වාහනයට ටයර් මිලදී ගැනීමේදී ඔබ අතින් සිදුවන වැරදි

06 Feb, 2024   
වාහනයට ටයර් මිලදී ගැනීමේදී ඔබ අතින් සිදුවන වැරදි

වාහනයක ගමන් කරන්න තියෙන්නම ඕනේ දෙයක් තමයි, ටයර් කියන්නේ. ටයර් නැතුව වාහනයකට ගමන් කරන්න බැහැ. ටයර් ගෙවිලා නම් ඒකෙන් ලොකු අනතුරු සිද්ධ වෙනවා. සමහර අය ටයර් මිලදී ගන්නකොට ඔවුන් අතින් වැරදි සිදු වෙනවා. ඉතින් වාහනයකට ටයර් මිලදී ගැනීමේදී ඔබ අතින් සිදුවන වැරදි මොනවාද කියලා, CarsGuide අපෙන් අද ඔබට දැන ගන්න පුළුවන්.

වාහනයට ටයර් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවද?

වාහනයට නිසි ටයර් එකක් තෝරා ගත්තේ නැති වුණොත්, තමන්ට, වාහනයට වගේම පාරේ යන එන අයගේ ආරක්ෂාවත් තහවුරු වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි බලමු, වාහනයට ටයර් එකක් මිල දී ගැනීමේදී සලකා බලන්න ඕන වැදගත්ම කරුණු මොනවද කියලා.

ටයරයේ නිෂ්පාදිත දිනය

ටයර් එකක් මිලදී ගන්නකොට සලකා බලන්න ඕන වැදගත්ම කාරණය තමයි ටයරයේ නිෂ්පාදිත දිනය. අපිට ඇත්තටම වැදගත් වෙන්නේ ටයරයේ නිෂ්පාදිත දිනය නෙවෙයි. ඔබට අවශ්‍ය කරන්නේ, ටයරයේ ආයු කාලය. නමුත් ටයර් වල expire date එකක් සඳහන් කරලා නැහැ. ටයරයේ නිෂ්පාදිත දිනයෙන් තමයි ටයරයේ ආයු කාලය දැන ගන්න පුළුවන් වෙන්නේ. ටයරයේ ආයු කාලය සාමාන්‍යයෙන් නිෂ්පාදිත දිනයේ සිට වසර 10ක් පමණ තමයි වෙන්නේ. මේ නිසා ටයරයක් මිලදී ගන්නකොට අවම නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 3ක් පමණ වන ටයරයක් මිලදී ගන්න.

Fuel economy එක

වාහනයේ fuel economy එක සඳහා වාහනයට යොදන ටයර් බලපානවා. මේ නිසා ඔබ වාහනයට අලුතින් ටයර් එකක් ගන්නකොට, ටයරයේ නිෂ්පාදිත වර්ෂය වගේම fuel economy එක ගැනත් සැළකිලිමත් වෙන්න. එහෙම නැතුව නිකම්ම වාහනයට ටයර් දාගන්න එපා. මොකද හරියට හොයන්නේ බලන්නේ නැතුව, මුදල් දීලා අලුතින් ටයර් අරගෙන, වාහනයේ fuel consumption එක වැඩි වුණොත් ඔබට අවාසිදායක තත්වයක් ඇති වෙනවා.

ටයර් size එක

ටයර් මිලදී ගන්නකොට වාහනයට match වෙන ටයර් එකේ size එකටම ගන්න ඕනේ. එහෙම නැතුව ටයර් ගන්න යන්න එපා. මොකද වාහනයට match වෙන්නේ නැති ටයර් දාගෙන යනකොට accident වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා වාහනයට ටයර් මිලදී ගන්නකොට, වාහනයට match වෙන ටයර් size එක ගැනත් සලකා බලන්න ඕනේ.

වාහනයට ටයර් මිලදී ගැනීමේදී ඔබ අතින් සිදුවන වැරදි මොනවාද?

ඔබ වාහනයට ගන්නේ පරණ ටයර්ද? පරණ ටයර් මිලදී ගන්න එක එච්චර හොඳ ක්‍රමයක් නෙවෙයි. මේක ඔබ ඇති සිදු වෙන එක වැරැද්දක්. ඒ නිසා මීට කලින් එහෙම කළත් ආයෙමත් වාහනයට පරණ ටයර් මිලදී ගන්න එපා. ටයර් කියන්නේ වාහනයක වැදගත්ම කොටසක්. ඉතින් ඇයි ඔබ වාහනයට දාන්න අලුත් ටයර් නොගෙන ඉන්නේ? අලුත් ටයර් වල වටිනාකම වැඩි වෙන්න පුළුවන්. හැබැයි පරණ ටයර් දාගෙන පාරේ drive කරන එකෙන් වෙන හානිය නැති කරන්න, අලුතින් ටයර් ගන්නවට වඩා වැඩි මුදලක් වියදම් කරන්න වෙනවා.

විශේෂම දේ තමයි පරණ ටයර් වල කට්ටා ගෙවිලා තියෙන්න පුළුවන්. ටයර් එකක කට්ටා කපලා තියෙන්නේ වාහනය ලිස්සන්න නොදී තියාගන්න. හැබැයි කට්ටා ගෙවිලා තියෙන ටයර් වලින් ගමන් කරන කොට වැසි දවස් වලට එහෙම ටයර් ලිස්සලා ගිහින් ඔබ හිතන්නෙවත් නැති අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව අලුත් ටයර්ම වාහනයට දාගන්න.

මේ විදිහට තමයි, ඔබ වාහනයට ටයර් මිලදී ගන්න ඕනේ. දැන් ඔබටත් පුළුවන්, අපි අද කියපු දේවල් එක්ක හොඳින් නිරීක්ෂණය කරලා වාහනයට match වෙන ටයර් තෝරාගන්න. ඉතින් මතක ඇතුව අපි අද කියපු steps අනිවාර්යයෙන්ම follow කරන්න. එහෙම වුණොත් ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය drive කරන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux Revo Rocco 2017 for Sale

Toyota Hilux Revo Rocco 2017

126,000 km, Gampaha
MEMBER
Rs 19,500,000
3 weeks ago
Toyota RAV4 1996 for Sale

Toyota RAV4 1996

210,000 km, Colombo
MEMBER
Rs 2,700,000
1 hour ago
Suzuki Swift RS Low Mileage 2017 for Sale

Suzuki Swift RS Low Mileage 2017

26,500 km, Colombo
verified MEMBER
Rs 9,475,000
1 hour ago
Mitsubishi Montero Diesel fully loaded 2012 for Sale

Mitsubishi Montero Diesel fully loaded 2012

145,000 km, Kalutara
verified MEMBER
verified
Rs 23,900,000
1 week ago
Toyota Yaris 2011 Auto for Sale

Toyota Yaris 2011 Auto

130,000 km, Kalutara
verified MEMBER
verified
Rs 7,590,000
1 week ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
1 week ago
Mercedes Benz W140 S-Class 1998 interior for Sale

Mercedes Benz W140 S-Class 1998 interior

verified MEMBER
verified
Rs 1,800,000
3 weeks ago
Aqua Nhp10 Ac Condenser for Sale

Aqua Nhp10 Ac Condenser

verified MEMBER
verified
Rs 12,500
3 hours ago
Aqua Nhp10 Radiator for Sale

Aqua Nhp10 Radiator

verified MEMBER
verified
Rs 16,000
3 hours ago
Insight Ze2 Ac Condenser for Sale

Insight Ze2 Ac Condenser

verified MEMBER
verified
Rs 10,000
3 hours ago
+ Post an ad on ikman