට, එහෙම දෙයක් වෙන්නේ නැහැ. වාහනයේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ, ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය ආයතනයට හෝ බැංකුවට. ඉතින් සමහර අය මේ හේතුව නිසා, වාහනයක් ලීස් නොකර ඉන්න තීරණය කරනවා.

ලීසිං වාරික ගෙවිය යුතු කාල සීමාව වැඩි වීම

ගොඩක් කල්බදු ගිවිසුම් ලොකු කාලයක් තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ, ඔබ මේ කාල සීමාව සඳහා සැලකිය යුතු මුදලක් ගෙවන්න වගේම, ඒ වාහනයම use කරන්න බැඳිලා ඉන්නවා කියන එක. ඉතින් සමහර විට, ඔබට මේ මුදල සම්පූර්ණයෙන්ම ගෙවා ගන්න බැරි වෙන්න පුළුවන්.

Purchase loan එකට වඩා ලීස් එක සඳහා වැඩි පොලියක් ගෙවීම

ඔබට purchase loan එකකට වඩා වැඩි පොලියක් ලීස් එක සඳහා ගෙවන්න වෙනවා. මේ ලීස් එකත් එක්ක, collateral එකක් නැති නිසා, ඒ කියන්නේ, ඇත්තටම ඔබට වාහනය assest එකක් විදිහට හිමි වෙන්නේ නැති නිසා, මූල්‍ය ආයතන විසින් සාමාන්‍යයෙන් interest rate එක වැඩි කරනවා. ඉතින් මේක දන්න සමහර අය, වාහනයක් ලීස් කරන්න යන්නේ නැහැ.

ලීසිං කළ මෝටර් රථයක් විකිණිය නොහැකි වීම

ලීස් එකක් දාලා ඔබ දැන් කැමති වාහනය ගන්න පුළුවන් වුණාට, කාලයක් යනකොට, ඔබට වෙනත් වාහනයක් ගන්න ඕන වෙන්න පුළුවන්. හැබැයි ඒ වාහනය ගන්න වෙන්නේ, ඔබ ළඟ ඒකට අවශ්‍ය මුදල් තියෙනවා නම් විතරයි. මොකද ඔබ දාපු ලීස් එක ඉවර වෙනකම්, ඔබට වාහනය විකුණන්නවත්, මුදල් ලබා ගැනීමට ලීස් කරපු වාහනය use කරන්නවත් බැරි නිසා.

Customize කළ නොහැකි වීම

ඔබ වාහනය customize කරන්න කැමති නම්, ඒක ලීස් නොකරපු වාහනයක් වෙන්න ඕනේ. මොකද ඔබ එකඟ වෙන lease agreement එකේ තියෙන terms යටතේ, මෝටර් රථයට කළ හැකි සහ කළ නොහැකි දේ සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් strict conditions තියෙනවා.

Maintain සහ repair වලට වියදම් වීම

ඔබ ලීස් කරලා ගන්න වාහනය, ඔබට අයිති නැති වුණත්, maintain කරන්න වගේම repair කරන්නත් වියදම් කරන වගකීම ඔබ භාර ගන්න ඕනේ. මේකට ඔබට ලොකු මුදලක් වැය කරන්න වෙනවා. ඉතින්, ඔබ වාහනය ගන්නේ ලීස් කරලා නම්, මේ වියදම ඔබට මඟ හරින්න බැහැ. මොකද ඔබ මේ කල්බදු කාලය තුළ මෝටර් රථය maintain කරපු බව ඔප්පු කරන එක, ලීසිං සමාගම විසින් බලාපොරොත්තු වෙනවා.

මේ දේවල් තමයි, බොහෝ දෙනා මෝටර් රථයක් ලීසිං නොකරන්න හේතු වෙන්නේ. ඒ නිසා, ඔබට වාහනයක් ගන්න ලීස් එකක් දාන්නම වෙනවා නම්, ඊට කලින් තව දෙතුන් පාරක් හිතුවට කමක් නැහැ. මොකද ලීස් එකට ගෙවන්නෙත්, ඔබ මහන්සියෙන් හොයන මුදල්නේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Allion G Plus 2016 for Sale

Toyota Allion G Plus 2016

131,000 km, Colombo
verified MEMBER
verified
Rs 13,000,000
4 minutes ago
Nissan X-Trail AMW maintain 2011 for Sale

Nissan X-Trail AMW maintain 2011

101,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,950,000
4 days ago
Audi A6 TFSI 2014 for Sale

Audi A6 TFSI 2014

80,000 km, Colombo
MEMBER
Rs 14,900,000
1 month ago
Honda Grace EX Highest Grade 2017 for Sale

Honda Grace EX Highest Grade 2017

45,000 km, Kurunegala
MEMBER
Rs 9,050,000
14 minutes ago
Land Rover Range Evoque 2013 for Sale

Land Rover Range Evoque 2013

89,000 km, Colombo
MEMBER
Rs 16,800,000
1 day ago
Auto Parts for saleikman logo
Pajero / Montero boot door rubber bush for Sale

Pajero / Montero boot door rubber bush

verified MEMBER
verified
Rs 2,000
10 minutes ago
TVS ntorq 125cc bike Rectifler for Sale

TVS ntorq 125cc bike Rectifler

MEMBER
Rs 2,800
15 minutes ago
Electric Bike Battery 12v 28ah for Sale

Electric Bike Battery 12v 28ah

MEMBER
verified
Rs 13,500
2 weeks ago
Car Battery for Sale

Car Battery

MEMBER
Rs 4,500
31 minutes ago
+ Post an ad on ikman