අවුරුද්දට දුර ගමන් යන්න වාහනය සූදානම් කර ගමු

24 Apr, 2024   
අවුරුද්දට දුර ගමන් යන්න වාහනය සූදානම් කර ගමු

ඔන්න ඉතින් අවුරුදු මාසෙත් ආවා. අවුරුදු ඉවර වුණාට තාම ඉතින් අපි trip ගිහින් නම් ඉවර නැහැ. මොකද අපි හැමෝම බලන්නේ නිවාඩුවක් ලැබුණ ගමන් කොහේ හරි දුරකට trip එකක් ගිහින් හිත නිදහස් කරගන්නනෙ. හැබැයි trip එක යන අතර මගදී වාහනය කැඩුණොත් එහෙම ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවනේ. ඉතින් එහෙම නොවෙන්න නම් වාහනය ගෙදරින් එළියට දාන්න කලින් ඔයාල කරන්නම ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඔන්න ඉතින් ඒ හිත නිදහස් කරගන්න යන ගමන් හිතේ නිදහසෙන් යන්නේ කොහොමද කියලා තමයි CarsGuide අපි අද ඔයාලට කියන්න හදන්නේ.

වාහනය පිරිසිදු කරන්න

මොන දේටත් කලින් අපි බලන්න ඕනේ පිරිසිදුකම. මොකද අපිරිසිදු වාහනයක trip එකක් යන්න බැහැනේ. ඉතින් ඒ නිසා ඔයා මුලින්ම කරන්න ඕනේ වාහනයේ පිටත වගේම ඇතුළත් හොඳට පිරිසිදු කරන එක. ඊට පස්සේ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි trip එක යන අතර මගදී එකතු වෙන කුණු ඉවත් කරන්න පොඩි පෙට්ටියක් හරි, dustbin bags කිහිපයක් වාහනයට දාගන්න එක. මොකද පාරේ අයිනේ කුණු විසිකරන එක නම් හොඳ වැඩක් නෙවෙයි.

හරිම විදිහට pack කරන්න

දුර trip එකක් යනවා කියන්නේ අද ගිහින් හෙට එන්න බලාගෙන යන ගමනක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා අපිට බඩු වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ බඩු වලින් කොටසක් අපිට වාහනයේ ඇතුළේ වගේම boot space එකෙත් ගබඩා කරන්න පුළුවන්. හැබැයි ඒත් ඉඩ මදි නම් ඉතුරු බඩු ටික hood rack එකේ අසුරන්න වෙනවා.
හැබැයි වාහනේ hood rack එකේ ගමන් මලු දාගෙන යනවනන් ප්ලාස්ටික් රෙද්දකින් මලු ටික වහන්න. ඒවගේම hood rack එකක් නැත්නම් වාහනේ හුඩ් එක උඩින් ටෙන්ට් රෙද්දක් හරි ප්ලස්ටික් රෙද්දක් තියල මලු ටිකත් ඒකෙන්ම වහන්න. මොකද එහෙම කළේ නැත්නම් hood එකේ පේන්ට් එක නැත්නම් ඩැමේජ් වෙන්න පුලුවන්.

Engine එක check කරන්න

ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ දෙයක් තමයි engine එක කියන්නේ. මොකද වාහනයේ හදවත තමයි engine එක. ඉතින් ඔයාලගේ trip එක සතුටින් ගිහින් එන්න නම් engine එක හොඳට තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා යන්න කලින් engine එකේ ලෙඩ තියෙනවාද කියලා full checkup එකක් දෙන්න අමතක කරන්න එපා.

ටයර් ගැන බලන්න

ඊට අමතරව ටයර් වල Air Pressure එක ,ටයර් වල තත්වය, අනුමත ප්‍රමාණයට තියනවද කියල check කරන්න. මොකද ඔයාගේ මුළු ජීවිතයම රැඳිලා තියෙන්නේ මේ ටයර් දෙක උඩ. ඉතින් ඒ නිසා ටයර් ගැනත් හොඳ සැලකිල්ලක් දක්වන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම හොඳ තත්වයේ තියෙන අමතර ටයර් එකක් ගන්නත් අමතක කරන්න එපා.

Battery එක check කරන්න

Trip එකක් යන්න පටන් ගත්තම අපිට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා හරියටම කියන්න බැහැ. ඉතින් ඒ නිසා අපි අවධානය යොමු කරන්න ඕනේ විශේෂ දෙයක් තමයි මේ ඕනෙම තත්වයකට මුහුණ දෙන්න අපේ වාහනයේ battery එක සූදානම්ද කියන දේ. ඉතින් ඒ නිසා බැටරියේ වතුර චෙක් කරන්න. සාමාන්‍යයෙන් බැටරිය කියන්නේ නිතර නඩත්තුවක් සිද්ධ වෙන්නේ නැති දෙයක් ඒකයි අපිට බැටරිය චෙක් කරන්න අමතක වෙන්නේ. කෝකටත් කියලා හදිසි අවස්ථාවක වාහනය ස්ටාර්ට් කරගන්න පුලුවන් විදියට Jumper cable එකකුත් අරගෙන යන්න.

Electronic Items check කරන්න

සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ඇති වෙනකන්ම අපිට වයිපර්, ලයිට්, හෝන් එක වගේ දේවල් මතක් වෙන්නේ නැහැ. හැබැයි අපි හිතන්නෙවත් නැති විදියේ ලොකු ප්‍රශ්න ඇති කරන්න මේ පොඩි පොඩි දේවල් වලට පුලුවන්. ඒක නිසා වයිපර්, ලයිට්, හෝන් එක වගේ පොඩි පොඩි දේවල් check කරන්නත් අමතක කරන්න එපා.

Emergency kit එක

වාහනයකට අත්‍යාවශ්‍යම දෙයක් තමයි Emergency kit එකක් කියන්නේ. මේ kit එක වාහනයට අත්‍යවශ්‍යම වුණත් ගොඩක් අය දන්නේ නැහැ මේකේ ඇතුළේ තියෙන්නම ඕනේ දේවල් මොනවද කියලා.

යුනිවර්සල් ඉස්කුරුප්පු නියනක්, ෆ්ලෑෂ් ලයිට් එකක්/ ටෝර්ච් එකක් සහ අමතර බැටරි අනිවාර්යයෙන්ම මේ Emergency kit එකේ තියෙන්න ඕනේ . ඊට අමතරව ටයර් එකක් මාරු කරගන්න උවමනා ආම්පන්න තියෙන එකත් අනිවාර්යයි. ඒ වගේම ටෝවින් කේබල්ස් හදිසි අවස්ථාවකට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

Test Ride එකක්

ඔයා trip එක යන්න plan කරලා තියෙන්නේ නිතරම ගමන් බිමන් යන වාහනේ නම් මේ test ride එක එච්චර වැදගත් නැහැ. හැබැයි ඔයා නිතරම භාවිතා කරන්නේ නැති වාහනයක trip එකක් යන්න හිතාගෙන ඉන්නවා නම් අනිවර්යයෙන්ම දවසකටවත් කලින් සැලකිය යුතු දුරක test ride එකක් යන්න අමතක කරන්න එපා. මොකද එමඟින් ඔයාට පුළුවන් වාහනයේ මොනවා හරි ගැටළු තියෙනවා නම් ඒ දේවල් ලේසියෙන්ම නිරාකරණය කරගන්න.

ඉතින් මේ දේවල් තමයි මේ අවුරුදු කාලයේ පවුලේ හිත මිතුරන්, යහළුවන් එක්ක සතුටු වෙන්න trip එකක් යන්න කලින් ඔයා වාහනයේ බලන්නම ඕනේ දේවල්. Trip එක හදිසියේ set වුණත් වාහනය ගෙදරින් එළියට ගන්න කලින් CarsGuide අපි කිව්ව දේවල් check කරලා බලන්න නම් අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 520d 2012 for Sale

BMW 520d 2012

151,000 km, Colombo
MEMBER
Rs 18,600,000
1 week ago
Kia Sportage Diesel 2012 for Sale

Kia Sportage Diesel 2012

175,000 km, Colombo
MEMBER
Rs 9,850,000
1 month ago
BMW 520d 2015 for Sale

BMW 520d 2015

29,165 km, Kalutara
MEMBER
Rs 30,000,000
1 week ago
Honda Fit GP5 L Grade 2013 for Sale

Honda Fit GP5 L Grade 2013

150,000 km, Galle
MEMBER
Rs 8,350,000
39 minutes ago
Perodua Viva Elite 2013 for Sale

Perodua Viva Elite 2013

136,000 km, Gampaha
MEMBER
Rs 4,300,000
39 minutes ago
Auto Parts for saleikman logo
Audi Q7 Parts for Sale

Audi Q7 Parts

verified MEMBER
verified
Rs 98,000
6 days ago
Toyota aqua 2014 Tail Lights for Sale

Toyota aqua 2014 Tail Lights

MEMBER
Rs 22,500
1 hour ago
Toyota Prius Tail Light Japan for Sale

Toyota Prius Tail Light Japan

MEMBER
Rs 27,500
1 hour ago
Toyota Prius 2014 Head Light for Sale

Toyota Prius 2014 Head Light

MEMBER
Rs 45,000
1 hour ago
Three Wheel Windscreen for Sale

Three Wheel Windscreen

MEMBER
Rs 10,000
2 hours ago
+ Post an ad on ikman