ඔබේ ජීවිතය සුරකින ආරක්ෂිතව රිය පැදවීමේ රහස්

05 Sep, 2023   
ඔබේ ජීවිතය සුරකින ආරක්ෂිතව රිය පැදවීමේ රහස්

වාහන රියදුරු බලපත්‍රයක් හැමෝටම ගන්න බැහැ. මොකද රියදුරු බලපත්‍රයක් ගන්න නම් writing test එකක් වගේම practical test එකකුත් ඔයා pass වෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් කරන්නේ පාරේ ගමන් කරන මගීන්ගේ වගේම වාහනයක් drive කරන රියදුරාගේත් ආරක්ෂාව තහවුරු කරන්න. හැබැයි තවත් මහා මාර්ගයේ විශාල රිය අනතුරු ප්‍රමාණයක් සිදු වෙනවා. ඒ නිසාම අද CarsGuide අපි හිතුවා ඔබේ ජීවිතය සුරකින ආරක්ෂිතව රිය පැදවීමේ රහස් කිහිපයක් කියලා දෙන්න.

අවධානය යොමු කරන්න

ආරක්ෂිතව රිය පැදවීමේදී ඔබ සැළකිලිමත් වෙන්න ඕනේ වැදගත්ම කරුණක් තමයි අවධානය කියන්නේ. ඒ නිසා drive කරන හැම වෙලාවකම ඔබේ අවධානය drive කිරීම කෙරෙහිම යොමු කරන්න ඕනේ.

වේග සීමාවන්ට අවනත වෙන්න

බොහෝ රථ වාහන අනතුරු වලට ප්‍රධාන හේතුවක් තමයි අධික වේගය කියන්නේ. අධික වේගයකින් drive කරන විට වාහනය control කරගන්න අපහසු වෙනවා වගේම stopping distance එකත් ගොඩක් අඩු වෙනවා. වාහනයේ වේගය වැඩි කරනවාත් එක්කම ඔබේ reaction time එක සහ brake කිරීමට ගත වන කාලයත් වැඩි වීම සිදු වෙනවා.
ඉතින් ඒ නිසා සෑම විටම නියමිත වේගයෙන් වාහනය drive කරන්න පුරුදු වෙන්න.

බීමත්ව, වෙහෙසට පත්ව සිටින විට රිය පදවන්න එපා

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය පැදවීම කොහොමත් දඩුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම බීමත්ව රිය පැදවීම ඔබේ ජීවිතය පවා නැති කරලා දාන්න පුලුවන්. මොකද එවිට ඔබේ reaction time එක අඩු වීම සිදු වෙනවා. ඒ නිසා කිසිම අවස්ථාවක බීමත්ව රිය පදවන්න නම් එපා. ඒ වගේම තමයි වෙහෙසට පත්ව රිය පැදවීම. එයිනුත් ඔබේ reaction time එක අඩු වෙනවා.

Seat belt පළඳින්න

වාර්තා වලට අනුව ඇමරිකාව තුළ seat belt පැළඳීම නිසා සෑම වසරකම ජීවිත 15,000ක් පමණ බේරා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ගොඩක් අය හිතන්නේ seat belt වලින් කෙරෙන්නේ ඔබව seat එකට රඳවා තබා ගැනීම විතරක් කියලයි. නමුත් එයට පුලුවන් ඔබේ ජීවිතය පවා රැකලා දෙන්න.

හොඳින් බලන්න

පාර දිහා බලාගෙන drive කරනවා කියන එක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. මොකද drive කරන ගමන් ඉස්සරහ විතරක් බැලුවොත්, දෙපසින් සහ පිටුපසින් සිදු වෙන්නට තියෙන අනතුරු මඟ හැරෙන්නට පුලුවන්. ඒ නිසා drive කරනකොට ඉස්සරහ, දෙපස සහ පිටුපසත් නිතරම නිරීක්ෂණය කරන්න පුරුදු වෙන්න.

කලින් පිටත් වෙන්න

අපේ තියෙන කලබලයත් අනතුරු සිදු වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා ඔබට හරිම වෙලාවට ගමනක් යන්න තියෙනවා නම් විනාඩි කිහිපයකට කලින් යන්න පුරුදු වෙන්න. එතකොට ඔබට නියමිත වේගයකින් ආරක්ෂාකාරීව ගමනාන්තයට ළඟා වෙන්න පුලුවන්.

Engine එක check කරන්න

ඔබ නිවසෙන් පිටත් වීමට පෙර අනිවාර්යයෙන්ම වාහනයේ engine එක පරීක්ෂා කරන්න අමතක කරන්න එපා. මොකද ඔබ වාහනය බොහෝ වෙලාවක් නවතා තබන විට යම් ගැටලු ඇති වෙන්න පුලුවන්. ඉතින් නිවසෙන් පිටත් වීමට පෙර වාහනයේ engine එක පරීක්ෂා කිරීම අවදානමකින් තොරව, ආරක්ෂාකාරීව රිය පැදවීමට හේතු වෙනවා.

පැහැදිලි නැත්නම් headlights on කරන්න

වාහනයක් drive කරනකොට ඉදිරිය හොඳින් පැහැදිලිව පෙනෙන එක ගොඩක් වැදගත්. මොකද එහෙම නැති වුණොත් අනතුරු වෙන්න තියෙන අවස්ථාව වැඩියි. ඉතින් ඒ නිසා ඉදිරියෙන් එන රියදුරන්ට ඔබව පෙනෙන්න වගේම, ඔබට ඉදිරියෙන් එන රියදුරන්ව සහ මාර්ගය පැහැදිළිව පෙනෙන ලෙස headlights on කරන්න අමතක කරන්න එපා.

දුරකථනය භාවිතා කරන්න එපා

මොන විදිහකින් හරි අවධානය වෙනතක යොමු කරමින් වාහනයක් drive කරන එක අනතුරුදායක ක්‍රියාවක්. කෙනෙක්ගේ අවධානය නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ජංගම දුරකථනය. අද කාලේ බොහෝ දෙනෙක් drive කරන ගමන් hands-free mode එකේ phone එක use කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේ මොන ක්‍රමයකට වුණත් ජංගම දුරකථන භාවිතය නිසා ඔබේ ජීවිතයට වගේම පාරේ ගමන් කරන අනෙක් අයගේ ජීවිතයටත් හානියක් සිදු වෙන්න පුලුවන්.

කාලගුණය ගැන සැළකිලිමත් වෙන්න

ආරක්ෂාකාරීව රිය පදවන්න ඕනේ නම් ඔබ අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි කාළගුණය කියන්නේ. අධික වර්ෂාව, මීදුම වගේ අයහපත් කාළගුණය හමුවේ රිය ධාවනය නිසාත් අනතුරු ඇති වෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා CarsGuide අපි කියන්නේ ඔබ වාහනය drive කරනකොට අධික වර්ෂාවක් හෝ මීදුමක් ඇති විට ඔබේ ගමන ප්‍රමාද කරන්න කියලා.

ඉතින් මේ දේවල් තමයි ඔබේ ජීවිතයත් ආරක්ෂා කරගෙන, පාරේ ගමන් කරන අනෙක් පුද්ගලයන්ගේ ජීවිතත් ආරක්ෂා කරගන්න වැදගත් වෙන්නේ. එහෙනම් අදින් පස්සෙවත් ඔබ වාහනයක් drive කරනකොට CarsGuide අපි අද කිව්ව දේවල් ගැන හිතන්නත් අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Peugeot 5008 GT Line 2019 for Sale

Peugeot 5008 GT Line 2019

110,000 km, Colombo
MEMBER
Rs 19,000,000
3 weeks ago
Honda Fit Gp5 2013 for Sale

Honda Fit Gp5 2013

101,000 km, Ratnapura
MEMBER
Rs 8,000,000
7 seconds ago
Honda Vezel Rs 2017 for Sale

Honda Vezel Rs 2017

79,901 km, Colombo
MEMBER
Rs 13,000,000
14 seconds ago
Micro Emgrand EC7 2014 for Sale

Micro Emgrand EC7 2014

120,000 km, Colombo
MEMBER
Rs 4,900,000
4 days ago
Audi A6 2003 for Sale

Audi A6 2003

176,000 km, Galle
MEMBER
Rs 5,200,000
4 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Vezel rear bumpers available for Sale

Vezel rear bumpers available

verified MEMBER
Rs 23,500
1 minute ago
H.H.Co Open Face Helmet for Sale

H.H.Co Open Face Helmet

MEMBER
Rs 3,000
11 minutes ago
Air Filter DA17 for Sale

Air Filter DA17

verified MEMBER
Rs 1,950
31 minutes ago
Toyota Flexible Silencer for Sale

Toyota Flexible Silencer

verified MEMBER
Rs 3,000
39 minutes ago
+ Post an ad on ikman