Steering wheel එක නිවැරදිව පාලනය කරමු

26 Jan, 2024   
Steering wheel එක නිවැරදිව පාලනය කරමු

ඔබ දන්නවද? වාහනයක steering system එක සහ direction එක control කරන්න භාවිතා වෙන්නේ, steering wheel එක. මේක front wheels හරහා වාහනය control කරන්න linkage system එකකින් සමන්විත වෙනවා. Steering wheel එකේ ප්‍රධානම කාර්යය වෙන්නේ, driver ට අවශ්‍ය විදිහට වාහනය හැරවීම, directional stability එක වගේ දේවල්. ඉතින් මෙච්චර වැදගත්කමක් තියෙන steering wheel එක control කරන විදිහ ගැන දන්නවද? අනිවාර්යයෙන් ඔබ ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා CarsGuide තුළින් අපි අද ඔබට කියන්නේ, වාහනයේ steering wheel එක නිවැරදිව control කරන්නේ කොහොමද කියලා.

වාහනයක් පාරට දාන්නේ කොහොමද?

වාහනයක් පාරට දානකොට, දකුණු පැත්තේ side mirror එක හොඳින් check කරන්න. පාර clear එකට තියෙනවා නම්, signal දාලා ක්‍රමයෙන් වාහනය පාරට දාගන්න ඕනේ. පාරට ආවට පස්සේ, signal light off කරන්න.

Steering wheel එක control කරන්නේ කොහොමද?

පාරේ ඉදිරියට ගමන් කරනකොට steering wheel එක handle කරන්න යම් ක්‍රමවේදයක් තියෙනවා. නිතරම steering wheel එක පද්දමින් යන්නේ නැහැ. ඒ මොහොතේ පාරේ තියෙන ස්වභාවය අනුව තමයි සාමාන්‍යයෙන් steering wheel එක control කරන්නේ.

Speed එක අඩුවෙන් තියාගන්න

කෙළින්ම drive කරන්න ඕනේ නම්, steering wheel එක කෙළින් තියාගන්න. පුරුදු නැති කෙනෙක් නම්, steering wheel එක handle කරනකොට, සාමාන්‍ය speed එකක් තමයි පවත්වා ගන්න ඕනේ. මොකද වැඩි speed එකක් තියාගත්තොත්, ඉක්මනින් ක්‍රියා කරන්න වෙනවා. ඒ වගේම ඉදිරියෙන් යන වාහන වලට වඩා අඩු speed එකක් තියාගන්න ඕනේ. ඒකෙන් overtake කරන එක ඔබට පහසු වෙනවා. ඉදිරියෙන් යන වාහනය brake කරනවා නම්, අනිවාර්යයෙන්ම brake light පත්තු වෙනවා. එතකොට ඔබත් නිවැරදිව steering wheel එක control කරන්න ඕනේ.

Overtake කරන්නේ කොහොමද?

වාහනයක් overtake කරන්න කලින් හොඳ නිරීක්ෂණයක් ලබා ගන්න ඕනේ. ඒකට දකුණු පැත්තේ තියෙන side mirrors හොඳින් check කරන්න. ඊට පස්සේ, signal light on කරලා තමයි overtake කරන්න ඕනේ. Overtake කළාට පස්සේ, අවශ්‍ය lane එකට වාහනය ගන්නකොට signal light දාන්න. අදාළ lane එකට ආවට පස්සේ, signal light off කරන්න.

Speed එක අඩු වැඩි කරන්න

Steering wheel එක control කරනකොට අතට ලොකු weight එකක් ගන්න එපා. සැහැල්ලුවෙන් තමයි ඒක කරන්න ඕනේ. පාරේ ස්වභාවය අනුව steering wheel එක හරවනකොට ලොකු හැරවීමක් කරන්නෙත් නැහැ. මෙතනදි steering wheel එකේ ඒකාකාරී වේගයක් තමයි තියාගන්න ඕනේ. ඒ කියන්නේ speed එක අඩු කරනවා, වැඩි කරනවා. හැබැයි ඒ ක්‍රමය යොදා ගන්නේ, පාරේ traffic එකක් ඇති වුණු වෙලාවකදී විතරයි. ඉදිරි පාර clear නම්, traffic එකක් නැත්නම්, speed එක අඩු වැඩි කරන්න ඕනේ නැහැ.

මාර්ග සංඥා පිළිපදින්න

පදික මාරුවක් තියෙන තැන් වලදී නම් ඔබ වාහනය drive කරනකොට ගොඩක් සැළකිලිමත් වෙන්න. ප්‍රධාන පාරකදී drive කරනකොට, ලොකු ලොකු දේවල් නම් කරන්න යන්න එපා. විශේෂම දේ තමයි, පාරේ තියෙන මාර්ග සංඥා ගැන හොඳ අවබෝධයක් තියාගෙන ඒ දේවල් හරිම විදිහට පිළිපදින එක.

මේ විදිහට තමයි, වාහනයක steering wheel එක control කරන්න ඕනේ. මීට පස්සේ ඔබටත් පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය drive කරන්න. මොකද මේ Article එකෙන් steering wheel එක නිවැරදිව control කරන විදිහ ගැන ඔබට දැන ගන්න ලැබුණානෙ. ඉතින් අමතක නොකර steering wheel එක ගැන අපි අද කියපු දේවල් follow කරන්න

Similar Advices



1 comment

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range Autobiography 2018 for Sale

Land Rover Range Autobiography 2018

28,000 km, Gampaha
MEMBER
Rs 69,500,000
2 days ago
Toyota Aqua G Grade 2013 for Sale

Toyota Aqua G Grade 2013

126,000 km, Gampaha
MEMBER
Rs 8,550,000
1 day ago
Honda Vezel 2017 for Sale

Honda Vezel 2017

170,920 km, Batticaloa
MEMBER
Rs 12,200,000
7 minutes ago
Suzuki Swift 2016 for Sale

Suzuki Swift 2016

131,000 km, Colombo
MEMBER
Rs 6,500,000
7 minutes ago
Toyota Corolla 1999 for Sale

Toyota Corolla 1999

232,000 km, Colombo
MEMBER
Rs 4,300,000
2 weeks ago
Auto Parts for saleikman logo
Toyota Prius Hybrid Battery for Sale

Toyota Prius Hybrid Battery

verified MEMBER
verified
Rs 430,000
5 days ago
Genuine Power Steering Pump for Sale

Genuine Power Steering Pump

verified MEMBER
Rs 20,000
9 minutes ago
Toyota KDH 2010 Dashboard Cover for Sale

Toyota KDH 2010 Dashboard Cover

MEMBER
Rs 7,000
18 minutes ago
Japan Nut and Bolts for Sale

Japan Nut and Bolts

MEMBER
Rs 300
55 minutes ago
Pinion Accessories for Sale

Pinion Accessories

MEMBER
Rs 85,000
1 hour ago
+ Post an ad on ikman