වාහනයක් overtake කිරීම සහ මංතීරු වෙනස් කිරීම හරියටම කරමු

22 Feb, 2024   
වාහනයක් overtake කිරීම සහ මංතීරු වෙනස් කිරීම හරියටම කරමු

පාරේ වාහනයක් drive කරද්දී ඉදිරියෙන් එන වාහනයක් overtake කරනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. නමුත් වාහනයක් හරියට overtake කළේ නැත්නම් ඔයාට වගේම පාරේ ගමන් කරන අනෙක් වාහන වලටත් අනතුරු සිදු වෙනවා. අපි වාහනයක් drive කරද්දී overtake කිරීම සහ මංතීරු වෙනස් කිරීම හරියට කරන්න ඕනේ. ඉතින් අද CarsGuide තුළින් අපි කියන්නේ වාහනයක් overtake කිරීම සහ මංතීරු වෙනස් කිරීම හරියටම කරන්නේ කොහොමද කියලා.

වාහනයක් overtake කිරීම යනු කුමක්ද?

වාහනයක් overtake කරනවා කියන්නේ ඔයාගේ වාහනයට ඉදිරියෙන් ඔයා යන දිශාවටම ගමන් කරන වාහනයක් පසුකර යාමයි. අපි වාහනයක් overtake කරද්දී එය සිදු කළ යුත්තේ නිවැරදි මංතීරුවෙන්. නැත්නම් අපට නීතිමය වශයෙන් දඬුවම් ලැබෙනවා.

මංතීරු වෙනස් කිරීම යනු කුමක්ද?

මංතීරු වෙනස් කරනවා කියන්නේ වාහනයක් ගමන් කරන දිශාවටම තියෙන මංතීරුවකට වාහනය මාරු කිරීමයි. සාමාන්‍යයෙන් මෙය සිදු කරන්නේ තමන් ගමන් කරන මංතීරුවේ වාහන තදබදයක් තිබූ අවස්ථාවකයි. මංතීරු වෙනස් කිරීමට උදාහරණයක් ලෙස, වාහනයක් මංතීරුවක ගමන් ගමන් කරන විට එහිදී එකම දිශාවටම මංතීරු 2ක් තියෙනවා නම් අනෙක් මංතීරු වලට වාහනයක් මාරු කිරීමයි.

වාහනයක් overtake කිරීමේදී සහ මංතීරු වෙනස් වෙනස් කිරීමේදී ඔබ අතින් සිදු වන වැරදි

– Side mirror පරීක්ෂා නොකිරීම
– Signal භාවිතා නොකිරීම
– වංගුවකදී overtake කිරීම
– එකවර වාහන කීපයක් overtake කිරීම
– මාර්ගයේ නිවැරදි පැත්තෙන් overtake නොකිරීම
– මංතීරු වෙනස් කිරීමට පෙර වේගය අඩු නොකිරීම

හරියට වාහනයක් overtake කරන්නේ කොහොමද?

වාහනයක් overtake කරද්දී අනිවාර්යෙන්ම කරන්න ඕනේ දේ තමයි side mirror මගින් පසුපස මාර්ගය නිරීක්ෂණය කිරීම. පිටිපසින් පැමිණෙන වාහන ඔයාගේ වාහනයට වඩා ආසන්න නම් ඔයා තව වාහනයක් overtake කරන යන්න එපා. එහෙම කළොත් ලොකු අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කොයිම වෙලාවකවත් overtake කරන්න යන වාහනය සමීපයට යන්න එපා. ඔයාගේ වාහනයට පිටිපසින් එන වාහනය යම් දුරක නම් සිටින්නේ ඔයා signal light දල්වා ඔයාගේ පසුපසින් එන වාහන වලටත් ඉදිරියෙන් යන වාහන වලටත් overtake කරන බව දැනුම් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා ක්‍රමානුකුලව වාහනය overtake කරන්න.

හරියටම මංතීරු වෙනස් කරන්නේ කොහොමද?

හරියට වාහනයක් මංතීරු වෙනස් කරද්දී මුලින්ම සිදු කරන්න ඕනේ signal light ක්‍රියාත්මක කිරීමයි. ඊට පස්සේ වාහනයේ side mirror මගින් පසුපස මාර්ගය නිරීක්ෂණය කරන්න. පසුපස මාර්ගයේ වාහන නැත්නම් ඔයා වහනය මංතීරු වෙනස් කරන්න. මංතීරු වෙනස් කළාට පස්සෙත් ඔයා කළ යුතු දෙයක් තියෙනවා. ඔයා වාහනයේ signal light අක්‍රිය කරන්න ඕනේ.

වාහනයක් overtake කරද්දී නැත්නම් මංතීරු වෙනස් කරද්දී මාර්ග නීති උල්ලංඝනය කලොත් ඔයාට එරෙහිව නීතිමය වශයෙන් ක්‍රියා මාර්ග ගන්නවා. එහිදී ඔයාට දඩ මුදල් වගේම ඔයාව උසාවියටත් ඉදිරිපත් කරනවා. ඒ නිසා අපි කියපු විදිහට සැළකිලිමත් වෙලා වාහනයක් overtake කිරීම සහ මංතීරු වෙනස් කිරීම සිදු කරන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Nissan Qashqai Tekna Fully Loaded 2019 for Sale

Nissan Qashqai Tekna Fully Loaded 2019

83,000 km, Colombo
verified MEMBER
Rs 13,800,000
4 days ago
Honda Vezel 2015 for Sale

Honda Vezel 2015

86,500 km, Galle
MEMBER
Rs 10,500,000
1 week ago
Hyundai Getz 2003 for Sale

Hyundai Getz 2003

183,400 km, Kalutara
MEMBER
Rs 3,560,000
1 month ago
Honda Vezel Orange Package 2016 for Sale

Honda Vezel Orange Package 2016

95,000 km, Colombo
verified MEMBER
verified
Rs 11,250,000
6 minutes ago
Honda Vezel Z Premium High Spec 2024 for Sale

Honda Vezel Z Premium High Spec 2024

0 km, Kalutara
verified MEMBER
Rs 19,850,000
1 week ago
Auto Parts for saleikman logo
Toyota 0w20 engine oil 4l for Sale

Toyota 0w20 engine oil 4l

verified MEMBER
verified
Rs 13,900
2 days ago
Honda Gp1 Gas Shock Absorber ( Front ) for Sale

Honda Gp1 Gas Shock Absorber ( Front )

verified MEMBER
Rs 9,985
2 hours ago
+ Post an ad on ikman