අනතුරු නොවන විදිහට වාහනයක් Drive කරන්නේ මෙහෙමයි

01 Dec, 2023   
අනතුරු නොවන විදිහට වාහනයක් Drive කරන්නේ මෙහෙමයි

වාහන අනතුරු වලට මූලිකම හේතුව තමයි නොසැළකිලිමත්ව drive කිරීම. ඉතින් පරිස්සමින් වාහනය drive කළොත් ඔයාට අනතුරු වෙන එක වළක්වා ගන්න පුළුවන්. ආරක්ෂිතව drive කළොත් ඔයාට වගේම ඔයාගේ පවුලේ අයවත් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා සැළකිලිමත්ව වාහනය drive කරනවා නම් පාරේ යන අනිත් අයත් ආරක්ෂා වෙනවා.ඉතින් CarsGuide අපි අද කියන්නේ අනතුරු නොවෙන විදිහට වාහනයක් drive කරන විදිහ ගැන.

අනතුරු වෙන්න පුළුවන් තැන් හඳුනාගන්න

මුලින්ම ඔයා අනතුරක් වෙන්න පුළුවන් ස්ථාන කලින් දැනගන්න ඕනේ. අන්න ඒ ස්ථාන වල ඔයා වාහනය ගොඩක් පරිස්සමින් drive කරන්න ඕනේ. විශේෂයෙන්ම ලොකු වංගුවක් ළඟ, bus holt එකක් ළඟ වගේම කහ ඉර ළඟදීත් ඔයා විශේෂ සැළකිල්ලක් දක්වන්න ඕනේ. මොකද ඒ වගේ ස්ථාන කියන්නෙම වාහන අනතුරක් වෙන්න පුළුවන් අවදානම වැඩි තැන්. මොකද කොයි වෙලාවේ වාහනයක් එයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම කුඩා දරුවන් පාර මාරු වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා ඒ තැන් වලදී විශේෂ අවධානයකින් වාහනය drive කරන්න මතක තියාගන්න.

වංගු වලදී පරිස්සම් වෙන්න

වංගු සහිත පාරවල් වලදී වේගයෙන් drive කරන ගමන් වාහනය හරවන්න හොඳ නැහැ. වංගු වල drive කරනකොට පාරෙන් පිට යන්න පුළුවන් වගේම ඉදිරිය කෙළින් ඔයාට පේන්නේ නැති නිසා අනතුරු වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා වංගු වල drive කරනකොට වේගයෙන් drive කරන්නේ නැතුව ඒ තැන් වලදීත් විශේෂ අවධානයක් ලබා දෙන්න.

ගමන් කරන මාර්ගය ගැන සැළකිලිමත් වෙන්න

ඔයා ගමන් කරන මාර්ගය ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා යන්නේ කැලෑබද පාරකද, නාය යාම් වැඩි පාරකද ඒ වගේම සතුන් වැඩිපුර ගැවසෙන පාරකද කියන එක ගැන ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ වගේ පාරවල් වලදී ඔයාට අනතුරක් වෙන්න පුළුවන් chance එක වැඩියි.

වාහන අතර නියමිත දුර තියාගන්න

ඔයා වාහනය drive කරනකොට ඔයාගේ වාහනයයි ඉදිරියෙන් තියෙන වාහනයයි අතර නියමිත දුරක් තියාගෙන වාහනය drive කරන්න. මොකද ඉස්සරහින් යන කෙනා brake කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වේලාවකදී ඔයාට ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම drive කරනකොට නියමිත දුරක් තියාගන්න. ඒ වගේම drive කරනකොට ඔයාගේ focus එක සම්පූර්ණයෙන්ම පාරට දෙන්න. වැස්ස දවස් වලදී මේ ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න. ඒ වගේ දවස් වලදී ඔයා සාමාන්‍ය දුරට වඩා දෙගුණයක් දුර තියාගෙන drive කරන්න මතක තියාගන්න.

මාර්ග නීති පිළිපදින්න

පාරේ අනතුරු සිදු වෙන්න ප්‍රධානම හේතුව තමයි මාර්ග නීති පිළිනොපැදීම. පාරේ ඉරි කැපීම මඟින් වුණත් විශාල අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම turn signals භාවිතා නොකිරීම, අවිධිමත් හැරවීම් නිසාත් අනතුරු වෙන්න පුළුවන්. ඉතින් ඔයා වාහනය drive කරනකොට අනිවාර්යයෙන්ම මාර්ග නීති පිළිපදින්න. ඒකෙන් ඔයා වගේම පාරේ යන අනිත් අයත් ආරක්ෂා වෙනවා.

අවධානය තියාගන්න

සමහර අය වාහනය drive කරන ගමන් phone එකෙන් කතා කර කර යනවා. එහෙමත් නැත්නම් වාහනය drive කරන ගමන් message කරනවා. ඉතින් මේ විදිහට ඔයා අවධානය වෙන පැත්තකට යොමු කරන එකෙන් වෙන්නේ ඔයාව අනතුරට පත් වෙන එක.

ඔයා වාහනය drive කරනකොට අඩුම phone එකෙන් කතා කරන්නවත් එපා. මොකද ඔයා පාරෙන් ඇස් දෙක ඉවතට ගන්න තප්පරයකදී විශාල අනතුරක් වෙන්න පුළුවන්. ඔයාට අත්‍යාවශ්‍යම call එකක් ගන්න තියෙනවා නම් හරි, එහෙමත් නැත්නම් ඔයාගේ අත්‍යාවශ්‍ය වැඩක් කරන්න තියෙනවා නම් හරි වාහනය නවත්තලා කරන එක තමයි වඩාත් සුදුසු.

වේග සීමා අනුගමනය කරන්න

පාරේ වේග සීමා ලකුණු කරන්නේ නිකම් නෙමෙයි. වාහනය drive කරන්න සුදුසුම වේගය තමයි එහෙම ලකුණු කරන්නේ. ඔයා වාහනය drive කරන වේගය වැඩි වෙනකොට අනතුරක් වළක්වා ගන්න අවශ්‍ය කාලයත් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා නියමිත වේග සීමාවන් අනුගමනය කරන්නත් අමතක කරන්න එපා.

මත්පැන් භාවිතයෙන් වළකින්න

ගොඩක් අය කරන වැරද්දක් තමයි බීමත්ව වාහනය drive කරන එක. මත්පැන් භාවිතය නිසාත් මාර්ග අනතුරු ගොඩක් වෙනවා. ඔයා මත්පැන් භාවිතා කරලා ඉන්න වෙලාවක වාහනය drive කරන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේ වෙලාවට ඔයා වාහනය drive කරන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම. මොකද ඒකෙන් ඔයාට වගේම පාරේ ගමන් කරන අනිත් අයටත් අනතුරක් වෙන්න පුළුවන් chance එක වැඩියි.

මෙන්න මේ විදිහට තමයි ඔයා අනතුරක් නොවන විදිහට වාහනයක් drive කරන්න ඕනේ. දැන් ඔයාටත් මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා පරිස්සමින් වාහනය drive කරන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux LN 107 1994 for Sale

Toyota Hilux LN 107 1994

336,000 km, Colombo
MEMBER
Rs 6,650,000
1 week ago
Mitsubishi Montero Sport 2011 for Sale

Mitsubishi Montero Sport 2011

99,000 km, Colombo
MEMBER
Rs 16,500,000
1 week ago
Toyota Hilux 2016 for Sale

Toyota Hilux 2016

71,766 km, Colombo
MEMBER
Rs 18,500,000
1 week ago
Toyota Land Cruiser Prado TZ Auto 2003 for Sale

Toyota Land Cruiser Prado TZ Auto 2003

139,000 km, Matara
verified MEMBER
Rs 17,500,000
1 week ago
Suzuki Spacia 2016 for Sale

Suzuki Spacia 2016

105,200 km, Gampaha
MEMBER
Rs 6,600,000
2 weeks ago
Auto Parts for saleikman logo
Suzuki Every Da17 Hood for Sale

Suzuki Every Da17 Hood

verified MEMBER
verified
Rs 168,000
46 minutes ago
Toyota Aqua Side Mirror for Sale

Toyota Aqua Side Mirror

verified MEMBER
verified
Rs 17,000
47 minutes ago
Mitshubshi Bola Rosa Driver Door for Sale

Mitshubshi Bola Rosa Driver Door

verified MEMBER
verified
Rs 32,000
47 minutes ago
Wagon r 55 s FZ front buffer for Sale

Wagon r 55 s FZ front buffer

verified MEMBER
verified
Rs 32,000
47 minutes ago
+ Post an ad on ikman