Auto gear වාහනයක් පදිනවා නම් මේ වැරදි කරන්න එපා

03 Jan, 2024   
Auto gear වාහනයක් පදිනවා නම් මේ වැරදි කරන්න එපා

අපේ රටේ කාලයක් auto gear වාහන වලට වැඩි කැමැත්තක් තිබුනේ නැහැ. අලුතින්ම වාහනයක් drive කරන කෙනෙකුට පුරුදු වෙන්න auto gear වාහනය ගොඩක් පහසු වුණත් පළපුරුදු අයට drive කරන්න තියෙන කැමැත්ත auto gear වාහන නිසා නැති වෙලා ගියා. ඒ වගේම auto gear වාහන ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ කාන්තාවන් අතර මොකද manual වාහනයකට වඩා auto gear වාහනයක් drive කරන එක ගොඩක් පහසු නිසා. ඒත් අද වෙද්දී පිරිමි අයත් වැඩි වශයෙන් auto gear වාහන drive කරන්න යොමු වෙලා තියෙනවා. හැබැයි auto gear වාහනයක් තියෙන ඔයා කිසිම දවසක කරන්න හොඳ නැති දේවල් තියෙනවා. ඒ දේවල් වලින් auto gear පද්ධතිය damage වෙන්න පුළුවන්. ඒ නිසාම CarsGuide අපි හිතුවා auto gear වාහනයක් drive කරන ඔයා කරන්න හොඳ නැති වැරදි මොනවද කියලා කියන්න.

වාහනය නිතරම neutral එකට දැමීම

Auto gear වාහනයක gear පද්ධතියේ සැකැස්ම වෙනස්. ඒ නිසා නිතරම ඔයා neutral කරනවා නම් වාහනයේ කොටස් ඉක්මනටම ගෙවිලා යන්න බලනවා. ඒ වගේම auto gear වාහනයක නිතරම gear මාරු වීමක් නොවෙන නිසා ඔයාට අමතක වෙලා neutral එකේ race වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. Auto gear වාහනයක් neutral එකේ race කළොත් engine එකේ වේගය අඩු වෙන්න ගත වෙන කාලයත් වැඩියි. ඒ නිසා auto gear වාහනයක් drive කරනකොට වාහනය drive එකේම තියාගන්න පුරුදු වෙන්න. Hand brake අදින්න තරම් වෙලාවක් වාහනය නතර කරන් ඉන්න වුණොත් විතරක් neutral එකට දාන්න මතක තියාගන්න.

Transmission oil check කරන්න අමතක කිරීම

ඕනෑම auto gear වාහනයක transmission oil ප්‍රමාණය බලන්න deep stick එකක් හම්බෙනවා. Manual වාහනයක නම් gear පද්ධතියේ ගැටලු oil change කරද්දී තේරුණත් auto gear වාහනයක ගැටලුවක් ඇති වෙනකම් එය පිටතින් අඳුනගන්න අපහසුයි. ඒ නිසා වාහනයේ අනිත් oil වර්ග වගේම transmission oil check කරන්නත් පුරුදු වෙන්න. Engine එක නතර කරලා තියෙද්දී වගේම start කරලා තියෙද්දීත් oil ප්‍රමාණය check කරන්න ඕනේ කියලා මතක තියාගන්න.

මොකද transmission oil අඩු වීමෙන් සිදු වෙන හානිය නිසා වාහනය repair කරන්න ලොකු මුදලක් වියදම් වෙන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව transmission oil බලන්නත් පුරුදු වෙන්න.

Brake පාගගෙන වාහනය race කිරීම

සමහර අය වාහනයෙන් වැඩි බලයක් ලබා ගැනීම සඳහා brake එක පාගගෙන ඉන්න අතරම වාහනය race කිරීමත් සිදු කරනවා. Brake සහ accelerator pedal දෙක එකම අවස්ථාවේ පාගන එක වාහනයට හොඳ නැහැ. ඒ නිසා engine එකෙන් gear එක මත වැඩි බලයක් යෙදවීම නිසා gear පද්ධතිය ඉක්මනින්ම ගෙවිලා යන්න බලනවා. මේ හේතුව නිසා වර්තමානයේ වාහන වල brake pedal එක පෑගු විට accelerator එක auto ම අක්‍රීය වෙනවා. Accelerator එක පාගන්න කලින් brake pedal එකෙන් කකුල ඉවතට ගන්න ඕනේ. මේ නිසා gear පද්ධතියට හානියක් වෙන්නේ නැතුව වාහනය drive කරන්න පුළුවන් වෙනවා.

Neutral gear එකේදී race කරලා drive එකට දැමීම

Auto gear වාහනයක් neutral එකේදී race කරලා, drive එකට දාන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. ඒ දේ වාහනයට නරක විදිහට බලපානවා වගේම ඔයාගේ වාහනයේ වේගය අඩු කරන්නත් බලපානවා. ඒ වගේම engine පාලක පද්ධතියත් මේ දේ හඳුනාගෙන වාහනයට ලබා දෙන බලය අඩු කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා drive එකට දැම්මට පස්සේ ඔයාට අවශ්‍ය වේගයකින් විතරක් accelerator එක start කරන්න පුරුදු වෙන්න.

ඉන්ධන අඩුවෙන් ධාවනය

ඉන්ධන ටැංකියේ අන්තිම ඉන්ධන වලින් වාහනය drive කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඔයා මේ විදිහට ගොඩක් කල් වාහනය drive කරන එකෙන් වෙන්නේ වාහනයේ fuel pump එක damage වෙන එක. වාහනයක තියෙන වැදගත්ම දෙයක් තමයි fuel pump එක කියන්නේ. ඉතින් fuel pump එක නිසි ලෙස වැඩ කරන්නේ නැති වෙන එකෙන් වාහනය start කිරීම පවා අපහසු වෙනවා. ඒ නිසා හැමතිස්සෙම auto gear වාහනයක tank එකේ ඉන්ධන හතරෙන් එකක් වත් ඉතුරු වෙන්න දෙන්න මතක තියාගන්න.

සම්පූර්ණයෙන්ම වාහනය නවතින්න කලින් drive සහ reverse අතර මාරු කිරීම

මේ දේ ගොඩක් වෙලාවට වෙන්නේ ඔයා හදිස්සි වේලාවකදී කුඩා තැනකින් වාහනය හරවගන්නකොට. ගොඩක් අය manual වාහනය drive කරපු පුරුද්දට තමයි auto gear වාහනයකත් මේ දේ කරන්නේ. Auto gear පද්ධතියක වාහනයත් රෝදත් අතර සම්බන්ධය clutch එකක් වගේ ක්‍රමානුකූලව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා වාහනය නවතින්න කලින් drive හෝ reverse වලට මාරු කරන එකෙන් රෝද වල චලනය කෙලින්ම engine එකට යනවා. ඒ ගැස්සීම බලපාන්නේ transmission oil වලට සහ රෝද වලට නිසා ඒවා ඉක්මනින්ම ගෙවිලා යන්න පුළුවන් හැකියාව වැඩියි. ඉතින් ඒ නිසා හොඳම දේ brake එක යොදා ගෙන වාහනය සම්පූර්ණයෙන්ම නැවතුණාට පස්සේ gear මාරු කරන එක.

වාහනය park කිරීමේදී hand brake නොඇදීම

වාහනයක් park කරද්දී parking gear එක ක්‍රියාත්මක වීමට පෙර hand brake එක අදින්න අමතක කරන්න එපා. ඔයා වාහනය කන්දක හරි වෙනත් තැනක හරි park කරද්දී hand brake එක යෙදුවේ නැති වුණොත් වාහනයේ මුළු බරම ක්‍රියාත්මක වෙන්නේ gear පද්ධතිය මතටයි. ඒ නිසා gear පද්ධතියට damage වීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔයා ආපහු parking gear එකේ ඉඳලා drive gear එකට දානකොට වාහනයේ දැඩි ගැස්සීමක් ඇති වීම වගේම gear එක අදින එකත් අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා වාහනය park කළාට පස්සේ hand brake සම්පූර්ණයෙන්ම ඇඳලා වාහනය parking gear එකට දාන්න මතක තියාගන්න.

මේ දේවල් තමයි auto gear වාහනයක් තියෙන ඔයා කරන්න හොඳ නැති වැරදි. ඔයා මේ දේවල් ගැන සැළකිලිමත් වුණොත් ඔයාගේ auto gear වාහනය repair කරන්න අනවශ්‍ය විදිහට මුදල් වියදම් වෙන්නේ නැහැ.

Similar Advices



2 comments

  1. In my Vitz 2016 car, the safety bulb automatically switched off and after some time automatically on. What is the reason for that?

    1. dear sir, please do elaborate on the safety indication on the dash – Was is an airbag or Lane departure or auto brake indication displayed on the dash, Normally the auto brake and lane departure systems can be switched on and off by the switches on the right hand side bottom of the steering wheel by turning on you are displayed the auto brake and lane departure warning system on the dash.

      Hope it helped

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger 3L Petrol 2025 for Sale

Ford Raptor Ranger 3L Petrol 2025

10 km, Gampaha
verified MEMBER
Rs 38,950,000
1 week ago
Toyota Vitz 1.3 1 Owner 2008 for Sale

Toyota Vitz 1.3 1 Owner 2008

105,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,375,000
4 days ago
Nissan X-Trail HT32 2016 for Sale

Nissan X-Trail HT32 2016

147,500 km, Colombo
MEMBER
Rs 10,500,000
1 day ago
Toyota Aqua 2012 for Sale

Toyota Aqua 2012

163,968 km, Gampaha
MEMBER
Rs 7,500,000
2 days ago
Toyota IST 2007 for Sale

Toyota IST 2007

110,000 km, Ratnapura
MEMBER
Rs 6,800,000
1 month ago
Auto Parts for saleikman logo
Brand New Yokahama Japan Tyres 185/70/14 for Sale

Brand New Yokahama Japan Tyres 185/70/14

verified MEMBER
verified
Rs 23,000
2 weeks ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
1 hour ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
2 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
2 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
3 hours ago
+ Post an ad on ikman