Driving test එකේදි auto gear වාහනයක් drive කරන්නේ කොහොමද?

22 Feb, 2024   
Driving test එකේදි auto gear වාහනයක් drive කරන්නේ කොහොමද?

ඔයත් driving license එකක් ගන්නද ඉන්නේ? License එක ගන්න එක හිතුමතේට කරන්න බැහැ. License එක ගන්න ඔයා test දෙකකට මුහුණ දීලා pass වෙන්න ඕනේ. License එකක් ගන්නකොට driving test එකේදී සමහරු ගොඩක්ම වරද්ද ගන්න තැන තමයි auto gear වාහනයක් drive කරන එක. ඉතින් අද CarsGuide තුළින් අපි කියන්නේ driving test එකේදි auto gear වාහනයක් drive කරන්නේ කොහොමද කියලා.

Driving test එක කියන්නේ මොකද්ද?

ඔයා license එකක් ලබා ගද්දි driving test එකට මුහුණ දීලා ඒකෙන් අනිවාර්යයෙන්ම pass වෙන්න ඕනේ. නැත්නම් ඔයාට license එක ලබා ගන්න හැකියාවක් නැහැ. මේ test එකේදී සිදු කරන්නේ ඔයාට වාහනයක් practical විදිහට drive කරන්න පුලුවන්ද කියලා බලන එකයි. ඔයා වාහනය හරියට drive කරනවා ද කියලා බලන්න පරීක්ෂකයෙකු ඔයත් සමඟ පැමිණෙනවා. මෙහිදී,
– වාහනයක් හරියට reverse කරන්නවද?
– වාහනයක් ඉස්සරහ කරනකොට Side mirror පරික්ෂා කරනවාද?
– මාර්ගය අවධානයෙන් නිරීක්ෂණය කරනවද?
– සුක්කානම නිවැරදිව හසුරනවද?
වගේ දේවල් ඔයාට පුලුවන්ද කියලා බලනවා.

Driving test එකේදි auto gear වාහනයක් drive කරන්නේ කොහොමද?

ඔයාගේ functions වලට බාධාවෙන්නේ නැති විදිහට සුදුසු ඇඳුමකින් සැරසෙන්න ඕනේ. මොකද වාහනයක් පදිද්දි එක mistake එකක් හෝ අවහිරයක් ඇති ලොකු අනතුරක් වෙන්න හැකියාව තියෙනවා. ඔයා වාඩි වෙලා seat belt හරියට දාගෙන side mirror වලින් පසු පස පාර හරියට පේනවද කියලා බලන්න. මේ දේවල් ඔයා test එකේදී විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතයේදීත් සිදු කරන්න ඕනේ. ඒ වගේම වාහනයේ brake එක පාගන්න ඕනේ දකුණු කකුලින්.

ඒ වගේම වහනය start කරන්න කලින් Gear එක පරික්ෂා කරන්න ඕනේ. මොකද අපිට වාහනයක් start කරන්න නම් gear එක තියෙන්න ඕනේ parking එකේ. ඊට පස්සේ වාහනය key එකෙන් start කරන්න ඕනේ. වාහනය start කළාට පස්සේ gear එක drive ඒකට දාන්න ඕනේ. වාහනය මාර්ගයට දානකොට අදාළ signal light එක දාන්න. වාහනය මාර්ගයට දාන්න කලින් hand brake පහළට ඇදලා පාරේ වාහන අඩු නම් විතරක් වාහනය පාරට දාන්න.

මාර්ගයේ සුදු කඩ ඉර තියෙනවා නම් අනිත් වාහන ඉස්සරහා කරන්න ඔයාට පුළුවන්. නමුත් මාර්ගයේ සුදු දිගු ඉර තියෙනවා නම් ඒ අවස්ථාවේදී ඔයාට වාහන ඉස්සරහා කරන්න බැහැ. ඒ වගේම මාර්ගය අයිනේ දිගු ඉර තියෙනවා නම් වාහනය ඒ අසළ නැවැත්වීමට හැකියාවක් නැහැ.

වාහනය යම් දුරක් ගමන් කළාට පසුව පරීක්ෂකයා වාහනය පාරේ අයිනේ නවත්වන ලෙස දැනුම් දෙනවා. මේ අවස්ථාවේදී ඔයා වහනය එක පාරට නවත්වන්න හොඳ නැහැ. මුලින්ම කරන්න ඕනේ signal light දාලා මාර්ගය නිර්ක්ෂණය කරලා වාහනය නැවැත්වීමට සුදුසු ඉඩක් තියෙන තැනක් වේගය අඩු කරලා නවත්වන්න ඕනේ.
ඒ වගේම ඔයා වාහනයෙන් බහින්න කලින්,
– සුක්කානම කෙලින් තියන්න
– Signal light off කරන්න
– Hand brake උඩට අදින්න
– Gear එක parking එකේ තියන්න
අමතක කරන්න එපා.මේ දේවල් හරියට සිදු කලොත් ඔයාට driving test එකෙන් pass වෙන්න පුළුවන්.

මේ විදිහට තමයි driving test එකේදී auto gear වාහනයක් drive කරන්නේ. ඔයත් driving test එකට යනවා නම් අද අපි කිව්ව steps හරියට follow කරන්න. එහෙම වුණොත් ඔයාට ලේසියෙන්ම driving test එකෙන් pass වෙන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Yaris Cross HEV 2025 for Sale

Toyota Yaris Cross HEV 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 22,500,000
3 weeks ago
Honda Vezel 2017 for Sale

Honda Vezel 2017

170,920 km, Batticaloa
MEMBER
Rs 12,200,000
1 minute ago
Suzuki Swift 2016 for Sale

Suzuki Swift 2016

131,000 km, Colombo
MEMBER
Rs 6,500,000
1 minute ago
Toyota Corolla 1999 for Sale

Toyota Corolla 1999

232,000 km, Colombo
MEMBER
Rs 4,300,000
2 weeks ago
Honda Vezel Z 2025 for Sale

Honda Vezel Z 2025

7 km, Colombo
verified MEMBER
Rs 19,500,000
1 week ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Genuine Power Steering Pump for Sale

Genuine Power Steering Pump

verified MEMBER
Rs 20,000
2 minutes ago
Toyota KDH 2010 Dashboard Cover for Sale

Toyota KDH 2010 Dashboard Cover

MEMBER
Rs 7,000
12 minutes ago
Japan Nut and Bolts for Sale

Japan Nut and Bolts

MEMBER
Rs 300
49 minutes ago
Pinion Accessories for Sale

Pinion Accessories

MEMBER
Rs 85,000
53 minutes ago
+ Post an ad on ikman