රක්ෂණ සමාගම් වන්දි නොදෙන හේතු

19 Sep, 2023   
රක්ෂණ සමාගම් වන්දි නොදෙන හේතු

අද ලෝකයේ දියුණුවත් එක්ක වාහනය භාවිතය වැඩි වෙලා තියෙනවා. සමහර අවස්ථා වලදී අපි මොන තරම් පරිස්සමින් වාහන drive කළත් අනතුරු සිදු වෙන්න තියෙන අවධානම වැඩියි. මේ හේතූන් නිසා වාහනයක් මහා මාර්ගයේ ධාවනය කරන්න නම් අනිවාර්යයෙන්ම, වාහනය රක්ෂණය කරලා තියෙන්නම ඕනේ. ඒක මාර්ගයේ ගමන් කරන මඟීන්ට මෙන්ම වාහනයේ අයිතිකරුටත් ලොකු පහසුවක්. නමුත් සමහර අවස්ථා වලදී රක්ෂණ සමාගම් විසින් වාහනයක් අනතුරට ලක් වුණාම වන්දි ලබා දීම මඟ හරිනවා. ඉතින් ඒ නිසා CarsGuide අපි අද හිතුවා රක්ෂණ සමාගම් වන්දි නොදෙන හේතු පිළිබඳව ඔබව දැනුවත් කරන්න.

රක්ෂණයක නීතිමය පැතිකඩ

යම් රක්ෂණ ආවරණයක් රක්ෂණය වන පුද්ගලයා සහ රක්ෂණය වන ප්‍රමාණය අනුව තමයි එහි ප්‍රතිලාභ තීරණය වෙන්නේ. වාහනයක් සම්පූර්ණයෙන්ම රක්ෂණය කළ පසු එයින් ලැබෙන වන්දිය සහ එහි වගකීම පැවරෙන්නේ පූර්ණ රක්ෂණය කළ පුද්ගලයාට සහ රක්ෂණය ආයතනයටයි. හැබැයි තුන්වෙනි පාර්ශ්වයකට කුමක් හෝ සිදු වුණොත් වැදගත් වෙන්නේ රක්ෂණය ලබන්න සුදුසු ආකාරයෙන්ද අනතුර සිදු වෙලා තියෙන්නේ කියන එක.

රක්ෂණය අහිමි වෙන අවස්ථා

  • බාල වයස්කාර පුද්ගලයෙක් වාහනය පැදවීම
  • රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනය පැදවීම
  • රක්ෂණය කල් පැන තිබීම
  • බීමත්ව රිය පැදවීම
  • ආදායම් බලපත්‍රය නොමැති වීම

අනතුර සිදු වුණේ තුන්වෙනි පාර්ශවයට නම්

තුන්වෙනි පාර්ශවයට රක්ෂණාවරණයක් තිබුණේ නැහැ කියලා වන්දි ලබා ගැනීමට කිසිම අවස්ථාවක පසුබට වෙන්න හොඳ නැහැ. තමන්ගේ කාලය සහ මුදල් වැය වෙනවා කියා තමන්ට පාරේදී යම් පුද්ගලයෙක් නිසා අනතුරක් සිදු වුවහොත් වන්දි ලබා ගැනීම අතපසු කිරීම අනුවණ ක්‍රියාවක්. ඒ නිසා ඔබට අනතුර සිදු කළ පුද්ගලයාට රක්ෂණාවරණයක් තිබුණේ නැති වුණත්, ඔබට පුලුවන් පුද්ගලිකව වන්දි ලබා ගන්න.

වන්දි ඉල්ලීමක් සිදු කළ හැකි කාල සීමාව

රථ වාහන අනතුරකදී මූලිකවම නඩුව පැවරෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට. සිදු වූ අනතුරට අදාළව රියදුරාට දඩුවම් නියම කිරීම, දඩයක් නියම කිරීම හෝ සිරගත කිරීම සිදු වන්නේ මහේස්ත්‍රාත් අධිකරණය හරහායි. නමුත් අනතුර නිසා අගතියට පත්වුණු පුද්ගලයා වන්දි ලබා ගැනීම සඳහා නඩු පැවරිය යුත්තේ සිවිල් අධිකරණයකයි.

එවැනි අවස්ථාවක රථ වාහන අනතුර සඳහා මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන නඩුකරය විභාග වෙන විට රක්ෂණ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් නඩුව සිවිල් අධිකරණයක පවරන්න ඔබට පුලුවන් අනතුර සිදු වූ දවසේ සිට වසර දෙකක කාල සීමාව ඇතුළත පමණයි.

අනතුරට ලක් වූ තුන්වන පාර්ශවයට වන්දි ලබා ගැනීමේදී අවශ්‍ය ලිපි ලේඛණ

අදාළ වරදේ අයිතිකරුගේ ලිපිනයන්
වාහනයේ අයිතිකරුගේ ලිපිනයන්
අයිතිකරුවන් පිළිබඳව මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සහතිකය
අනතුර හේතුවෙන් ඔබට ගෙවීමට සිදු වන වියදම් ලැයිස්තුවක්

ඉතින් මේ හේතු නිසා තමයි රක්ෂණ සමාගම් වන්දි නොදෙන්නේ. CarsGuide අපි හිතනවා ඔබ අද රක්ෂණ වන්දි පිළිබඳව බොහෝ දේවල් දැනගන්න ඇති කියලා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel Z Grade 2025 for Sale

Honda Vezel Z Grade 2025

0 km, Colombo
MEMBER
Rs 19,000,000
2 weeks ago
Kia SONET GTX+ DUAL TONE 2025 for Sale

Kia SONET GTX+ DUAL TONE 2025

50 km, Colombo
verified MEMBER
verified
Rs 13,390,000
2 days ago
Mitsubishi Lancer 1979 for Sale

Mitsubishi Lancer 1979

75,000 km, Gampaha
MEMBER
Rs 1,350,000
33 minutes ago
Hyundai Accent 2003 for Sale

Hyundai Accent 2003

150,000 km, Jaffna
MEMBER
Rs 2,900,000
37 minutes ago
Toyota Belta 2006 for Sale

Toyota Belta 2006

120,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,890,000
42 minutes ago
Auto Parts for saleikman logo
Audi A1 Headlights for Sale

Audi A1 Headlights

verified MEMBER
verified
Rs 12,500
1 week ago
Car Audio Set for Sale

Car Audio Set

MEMBER
Rs 10,000
46 minutes ago
Wagon R 44 S Stingray Shock Absorber Set for Sale

Wagon R 44 S Stingray Shock Absorber Set

MEMBER
Rs 95,000
53 minutes ago
Mini Cooper Rear Buffer for Sale

Mini Cooper Rear Buffer

verified MEMBER
verified
Rs 72,000
1 hour ago
Aqua Door for Sale

Aqua Door

verified MEMBER
Rs 15,000
1 hour ago
+ Post an ad on ikman