වාහනයක් ගැනීමේදී පවතින නීතිමය තත්වය

22 Feb, 2024   
වාහනයක් ගැනීමේදී පවතින නීතිමය තත්වය

අපි වාහනයක් ගන්නකොට වැඩිපුරම අවධානය යොමු කරන්නේ වාහනයේ මිල ගැන. මේ කාලේ වාහනයක් ගන්නවා කියන එක ගොඩක් අමාරු වැඩක්. ඒත් වාහනය අඩු ගාණකට අරන් පස්සේ වාහනයේ නීතිමය තත්වයේ බලපෑම නිසා ඔයාට ගොඩක් මුදල් වියදම් වෙනවා වගේම මහන්සිත් වෙන්න වෙනවා. ඒ නිසා ඔයා වාහනයක් ගන්නකොට වාහනය ගැනීමේදී පවතින නීතිමය තත්වය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අද CarsGuide තුළින් අපි කියන්නේ වාහනයක් ගැනීමේදී පවතින නීතිමය තත්වය ගැනයි.

වාහනයක් මිලදී ගැනීමේදී සළකා බැලිය යුතු කරුණු

වාහනයක් මිලදී ගන්නකොට ඒ වාහනය ගමන් කරල තියෙන සැතපුම් ප්‍රමාණය පරික්ෂා කිරීම අත්‍යවශ්‍ය දෙයක්. මොකද එමඟින් වාහනය කොතරම් දුරට ගෙවිලද කියල අදහසක් ඔයාට ලබා ගන්න පුළුවන්. වැඩි සැතපුම් සහිත වාහනයක අඩු සැතපුම් සහිත මෝටර් රථයකට වඩා වාහනයේ එහි engine එක සහ තවත් ප්‍රධාන උපාංග වැඩිපුර ගෙවිලා තියෙනවා. මීට අමතරව වාහනයක් ගන්නකොට ඒ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව, වාහනයේ ගමන් කරන අයගේ safety එක සහ price එක ගැන හිතන්න ඕනේ.

වාහනයේ සියලුම කොටස් ගැන සැළකිලිමත්ද?

වාහනයක් මිල දී ගැනීමේදී පවතින ලොකුම ගැටලුව තමයි වාහනයේ condition එක කියන්නේ. ඔයා වාහනයක් මිලදී ගන්නකොට වාහනයේ ඇතුළත තත්වය නොදැන සිටීම ලොකු ප්‍රශ්නයක්. වාහනයේ පිටත පෙනුම ලස්සන හා ආකර්ෂණීය පෙනුමක් තිබුණත් engine එකේ සහ වාහනයේ අනෙකුත් ප්‍රධාන කොටස්වල තත්ත්වය හොදින් තියෙනවද කියලා ඔයා දන්නේ නැහැ. මේ වගේ වාහනයක් මිලදී ගත්තොත් ඔයාට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා.

වාහනයක් ගැනීමේදී පවතින නීතිමය තත්වය

වාහනයක වැදගත් කරුණු සියල්ල ඇතුළත් වෙලා තියෙන්නේ වාහනයේ ලියාපදිංචි සහතිකයේ. ලියාපදිංචි සහතිකයේ තියෙන වැදගත්ම කාරණා දෙක තමයි වාහනයේ චැසි අංකය සහ engine අංකය කියන්නේ. අපි වාහනයක් ගද්දි මුලින්ම කරන්න ඕනේ ලියාපදිංචි සහතිකයේ තියෙන චැසි අංකය සහ engine අංකය වාහනයේ තියෙන චැසි අංකය සහ engine අංකය ගැළපෙනවද කියල බලන එක. මොකද ඔයාට සමහර වෙලාවට ලියාපදිංචි සහතිකයට අදාළ නොවන වෙනත් වාහනයක් ලබා දෙන්න පුළුවන්. චැසි අංකය කියන්නේ වාහනයක් නිෂ්පාදනය කිරීමේදී එයට පවරා ඇති වාහනය හඳුනාගැනීමේ අංකයයි. චැසි අංකය මෝටර් රථ රාමුවේ දක්වලා තියෙනවා.

වාහනයක් පැවරීම

mta 6 සහ mta 8 කියන ආකෘති පත්‍ර 2 මගින් තමයි වාහනයක් පැවරීම සිදු කරන්නේ. මේ පත්‍රයේ ගැණුම්කරුගේ විස්තර,ගැනුම්කරුගේ අත්සන, වාහනයේ අයිතිකරුගේ විස්තර සහ ඔහුගේ අත්සන වගේ තවත් කාරණා කීපයක් පුරවන්න තියෙනවා. වාහනයක් විකුණූ පසු දින 14ක් ඇතුළත වාහනය විකුණූ පුද්ගලයා වාහනය විකුණු බව දන්වා ආකෘති පත්‍රයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට යොමු කරන්න ඕනේ. ඒ වගේම වාහනය මිලදී ගත් පුද්ගලයා වාහනය මිලදී ගත් දිනේ සිට දින 14ක් ඇතුළත් ඔහුගේ නමට වාහනය ලියාපදිංචි කරන්න ඕනේ.

රක්ෂණ හිමිකම් ලැබෙන හැටි

තමන්ගේ නමට වාහනය ලියාපදිංචි කරලා නැත්නම් වාහනය මිල දී ගත් පුද්ගලයා වාහනයේදී අනතුරකට පත් වුණොත් ඔහුට රක්ෂණ හිමිකම් ලබා ගන්නට හැකි වෙන්නේ නැහැ. එතකොට ඔහුට සිදු වෙනවා වාහනයේ පෙර අයිතිකරුව සොයා ගන්න. පසුව මිලදී ගත් පුද්ගලයා තමන්ගේ නමට වාහනය පවරා ගන්න කොට පෙර අයිතිකරු නැති වුණොත් ඔහුට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා වාහනය මිලදී ගෙන දින 14ක් ඇතුලත් වාහනය තමන්ගේ නමට ලියාපදිංචි කරගැනීම අනිවාර්ය කාරණාවක්.

ඉතින් මේ තමයි වාහනයක් ගැනීමේදී පවතින නීතිමය තත්වය. වාහනයක් මිල දී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයා වාහනයක් ගන්න කලින් අපි කියපු දේවල් ගැන හොදින් සැළකිලිමත් වෙන්න ඕනේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Jaguar E-Pace 2018 for Sale

Jaguar E-Pace 2018

9,500 km, Colombo
MEMBER
Rs 27,500,000
1 month ago
Toyota Vitz 1.3 1 Owner 2008 for Sale

Toyota Vitz 1.3 1 Owner 2008

105,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,375,000
4 days ago
Nissan X-Trail HT32 2016 for Sale

Nissan X-Trail HT32 2016

147,500 km, Colombo
MEMBER
Rs 10,500,000
1 day ago
Toyota Aqua 2012 for Sale

Toyota Aqua 2012

163,968 km, Gampaha
MEMBER
Rs 7,500,000
2 days ago
Toyota IST 2007 for Sale

Toyota IST 2007

110,000 km, Ratnapura
MEMBER
Rs 6,800,000
1 month ago
Auto Parts for saleikman logo
Brand New Yokahama Japan Tyres 185/70/14 for Sale

Brand New Yokahama Japan Tyres 185/70/14

verified MEMBER
verified
Rs 23,000
2 weeks ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
1 hour ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
2 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
2 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
2 hours ago
+ Post an ad on ikman