මෝටර් රථයක මූලික කොටස් සහ ඒවායේ කාර්යයන්

28 Jul, 2023   
මෝටර් රථයක මූලික කොටස් සහ ඒවායේ කාර්යයන්

‘වාහනයක් කොහොමද ක්‍රියා කරන්නෙ?’ මේ ප්‍රශ්නෙ කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඒකට හරිම උත්තරේ ඔබ දන්නවද? සමහර විට සම්පූර්ණයෙන් දන්නෙ නැතුව ඇති. ඒත් ළඟ තියෙන වාහනේ මූලික කොටස් මොනවද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනෙ. වාහනයක් ගන්න හිතන් ඉන්න කෙනෙක් විදියට ඒ වාහනයේ ක්‍රියාකාරීත්වය ගැන හරි හැටි අවබෝධයක් ඔබට තියෙන්න ඕනෙ. අන්න ඒ නිසයි, CarsGuide අපි හිතුවෙ ඒ ගැන ඔබව දැනුවත් කරන්න. අපි අද බලමු, මෝටර් රථයක මූලික කොටස් සහ ඒවායේ කාර්යයන් මොනවද කියලා.

වාහනයක මූලික කොටස් මොනවද?

ඇත්තටම බැලුවොත් පිටින් කොච්චර පෙනුමට තිබුණත්, වාහනයක් කියන්නෙ යකඩ ගොඩක්නෙ. හැබැයි මේ යකඩ ගොඩ ලොකු කාර්යයක් ඉටු කරනවා. අපි මුලින්ම බලමු, වාහනයක තියෙන මූලික කොටස් මොනවද කියලා.

– Radiator
– AC Compressor
– Battery
– Alternator
– Axle
– Brake
– Shock Absorbers (Shocks & Struts)
– Transmission
– Catalytic Converter
– Muffler
– Tailpipe
– Fuel Tank

මූලික කොටස් වල කාර්යයන් මොනවද?

මේ කියපු හැම කොටසක් මඟින්ම යම් කාර්යයක් ඉටු කරනවා. ඔය සේරම එකතු වෙලා තමයි, වාහනයක් හැදෙන්නෙ. ඊළඟට අපි බලන්නෙ, වාහනයක තියෙන මූලික කොටස් වල කාර්යයන් මොනවද කියලා.

Radiator

අපි එක දිගට වාහනේ drive කරනකොට, එන්ජිමත් එක දිගට ක්‍රියාත්මක වෙනවා. එතකොට වාහනයේ එන්ජිම, අධික ලෙස රත් වෙනවා. අපි ඒකට කියනවා, overheating කියලා. Radiator කියන්නෙ, heat exchanger එකක්. මේ Radiator එක භාවිතා වෙන්නෙ, overheat එක වැළැක්වීම සඳහා, cooling system එකේ coolant එකෙන් heat එක ඉවත් කිරීමට. ඕක වෙන්නෙ මෙහෙමයි. hot coolant එක Radiator එක හරහා ගමන් කරනවා. එතනදි coolant එකට ගමන් කරන වාතය සමඟ තාපය හුවමාරු කර ගන්න පුළුවන්. Radiator එකේ සාමාන්‍ය නඩත්තුව සඳහා අවුරුද්දකට දෙපාරක් coolant level එක check කරන්න.

AC Compressor

AC Compressor

වාහනයක අපිට අවශ්‍යම කරන දේනෙ AC කියන්නෙ. නිකමට හරි දැනගෙන හිටියද, මේ AC system එක ක්‍රියා කරන්න, AC Compressor එක ඕනෙමයි කියලා. AC Compressor එක නැතුව AC system එක ක්‍රියා කරන්නෙ නැහැ. වාහනයේ system එක පුරා coolant එක pump කිරීම සහ වාහනය cool කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම තමයි, AC Compressor එක මඟින් කරන්නෙ.

Battery

වාහනයේ බැටරියට පුළුවන්, රසායනික ලෙස ශක්තිය ගබඩා කර ගන්න. ඒ ගබඩා කර ගන්න රසායනික ශක්තිය, electricity විදියට මුදා හරින්න පුළුවන්. ඒ electricity එක මඟින් තමයි, වාහනයේ electrical components ක්‍රියාත්මක වෙන්නෙ.

Alternator

Car Alternator

Alternator කියන්නෙ, alternating current ආකාරයෙන් mechanical energy එක, electrical energy එක බවට convert කරන electricity-generating device එකක්. මේ Alternator එක බැටරිය සමඟ වාහනයේ electrical system එකට power එක සපයනවා. වැදගත්ම දේ තමයි, Alternator එක බැටරිය recharge කරන්නත් උදව් වෙනවා. ඒ, වාහනයේ කොටස් වල චලනය මඟින් generat කරන mechanical energy එක භාවිතයෙන්. හිතන්නකො වාහනයේ බැටරිය ක්‍රියා නොකරන බවක් හරි swollen වුණු බවක් හරි ඔබට පේනවා කියලා. එහෙනම් ඔබ බැටරිය overcharge කරලා තියෙනවා. ඒ වගේම එතනදි Alternator එකේ දෝෂ සහිත voltage එකක් තියෙන්නත් පුළුවන්.

Axle

Car axle

Axle කියන්නෙ, වාහනයේ suspension system එකේ කොටසක්. Axle එක, transmission සහ differential හරහා එන්ජිමෙන් රෝද වලට බලය යවනවා. ඒ විදියට තමයි, රෝද වලට බලය හම්බ වෙන්නෙ. ඒ නිසා වාහනයක රෝද වලට නම්, Axle එක ගොඩාක් වැදගත්.

Brakes

Brake system

වාහනයක brake system එක භාවිතා කරන්නෙ, වාහනය නැවැත්වීමට, slow කිරීමට, නැවැත්වූ විට හෝ park කර ඇති විට, එය චලනය වීම වළක්වන්න. මේ brake system එකේ common system දෙකක් තියෙනවා.
1) Disc brake system
2) Drum brake system
මේ අතරින් disc brake system එකට කොටස් කිහිපයක් ඇතුළත් වෙනවා.

Caliper

calipers

Disc brake වල non-rotational components, disc එක දිගේ ගමන් කරන සහ වාහනය slow කිරීමට හෝ නැවැත්වීමට rotor එකට එරෙහිව brake pad වලට forcing කරන hydraulic components අඩංගු වෙනවා. වාහනයක ඉදිරිපසින් හෝ පසුපසින් Caliper එක හොයා ගන්න පුළුවන්.

Brake Pad

brake pads

වාහනයක් slow කිරීමට හෝ නැවැත්වීමට Caliper එක මඟින් disc එකට press කරපු ඝර්ෂණය සහිත දෙයක් තමයි, brake pad කියන්නෙ. ඒක බොහෝ වෙලාවට brake lining සඳහා භාවිතා කරනවා.

Brake Rotor

brake rotor

මේක hub එක සහ wheel එක සමඟ කැරකෙන disc shape එකක් තියෙන component එකක්.

Shock Absorbers (Shocks & Struts)

shock absorbers

Shock Absorber කියන්නෙ, suspension system එකේ හැම wheel එකකම භාවිතා කරන hydraulic device එකක්. වාහනයක් ආරක්ෂා කරන වගකීම තියෙන්නෙ, මේ Shock Absorber එකට. වාහනය drive කරනකොට, පුංචි පුංචි බාධාවල් වාහනයටත් හම්බ වෙනවා. සමහර වෙලාවට වාහනයට ගැටිති මතින් යන්න වෙනවා. එතකොට ඉහළ

පහළ යාම්, සිදු විය හැකි පෙරළීම් control කරන්න Shock Absorber උදව් කරන අතර ඒ මඟින් වාහනයට ආරක්ෂාව ලබා දෙනවා. ඒ වගේම passengers ලාට හොඳ සුව පහසුවකුත් ලබා දෙනවා.
සාමාන්‍ය Shock Absorber එකකට කාර්යයන් තුනක් තියෙනවා.

1) වාහනයක ride stabilization එක control කිරීමට, spring oscillation එකේ බලපෑම අඩු කිරීම.
2) වාහනයේ body sway එක control කිරීම.
3) Tire tread එක මාර්ග මතුපිටින් එසවීමට ඇති නැඹුරුව අඩු කිරීම. මේක static unbalance එක නිසා ගොඩාක් වෙලාවට ඇති වන ගැටලුවක්.

Transmission

transmission

Transmission එක කියන්නෙ, වාහනයක එන්ජිමේ output එක සහ differential input එක අතර variable ratios එහෙමත් නැත්නම්, වෙනස් වන අනුපාතයන් සපයන gearing device එකක්. මෝටර් රථ වල Transmission එක bicycle වල Transmission එකට වඩා සංකීර්ණයි. නමුත් ඒවා එකම මූලික කාර්යයක් තමයි ඉටු කරන්නෙ. ඒ තමයි, එන්ජිම දැඩි ලෙස ක්‍රියා නොකර driving conditions optimize කිරීම සඳහා කුඩා හෝ විශාල ගියර් තෝරා ගන්න ඉඩ ලබා දීම.

Transmission වර්ග දෙකක් තියෙනවා.
1) Automatic Transmission
2) Manual Transmission

Catalytic Converter

catalytic converter

මේ Catalytic Converter එක කියන්නෙ, වාහනයේ exhaust-system එකේ component එකක්. මල නොබැඳෙන වානේ වලින් තමයි හදලා තියෙන්නෙ. Exhaust fumes පිට වීමේදී, නයිට්‍රජන් (NOX), හයිඩ්‍රොකාබන් (HC), කාබන් මොනොක්සයිඩ් (CO) සහ ඔක්සයිඩ අඩු කිරීමට catalyst එකක් මේකෙ අඩංගු වෙනවා. Pollutants ඉවත් කිරීමට වගේම exhaust gass මඟින් පරිසරයට ඇති කරන හානිය අඩු කරන්නත් Catalytic Converter එක භාවිතා කරනවා.

Muffler

car muffler

Exhaust Pipe එක අවසන් වෙන්න මොහොතකට පෙර muffler එක තියෙන අතර, exhaust system එක මඟින් නිකුත් කරන ශබ්දය අඩු කරන්න තමයි මේක තියෙන්නෙ. සමහර mufflers අඩු වැඩි වශයෙන් gas flow එක සීමා කරනවා.

Tailpipe

tailpipe of car

Tailpipe එකෙන් තමයි, Muffler හෝ Catalytic Converter එකේ ඉඳලා exhaust fumes පිටතට මුදා හරින්නෙ. ඒ exhaust fumes මුදා හරින pipe එකක් තමයි Tailpipe කියන්නෙ. වාහන වල පිටුපස තමයි මේ pipe එක තියෙන්නෙ. ඔබ ඕන තරම් දැකලා ඇති, වාහන වලින් exhaust fumes පිට වෙනවා.

Fuel Tank

fuel tank

අපිට වාහනයක් drive කරන්න නම්, වාහනේට බලය තියෙන්න ඕනනෙ. එහෙම නැතුව අපිට වාහනයක් drive කරන්න බෑ. අන්න එතනදි වාහනයට ගොඩාක් වැදගත් වෙන කොටසක් තමයි, Fuel Tank කියන්නෙ. මොකද මේ tank එක තමයි, වාහනයට බලය සපයන්නෙ. Fuel Tank එක කියන්නෙ, පෙට්‍රල් ගබඩා ටැංකියක්.

ඉතින් මේ තමයි වාහනයක තියෙන මූලික කොටස් සහ ඒ කොටස් වල කාර්යයන්. වාහනයක් තියෙනවා කියන්නෙ, ලොකු වගකීමක්. මොකද කොටසින් කොටස එකතු වෙලා, ඒ කොටස් මඟින් ඉටු කරන කාර්යයන් එකතු වෙලා තමයි ඕනම වාහනයක් ඔබේ අතට එන්නෙ. ඒ නිසා ඔබත් මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක යම් තරමකට හරි වැදගත් වෙයි කියලා අපි හිතනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi Q4 40 Etron Sportsback 2023 for Sale

Audi Q4 40 Etron Sportsback 2023

27,000 km, Colombo
MEMBER
Rs 37,000,000
1 month ago
Toyota Hilux Revo 2025 for Sale

Toyota Hilux Revo 2025

0 km, Kandy
verified MEMBER
verified
Rs 25,950,000
1 minute ago
Toyota Land Cruiser Prado TX 150 2010 for Sale

Toyota Land Cruiser Prado TX 150 2010

119,000 km, Kurunegala
verified MEMBER
verified
Rs 27,500,000
2 minutes ago
Honda City RS 2025 for Sale

Honda City RS 2025

0 km, Kandy
verified MEMBER
verified
Rs 14,750,000
3 minutes ago
Nissan Note Embassy 2020 for Sale

Nissan Note Embassy 2020

44,000 km, Colombo
verified MEMBER
verified
Rs 9,000,000
3 minutes ago
Auto Parts for saleikman logo
Audi Q2 Parts for Sale

Audi Q2 Parts

verified MEMBER
verified
Rs 25,000
1 month ago
Honda Civic ( Turbo) Coolant Tank for Sale

Honda Civic ( Turbo) Coolant Tank

verified MEMBER
Rs 20,000
1 minute ago
Bajaj Atto 3pot Cablattar for Sale

Bajaj Atto 3pot Cablattar

MEMBER
Rs 3,000
4 minutes ago
500GB HARD DRIVE for Sale

500GB HARD DRIVE

verified MEMBER
verified
Rs 1,500
7 minutes ago
Shock Absorber Suzuki Alto 800 for Sale

Shock Absorber Suzuki Alto 800

verified MEMBER
Rs 9,500
13 minutes ago
+ Post an ad on ikman